
විදෙස් රාජ්‍යයන් රුසියාවට ගෙවිය යුතු ණය ප්‍රමාණය ලෝක බැංකුව හෙළි කරයි
ලෝක බැංකුවේ වාර්ෂික ජාත්‍යන්තර ණය වාර්තාවේ (IDR) දත්ත උපුටා දක්වමින් රුසියානු මාධ්‍ය ඊයේ (16) වාර්තා කළේ 2022 වර්ෂයේදී විදෙස් රාජ්‍යයන් රුසියාවට ගෙවිය යුතු විදේශ ණය ප්‍රමානය 9% කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.
ලෝක බැංකුවේ හෙළිදරව් කිරීමට අනුව, පසුගිය වසරේ රාජ්‍යයන් 37 ක් රුසියාවට ණය ගෙවීමට ඇති අතර එය ඩොලර් බිලියන 28.9 ක අගයක් ගෙන තිබේ. එම අගය අතර එය 2021 සිට ඩොලර් බිලියන 2.3 (හෝ 8.7%) වැඩිවීමක් සලකුණු කරයි. එම සංඛ්‍යාලේඛනවලට මෙම රාජ්‍යන්වල පුරවැසියන් රුසියානු පුරවැසියන්ට ගෙවීමට ඇති ණයද ඇතුළත් වේ. එලෙසම එම ණය ඕනෑම මුදල් ඒකකයක්, භාණ්ඩ හෝ සේවාවක් භාවිත කර ආපසු ගෙවීමට යටත් වේ.
2022 වර්ෂය අවසානය වන විට රුසියාවේ විශාලතම ණයගැතියන් අතර බෙලාරුස් (ඩොලර් බිලියන 8.24), බංග්ලාදේශය (ඩොලර් බිලියන 5.86), ඉන්දියාව (ඩොලර් බිලියන 3.75), ඊජිප්තුව (ඩොලර් බිලියන 1.82) සහ වියට්නාමය (ඩොලර් බිලියන 1.39)ක් ලෙස ඉහලින්ම සිටියේය.
එම ණය බොහෝමයක් රුසියානු රජයෙන් සහ එහි ආයතනවලින් ලබාගත් ණය ඇතුළුව දිගුකාලීනව රාජ්‍ය සහතික කළ වගකීම් ය. ආර්ජන්ටිනාවේ (ඩොලර් මිලියන 8ක් පමණ), අයිවරි කෝස්ට් (ඩොලර් මිලියන 41ක්) සහ තුර්කියේ (ඩොලර් මිලියන 50ක්) පමණක් එවැනි වගකීම් පිළිබඳව සටහන්වේ. කෙසේ වුවද වාර්තාවට අනුව වාණිජ බැංකු ඇතුළු පුද්ගලික රුසියානු ණය හිමියන් ලබා දී ඇති ණය සාපේක්ෂව කුඩාය.
IDR විසින් ලෝක බැංකු ණය වාර්තාකරණ පද්ධතියට (DRS) වාර්තා කරන අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල් 122ක් සඳහා බාහිර ණය සංඛ්‍යාලේඛන සහ විශ්ලේෂණ සපයන අතර සම්ප්‍රදායිකව මෙම රටවල මුදල් අමාත්‍යාංශ සහ මහ බැංකු විසින් සපයන ලද සංඛ්‍යාලේඛන මත පදනම් වේ. කෙසේ වුවද IDR කියුබාවේ සහ වෙනිසියුලාවේ විදේශ ණය පිළිබඳ දත්ත සපයන්නේ නැත.
රුසියාවේ මුදල් අමාත්‍යාංශය රටේ ණයගැති රාජ්‍යයන් පිළිබඳ නිශ්චිත දත්ත හෙළි නොකරයි. රුසියානු මහ බැංකුව අවසන් වරට අනේවාසිකයින්ගේ ණය පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කළේ 2022 ජනවාරි මාසයේදී වන අතර එය දළ වශයෙන් ඩොලර් බිලියන 49 ක් ලෙස ගණන් බලා ඇත. RBK විසින් උපුටා දක්වන ලද ඇස්තමේන්තු මත පදනම්ව, 2021 දී රුසියාව සංවර්ධනය වෙමින් පවතින රටවලට විශාලතම ස්වෛරී ණය දෙන්නන් අතර පස්වන ස්ථානයට පත්විය.
මේ වසරේ ජූලි මාසයේදී රුසියාව නිවේදනය කළේ අප්‍රිකානු රාජ්‍යයන් විසින් ගෙන ඇති ඩොලර් බිලියන 23ක් වටිනා ණය කපා හැර ඇති බවයි. ශාන්ත පීටර්ස්බර්ග් හි පැවති රුසියානු-අප්‍රිකා සමුළුවේදී අදහස් දක්වමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් කියා සිටියේ මෙම පියවර මගින් රුසියාවට අප්‍රිකානු රටවල සමහර සුළු මූල්‍ය වගකීම් හැර සමස්ත වගකීම් වලින් 90% ක් පියවා ඇති බවයි.
https://www.rt.com/business/589117-world-bank-russia-debtors/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
