News Category
From Date
To Date
Maximum Number of Result

ඇමරිකාවේ ගණන් බැලීම් වැරදුණාද?.. ඉරානය මේ තරම් අවදානමක් ගන්නේ ඇයි?

Mar 3, 2026 at 05:39 AM
|

අපේ රටේ බොහෝ දෙනෙක් ලෝක දේශපාලනය ගැන උනන්දුයි. විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ සිදුවන වෙනස්කම් අපේ රටේ ආර්ථිකයටත් සෘජුවම බලපාන නිසා, මේ ගැන කතා කිරීම කාලෝචිතයි කියලා මම හිතනවා. මෙය විග්‍රහය හුදෙක් ඉරාන යුද්ධය ගැන තව කතාවක් නෙමෙයි. මෙය ලෝක බලවතුන්ගේ උපායමාර්ගික වැරදීම් සහ ඒ හරහා මුළු මහත් ලෝකයටම විඳින්නට සිදුවන ප්‍රතිවිපාක ගැන බය හිතෙන කතාවක්. 

ඇමරිකාවේ ගණන් බැලීම් කොතැනද වැරදුණේ? ඉරානය මේ තරම් ශක්තිමත්ව මුහුණ දෙන්නේ කොහොමද? අපි මේ ලිපියෙන් ඒ ගැන දීර්ඝව සාකච්ඡා කරමු.

ඕනෑම යුද්ධයකදී දෙපාර්ශවයම උත්සාහ කරන්නේ තමන් ජයග්‍රහණය කරන බව ලෝකයට පෙන්වීමට. නමුත් පසුගිය දින කිහිපය තුළ මැදපෙරදිගින් ඇසෙන පුවත් දෙස බලන විට පෙනී යන්නේ ඇමරිකාව බලාපොරොත්තු වූ දෙයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් සිදුවෙමින් පවතින බව නේද? 

මෙය ඇමරිකාව විසින් සිදුකළ මහා පරිමාණයේ "උපායමාර්ගික වැරදි ගණන් බැලීමකි!"  සාමාන්‍යයෙන් ඇමරිකාව වැනි රටක් යුද්ධයකට යන්නේ ඉතාමත් සූක්ෂම සැලසුම් ඇතිව. ඒ ගණන් බැලීම් අනුව මෙවර ඔවුන් සිතුවේ ඉරානයට දැඩි ප්‍රහාරයක් එල්ල කරන විට, ඔවුන් බිය වී පසුබසිනු ඇති බව!

එහෙත් සිදු වූයේ එහි අනෙක් පැත්ත. ඉරානය පසුබසිනවා වෙනුවට, කලාපය පුරා ඇති ඇමරිකානු කඳවුරු වලට සහ ඔවුන්ගේ මිත්‍ර රට වලට පවා අභීතව ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්තා.. මෙතැනදී අපට පෙනෙන ප්‍රධානම කරුණ නම්, ඇමරිකාව ඉරානයේ "නොනැමෙන ශක්තිය" නිවැරදිව තක්සේරු කර නොමැති බවයි.

සමහරු අහන ප්‍රශ්නයක් තමයි, ඉතින්  ඉරානය සහ ඇමරිකාව අතර සාකච්ඡා මාර්ගයෙන් විසඳුමකට එන්නට අවස්ථාවක් තිබුණද කියල!

ඔව්, ඇත්තටම ඉතාමත් හොඳ අවස්ථාවක් තිබුණා..  යුධ විශාරදයන් පෙන්වා දෙන ආකාරයට, ඇමරිකාව ප්‍රහාරය ආරම්භ කිරීමට හරියටම දිනකට පෙර, පෙබරවාරී 27 වෙනිදා ඕමාන විදේශ අමාත්‍යවරයා හරහා, ඉතා වැදගත් පණිවිඩයක් ඉරානයෙන් ලැබී තිබුණා!

