ඉරානයට එරෙහි ප්‍රහාරවලට තම හමුදා කඳවුරු භාවිත කරන්න ඉඩ දෙන්න බැහැ කියූ ස්පාඤ්ඤයට ට්‍රම්ප් තර්ජනය කරයි..
ඉරානයට එල්ල කරන ප්‍රහාරවලට අදාළ මෙහෙයුම් සඳහා අමෙරිකානු හමුදාවට එරට කඳවුරු භාවිත කිරීමට ඉඩ දීම ස්පාඤ්ඤය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, එරටට එරෙහිව පූර්ණ වෙළෙඳ සම්බාධක පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබේ.
ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් (Friedrich Merz) සමග පැවැති හමුවකදී මාධ්‍යවේදීන් අමතමින් ට්‍රම්ප් පැවසුවේ, "ස්පාඤ්ඤය ඉතාමත් නරක ලෙස කටයුතු කර ඇති" බවයි.
ස්පාඤ්ඤය සමග පවතින "සියලුම ගනුදෙනු නතර කරන ලෙස" තමා මහා භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට්ට (Scott Bessent) දැනුම් දුන් බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
දකුණු ස්පාඤ්ඤයේ රොටා (Rota) සහ මොරොන් (Moron) හමුදා කඳවුරු ඉරානයට පහර දීම සඳහා භාවිත කිරීමට ඉඩ නොදෙන බව එරට සමාජවාදී නායකත්වය ප්‍රකාශ කිරීමෙන් පසු, අමෙරිකාව විසින් ඉන්ධන පිරවුම් ටැංකි ඇතුළු ගුවන් යානා 15ක් එම කඳවුරුවලින් ඉවත් කර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
සියලුම නේටෝ සාමාජිකයින් ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 5ක් ආරක්ෂක වියදම් සඳහා වෙන් කළ යුතු බවට අමෙකාව කළ ඉල්ලීම ස්පාඤ්ඤය නොසලකා හැරීම පිළිබඳවද ට්‍රම්ප් මෙහිදී සඳහන් කර තිබේ.
"ස්පාඤ්ඤයට අදාළ සියලුම ව්‍යාපාර නතර කිරීමට මට අයිතියක් තිබෙනවා. සම්බාධක පැනවීම හෝ මට අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට පුළුවන්. අපි ස්පාඤ්ඤය සම්බන්ධයෙන් එය සිදු කිරීමට ඉඩ තිබෙනවා," යනුවෙන් ඔහු පවසා ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා