ලංකාවේ ඊශ්‍රායල් යුදෙව් ජනාවාස සෑදීමට අධිරාජ්‍යවාදීන් ගෙනා යෝජනාව පරාජයෙන් කෙලවර වූ අයුරු..!
මෙය ඔබ බහුතරයක් කිසිදිනෙක අසා නැති කතාවක් වන්නට පුළුවන්. ඊශ්‍රායල් පලස්තීන ගැටුම හේතුවෙන් මේ වන විට යුදෙව් ජාතිකයන් හා ඔහුන්ගේ දක්ෂතාවයන් බොහෝ සෙයින් සංවාදයට ලක් වෙමින් තියෙනව.
සියවස් ගණනාවක් පුරාවට යුදෙව්වන්ට තමන්ගේම රාජ්‍යයක් නොමැති වීමෙන් ලොව පුරා අනේකවිධ කරදර හිරිහැරයන්ට ගොදුරු වෙන්න වුණා. යුදෙව්වන්ගේ මුල් බිම වත්මන් ඊශ්‍රායලයම වුණත් රෝම අධිරාජ්‍යයන් ඔවුන් ඒ බිමෙන් පළවා හැර තිබුණා.
යුරෝපයේ විවිධ රාජ්‍යය වල සරණාගතයන් ලෙස දිවි ගෙවපු යුදෙව්වො එම රාජ්‍යයන් වලටත් හිසරදයක් වෙමින් පැවතුණා. ඒ වගේම 1800 ගණන් වල යුරෝපයෙන් පටන් ගත්තු Zionism ව්‍යාපාරය යුදෙව්වන්ට රටක් දිනාගන්න ව්‍යාපාරයක් ආරම්භ කලා.
1940 න් ආරම්භ වුණ දශකය වෙද්දි මේ වෙනුවෙන් ලෝක සිතියමේ රටවල් කීපයකම භූම් යෝජනා වෙලා තිබුණ. මැඩගස්කරය, ඕස්ට්‍රේලියාව වගේම අපේ මව්බිම ලංකාවත් ඒ අතර තිබිල තියෙනව.
මේ අදහස මුලින්ම එළියට එන්නෙ බ්‍රිතාන්‍යයේ පළවෙන මැන්චෙස්ටර් ගාඩියන් (Manchester Gardian) පුවත් පතේ කතුවැකියෙන්. එහි දී ලෝක ප්‍රජාවට යෝජනා කර තිබුණේ, ලංකාවෙ උතුරු නැගෙනහිර දෙපළාත් පලස්‌තීනයේ අසරණව සහ යුරෝපයේ අනාථව සිටින යුදෙව් ජාතිකයින්ගේ වාසභූමි සඳහා යොදාගත යුතු බව.
ලංකාව ඒ වෙද්දි පාලනය කරපු බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙ මූලිකම අවධානය දීල තිබුණෙ වතු වගාවට. ත්‍රිකුණාමල වරාය හැරුණම උතුරු නැගෙනහිරින් ඔවුන්ට ලොකු ආර්ථික වාසියක් ලැබුණෙ නෑ. ඒ වගේම උතුරෙ වැසියන්ගෙන් මේ සම්බන්ධව විරෝධයක් එල්ල නොවුණ බවත් ඒ කතු වැකියෙම ලියවිලා තිබිල තියෙනව.
මේ සම්බන්ධව විරෝධය එල්ල වෙන්නෙ දකුණේ සිංහලයන් ගෙන්. 1943 මාර්තු 26 වෙනි දා දෙවැනි ලෝක මහා යුද්ධය අවසන් වූ වහාම ශ්‍රී ලංකාවට පූර්ණ ඩොමීනියන් නිදහස ප්‍රදානය කළ යුතු යැයි කියවෙන යෝජනාව රාජ්‍ය මන්ත්‍රණ සභාව වෙත ඉදිරිපත් කරපු හොරණ මන්ත්‍රී ඒ. පී. ජයසූරිය මහතා යුදෙව් ජනාවාස ලංකාව තුළ පිහිටුවීමේ බටහිර රටවල අදහස ගැන දැඩි විරෝධයක් දක්වනවා.
1943 ජුලි 28 වැනි න පළවූ සිංහල බෞද්ධයා පුවත් පතේ පළ වූ වාර්තාවක එවකට හොරණ මන්ත්‍රීවරයා වශයෙන් කටයුතු කළ ඒ. පී. ජයසූරිය මහතා, ලංකාවේ සිට පලස්‌තීනයට ගිය සිවිල් නිලධාරීන් වැඩි පඩියකට ආපසු ලංකාවට ගෙන්වා ගත්තේ ඇයි දැයි යනුවෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී ප්‍රශ්න මතුකර ඇති බව සඳහන් වෙනවා.
ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර දෙපළාතේ යුදෙව් ජනාවාස පිළිබඳ බටහිර යෝජනාවට දැඩි විරෝධයක් එල්ල වූයේ මෙරට සිංහල බෞද්ධ ප්‍රජාවගෙන්. ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කර විශේෂ ලියුම්කරුවක් විසින් ලියන ලද කරුණු රැසකින් යුත් ලිපියක් 1943 මැයි 22 වැනිදා නිකුත් සිංහල බෞද්ධයා පුවත්පතේ පළ වී ඇත්තේ යුදෙව්වන්ට සුදුසු රට ලංකාවද? යන සිරස්තලය යටතේ.
මේ සම්බන්ධව දෙමළ නිජබිමක් ගැන කතා කල ද්‍රවිඩ දේශපාලනඥයන් මුනිවත රැකි බවත් කියවෙනවා. කෙසේ හෝ යුදෙව් ජනාවාස පිහිටුවීමේ මේ උත්සාහය අධිරාජ්‍යයවාදීන්ට අකුලා ගන්නට සිද්ද වෙනවා. ඒ දෙවෙනි ලෝක මහා යුද්ධය අවසන් වීමත් එක්ක පැවති බ්‍රිතාන්‍ය මහා මැතිවරණයෙන්, අගමැති වින්ස්‌ටන් චර්චිල්ගේ පරාජයට පත්වී ක්‌ලෙමන්ට් ඇට්‌ලිගේ කම්කරු පක්‍ෂය ජය ගැනීමත් සමග ඇති වු ආණ්‌ඩු පෙරළීයේ ප්‍රතිඵලයක් වශයෙන්.
කෙසේ හෝ යුදෙව්වන්ට ඔවුන්ගෙ පොරොන්දු දේශය ඊශ්‍රායලය තුලම බිහි කරගන්නට හැකි වෙනවා. ඔවුන් පලස්තීනුවන් පළවා හැර ජනපද බිහිකර ගන්නවා. යම් විදිහකට උතුරු නැගෙනහිර යුදෙව් ජනාවාස බිහි වූවා නම් පලස්තීන ජනතාවගෙ හිස් මත පතිත වෙන බෝම්බ, මිසයිල ලාංකික අපේ හිස් මත පතිත වන්නට ඉඩ තිබුණා.
- Kokila Gihan Withanathanthri
(මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..