ඉරානය එම පණිවිඩයෙන් පවසා තිබුණේ ඔවුන් යුරේනියම් 'Reprocessing' ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නතර කිරීමටත්, ඔවුන් සතු න්‍යෂ්ටික තොග ඉවත් කිරීමටත් සූදානම් බව! මෙය මීට පෙර කිසිම දිනක ඉරානය එකඟ නොවූ මට්ටමේ අති විශාල සහනයක්.. 

නමුත් ට්‍රම්ප් පරිපාලනය එම රන්මය අවස්ථාව මඟ හැරියා. ඒ වෙනුවට ඔවුන් තෝරා ගත්තේ යුද්ධය.. ඉන් පෙනී යන්නේ ඇමරිකාවට අවශ්‍ය වී තිබුණේ සාකච්ඡාවක් නොව, ඉරාන පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ දැඩි උත්සාහය පමණක් බව!

යුද්ධයකදී තාක්ෂණය සහ අවි ආයුධ වගේම වැදගත් දෙයක් තමයි මිනිසුන්ගේ මානසිකත්වය. ඉරාන නායකයා ඝාතනය කිරීම හරහා ඉරානය ඇතුළත සහ මුළු මහත් ෂියා මුස්ලිම් ලෝකය පුරා දැන් අති විශාල පිබිදීමක් ඇති වී තිබෙනවා.

ඉරාන නායකයා ආරක්ෂිත බංකරයකට නොගොස්, තමන් සිටින ස්ථානය ලෝකයටම පෙනෙන්නට හැරියේ "දිවි පිදූවෙකු" වීමේ අරමුණින් විය හැකි බවට ඔවුන්ගේ විග්‍රහයක් තිබෙනවා. මෙහි ප්‍රතිඵලය වූයේ ඉරාන රජයට එරෙහිව සිටි සාමාන්‍ය ජනතාව පවා, විදේශීය ආක්‍රමණ හමුවේ තම රට වෙනුවෙන් එකට අත්වැල් බැඳගැනීම! 

ඇමරිකාව සිතුවේ නායකත්වය විනාශ කළ විට ජනතාව කැරලි ගසනු ඇති බව. නමුත් ඇත්ත වශයෙන්ම සිදු වූයේ ඉරාන ජනතාව තම නායකත්වය වටා වඩාත් ශක්තිමත්ව රොක් වීම. අපේ රටේ වගේම ලෝකයේ බොහෝ දෙනෙක් සිතන්නේ, ඇමරිකාවට ඕනෑම කාලයක් යුද්ධයක් පවත්වා ගෙන යාමට සම්පත් තිබෙන බව. නමුත් සත්‍යය එය නොවෙයි. 

පසුගිය වසර හතර පුරාම ඇමරිකාව තම ආයුධ ගබඩා වලින් විශාල ප්‍රමාණයක් යුක්රේනයට ලබා දුන්නා. ඇමරිකාව ආයුධ නිපදවන වේගයට වඩා වේගයෙන් ඒවා යුද්ධ වලදී වැය වෙමින් පවතිනවා.. ඉරානය එල්ල කරන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර වැළැක්වීමට භාවිතා කරන 'පේට්‍රියට්' වැනි මිසයිල ඉතා මිල අධිකයි වගේම ඒවා සීමිතයි.

ඉරානය සතුව දස දහස් ගණනින් ලාභදායී ඩ්‍රෝන යානා තිබෙනවා. ඔවුන් මේවා දින ගණනාවක් තිස්සේ දිගින් දිගටම එල්ල කළහොත්, ඇමරිකාවට තම ආරක්ෂක මිසයිල අවසන් වීමේ අවදානමකට මුහුණ දීමට සිදු වෙනවා. මෙය ඇමරිකාවට ඉතාමත් අවාසිදායක තත්ත්වයක්!

ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා ලෝකයේ ඕනෑම තැනක බලය පතුරුවන්නට සමත් වුවත්, පටු මුහුදු තීරයන් සහිත මැදපෙරදිග කලාපයේදී ඒවා ඉරාන මිසයිල වලට ලෙහෙසියෙන් ඉලක්ක විය හැකියි. හොර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හරහා ලෝක තෙල් වෙළඳාමට එල්ල වන බලපෑම සුළුපටු නැහැ. 

දැනටමත් තෙල් නැව් කිහිපයකට ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වෙනවා.. මෙය සෘජුවම ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාමට හේතු වන අතර, අපේ රට වැනි රට වලට එහි බලපෑම ඉතා තදින් දැනෙනු ඇත! එසේම ඇමරිකානු ජනතාව තවදුරටත් තමන්ගේ දූ දරුවන් විදේශීය යුද්ධ වලදී මියයනවා දකින්නට කැමති නැහැ. විශේෂයෙන්ම "පොළොව මත හමුදා සේනාංක" නොමැතිව ගුවනින් පමණක් පහර දී යුද්ධයක් ජයග්‍රහණය කළ නොහැකි බව යුධ විශාරදයන් අවධාරණය කරනවා.. 

ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ට්‍රම්ප් දැන් සාමය ගැන කතා කළත්, ඉරානය පවසන්නේ දැන් ඒ සඳහා ප්‍රමාද වැඩි බව. ඔවුන් දැන් උත්සාහ කරන්නේ ඇමරිකාවට සහ ඔවුන්ගේ කලාපීය මිත්‍රයන්ට ඊශ්‍රායලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේන් හා සෞදි අරාබිය වැනි රට වලට වැනි උපරිම වේදනාවක් ලබාදීමට! ඒ නිසා අපේ රටේ විදේශගත ප්‍රජාව මේ කරුණු ගැන තමන්ගේම කියැවීමක් කළ යුතුයි. 

කෙටියෙන්ම කිව්වොත් ඇමරිකාව දැන් පසුවන්නේ ඉතාමත් අසීරු තැනක. ඔවුන්ට මේ යුද්ධය දිගින් දිගටම කරගෙන යාමට තරම් ප්‍රමාණවත් ආයුධ සහ ජනතා ප්‍රසාදයක් නොමැති අතර.. අතරමග නතර කිරීම ඔවුන්ගේ ලෝක බලවතා යන ප්‍රතිරූපයට හානියක්.

ඕනෑම යුද්ධයක ජයග්‍රහණය තීරණය වන්නේ "සම්පත් කළමනාකරණය" මත. මම කලින් කී ලෙස ඇමරිකාව සතු Patriot (MIM-104) වැනි මිසයිල පද්ධති ලොව දියුණුම තාක්ෂණයෙන් යුක්ත වුවත්, ඒවාට මුහුණ දීමට සිදුව ඇත්තේ ඉතා අඩු පිරිවැයක් සහිත ඉරාන උපක්‍රම වලට. 

ඉරානය භාවිතා කරන Shahed-136 වැනි 'මරාගෙන මැරෙන' ඩ්‍රෝන යානයක පිරිවැය ඩොලර් 20,000 කට ආසන්නයි. නමුත් එය විනාශ කිරීමට ඇමරිකාව භාවිතා කරන එක් මිසයිලයක මිල ඩොලර් මිලියන 2 කට වඩා වැඩියි.

ඉරානය එකවර ඩ්‍රෝන සහ මිසයිල 300-400 ක් පමණ ගුවන්ගත කරන විට, ඇමරිකානු රේඩාර් පද්ධති වලට සහ පරිගණක ඇල්ගොරිතම වලට ඒ සියල්ල හඳුනාගෙන පිළිතුරු දීමට ඇති හැකියාව සීමිතයි. මෙය විද්‍යාවේදී හදුන්වන්නේ "The Swarm Effect" ලෙස! 

සරලව කිවහොත්, ඇමරිකාවේ මිල අධික පේට්‍රියට් මිසයිල ඉවර වන තුරු, ඉරානයට ඔවුන්ගේ ලාභදායී ඩ්‍රෝන එල්ල කළ හැකියි. අවසානයේදී, ආරක්ෂක වැට බිඳුණු පසු ඉරාන මිසයිල ඉලක්ක වෙත ළඟා වේ. 

ඇමරිකාව සතු සුපිරි ගුවන් බලය මගින් ඕනෑම රටක මතුපිට ඇති ඉලක්ක විනාශ කළ හැකි වුවත්, ඉරානය මේ සඳහා සූදානම් වී ඇත්තේ දශක ගණනාවක සිටයි. ඉරානය තම මිසයිල නිෂ්පාදනාගාර සහ ගබඩා පද්ධති පිහිටුවා ඇත්තේ මීටර් 500ක් දක්වා ගැඹුරු ඝන පාෂාණමය කඳු පතුළේ. මෙය භූ-තාක්ෂණික ඉංජිනේරු විද්‍යාවේ උච්චතම අවස්ථාවක්. 

සාමාන්‍ය බෝම්බ වලට මෙම ස්ථාන කරා කිසිසේත් ළඟා විය නොහැක. මේවා විනාශ කිරීමට නම් 'Bunker Buster' බෝම්බ දහස් ගණනක් අවශ්‍ය වන අතර, ඉරානයේ ඇති භූ විෂමතාවය අනුව ගොඩබිම් හමුදාවක් ඇතුළු කිරීම යනු ඇමරිකාවට සියදිවි නසාගැනීමක් වැනි ක්‍රියාවක්.

අනෙක යුද්ධයක් පවත්වා ගෙන යාමට අවශ්‍ය ඉන්ධන සහ පතොරම් සැපයීමත් අභියෝගයක්. ඇමරිකානු ගුවන් හමුදාවේ C-17 Globemaster සහ C-5 Galaxy වැනි දැවැන්ත ප්‍රවාහන යානා මගින්, ඉන්ධන සහ අවි ප්‍රවාහනය කිරීමේදී "සැපයුම් දාමයේ දුර" ඉතා වැඩියි. ඒත් ඉරානයට එහෙම ප්‍රශ්නයක් නෑ..

ඔවුන්ට තම මව්බිම තුළ සිට සැපයුම් ලබා ගැනීම පහසු වුවත්, ඇමරිකාවට කිලෝමීටර් දහස් ගණනක සිට මේවා ගෙන ඒමට සිදුවෙනවා.. පේට්‍රියට් මිසයිල වැනි උසස් තාක්ෂණික මෙවලම් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය "දුර්ලභ  මූලද්‍රව්‍ය" නැත්නම් 'Rare Earth Elements' හිඟවීම නිසා, යුද්ධය දිග්ගැස්සෙන විට ඇමරිකාවේ ආයුධ නිෂ්පාදන වේගය අඩාල වීම ඉතා සාමාන්‍යයයි.

ඊශ්‍රායලයේ 'Iron Dome' සහ 'Arrow' පද්ධති ලොව දියුණුම ආරක්ෂක පද්ධති වුවත් ඒවායේ "නැවත පිරවීමේ වේගය" සහ "සංවේදක" වලට දැඩි සීමාවන් පවතී. ඉරානය විසින් අධිවේගී "හයිපර්සොනික්" මිසයිල භාවිතා කළහොත්, ශබ්දයේ වේගය මෙන් කිහිප ගුණයක් වේගයෙන් එන එම මිසයිල හඳුනා ගැනීමට සහ විනාශ කිරීමට වත්මන් තාක්ෂණයට ඇත්තේ ඉතා කෙටි කාලයක්, කොටින්ම මිලි තත්පර ගණනක්!

ඒවගේම කියන්න ඕනී, අද සිදුවූ මැදපෙරදිග තෙල් පිරිපහදු සහ පර්යන්ත විනාශ වීම හුදෙක් ආර්ථික ප්‍රශ්නයක් පමණක්ම නොවේ. එය අති දැවැන්ත පාරිසරික විනාශයක්. සාගරයට තෙල් කාන්දු වීම සහ වායුගෝලයට මුදාහැරෙන කාබන් ප්‍රමාණය නිසා, ගෝලීය දේශගුණික විපර්යාස කෙරෙහි ද මෙහි බලපෑම එල්ල වෙනවා.

ඇමරිකාව මුලදී මෙම යුද්ධය "ඉතා පහසු ජයග්‍රහණයක්" ලෙස සිතුවද, ඉරානය සතු භෞතික සම්පත් සහ ඔවුන්ගේ තාක්ෂණික උපක්‍රම හමුවේ එය දීර්ඝකාලීන " යුද්ධයක්" බවට පත්වන බව දැන් දැන් ක්‍රමයෙන් පෙනෙන්නට තිබෙනවා.

ලෝක සිතියම දෙස බලන අපට පෙනෙන්නේ රටවල් දෙකක් අතර ගැටුමක් වුවත්, මෙවර මැදපෙරදිගින් ඇසෙන්නේ දශක ගණනාවක ලෝක බල දේශපාලනයේ මූලධර්ම වෙනස් වන හඬ. මෙය හුදෙක් ප්‍රහාරයක් සහ ප්‍රති-ප්‍රහාරයක් නොව, "යුධ විද්‍යාවේ සහ බලශක්ති දේශපාලනයේ" නව පරිච්ඡේදයක ලියැවීමක් වගෙයි.

ලෝකයේ දිනක තෙල් අවශ්‍යතාවයෙන් 20% කට වඩා ප්‍රවාහනය වන්නේ පටු හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා.. එය වසා දැමීම හෝ එහි යන එන නෞකා වලට පහර දීම යනු ලෝක ආර්ථිකයේ "බ්‍රේක් එක" තද කිරීමයි. ඉරානය විසින් තෙල් නැව් වලට ප්‍රහාර එල්ල කිරීම හුදෙක් බිය වැද්දීමක් නොව, ඇමරිකාවේ මිත්‍ර රටවල විශේෂයෙන්ම යුරෝපයේ සහ ආසියාවේ ආර්ථිකය අඩපණ කර, එම රටවල් ලවාම ඇමරිකාවට යුද්ධය නැවැත්වීමට බලපෑම් කිරීමේ අති ප්‍රභල උපායමාර්ගයක්. මෙය "Energy Geopolitics" හි ඉතා ප්‍රබල අවියක්! 

වැදගත්ම කරුණක් වන්නේ මැදපෙරදිග වැසියන්ගේ, විශේෂයෙන්ම ෂියා මුස්ලිම්වරුන්ගේ "Martyrdom Culture" හෙවත් දිවි පිදීමේ සංස්කෘතිය පිළිබඳව ඇමරිකාවට ඇති නොදැනුවත්කම. ඉරාන උත්තරීතර නායකයා ඝාතනය කිරීම හරහා ඉරාන වැසියන් බිය වනු ඇතැයි ඇමරිකාව සිතුවත්, සිදුවූයේ එහි අනෙක් පැත්ත.  එමගින් නිර්මාණය වූ "දිවි පිදූ වීරයා" වටා මුළු කලාපයම රොක් විය. 

දැන් ප්‍රහාර එල්ල කරමින් "අපි ඉරාන ජනතාවට ආදරෙයි" කීම, ලිබියාවේ හෝ ඇෆ්ගනිස්ථානයේ මෙන් මෙවර ඵල නොදරන බව යුධ විශාරදයන් අවධාරණය කරයි. මේ සංස්කෘතික තත්ත්වය අපිට තේරුම් ගැනීම ලේසීයි,  ප්‍රශ්නයක් එනතුරු ජනතාව එකිනෙකා හා වාද කරමින් සිටියත් "අභියෝගය" ආ පසු එකා මෙන් එකතු වෙනවා. අද ඉරානයේ වෙන්නේත් මේ දෙය.  

යුක්රේන යුද්ධය සඳහා ඇමරිකාව සතු ආයුධ තොග විශාල වශයෙන් වැය වීම බොහෝ දෙනා තවමත් නොදකින කරුණක්. ඇමරිකානු ආරක්ෂක අංශ පවසන පරිදි ඔවුන්ට ඉහළ තීව්‍රතාවයකින් යුත් යුද්ධයක් පවත්වා ගෙන යා හැක්කේ සති 2-3ක් පමණි. ඉන්පසු ඔවුන්ගේ පතොරම් සහ මිසයිල තොග නිෂ්පාදනය කරන වේගයට වඩා වැය වන වේගය වැඩි වේ. ඉරානය වසර 40ක් තිස්සේ සම්බාධක මැද තම දේශීය ආයුධ කර්මාන්තය දියුණු කර ඇත. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඇමරිකාව සති 3 කට වඩා වැඩි කාලයක් මේ යුද්ධයේ රඳවා තබා ගනිමින් ඔවුන්ව "හෙම්බත්" කිරීමටයි.

මැදපෙරදිග මේ සිදුවන දේවල් දෙස බලන විට අපට පැහැදිලි වන කරුණු කිහිපයක් තිබෙනවා.. ඒකක් තමයි බලය පෙන්වා පමණක් ඕනෑම රටක් මෙල්ල කළ නොහැකි බව. එසේම සංස්කෘතික සහ ආගමික පසුබිම අවබෝධ කර නොගෙන ගන්නා තීරණ සැමවිටම වැරදිය හැකි බව. මොකද අවි ආයුධ වලට වඩා මිනිසුන්ගේ නොබිඳෙන අධිෂ්ඨානය යුධ පිටියේදී ඉතා තීරණාත්මක විය හැකියි. 

අවසාන වශයෙන්...ලෝකය දැන් ගමන් කරන්නේ කොතැනටද?  ඇමරිකාව සිතුවේ මෙය දින කිහිපයකින් අවසන් කළ හැකි 'වැඩක්' ලෙස වුවත්, ඔවුන් දැන් පැටලී සිටින්නේ ගැලවිය නොහැකි උගුලකටයි. ඉරානයට ලබා දුන් සාම සාකච්ඡා අවස්ථාව මඟ හැරීම ට්‍රම්ප් පරිපාලනය සිදුකළ බරපතලම උපායමාර්ගික වැරැද්ද විය හැකියි. 

මෙම ගැටුම දිගින් දිගටම ඇදී ගියහොත් ලෝක තෙල් මිල ඉහළ යාම, සැපයුම් දාම බිඳවැටීම සහ නව ලෝක යුද්ධයක සේයාවන් මතු වීම වැළැක්විය නොහැක!  අප තේරුම් ගත යුත්තේ කුමක්ද? තාක්ෂණය කොතරම් දියුණු වුවත්, යුද්ධයක් යනු සම්පත් කළමනාකරණය සහ භෞතික විද්‍යාත්මක සීමාවන් මත තීරණය වන්නකි. ඇමරිකාව සතු ගුවන් බලය ප්‍රබල වුවද, ඉරානය සතු භූගත ශක්තිය සහ අසමමිතික යුධ උපක්‍රම හමුවේ, ජයග්‍රහණය යනු ලෙහෙසි පහසු දෙයක් නොවේ.

ඉතින් මේ කරුණු ගැන ඔබ හිතන්නේ මොකක්ද? ඇමරිකාව ඉරානය සමඟ ගැටුමකට යාම ඔවුන්ගේ ලෝක ආධිපත්‍යය බිඳවැටීමේ ආරම්භයද? නැතිනම් මෙය තාවකාලික පසුබෑමක් පමණක්ද? මැදපෙරදිග මේ යුද්ධය නිසා අපේ රටේ ආර්ථිකයට මොන වගේ බලපෑමක් ඇති වෙයිද?  ඉදිරි තොරතුරු අනුව තවත් විශ්ලේෂණයකින් හමුවෙමු!

©️ සාගර දියගම

(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.