ඉරානයට තමන්ව ආරක්ෂා කර ගැනීමට ඇති අයිතිය වෙනුවෙන් නොබියව සටන් කරනවා- ඉරාන විදේශ අමාත්‍ය සෙයිද් අබ්බාස් අරග්චි
ඉරානයට තමන්ව ආරක්ෂා කර ගැනීමට "සෑම අයිතියක්ම" ඇති බවත්, සටන් කිරීම දිගටම කරගෙන යාමට ශපථ කරන බවත් ඉරාන විදේශ අමාත්‍ය සෙයිද් අබ්බාස් අරග්චි ඊයේ(01) ABC ප්‍රවෘත්ති සේවය වෙත අදහස් දක්වමින් පැවසුවේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඉරානයට එරෙහිව සිදුවෙමින් පවතින එක්සත් ජනපද-ඊශ්‍රායල දැවැන්ත ගුවන් ප්‍රහාරවලට ප්‍රතිචාර නොදක්වන ලෙස ඉරානයට පැවසීමට කිසිදු රටක නායකයෙකුට අයිතියක් නොමැති බවත්, තම රටට තමන්ව ආරක්ෂා කර ගැනීමට සෑම අයිතියක්ම ඇති බවත් සටන් කිරීම දිගටම කරගෙන යන බවත් අවධාරණය කළේය.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(01) අලුයම සිය සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ ඉරානය පළි නොගත යුතු බවයි.
"ඉරානය දැන් ප්‍රකාශ කළේ ඔවුන් අද ඉතා දැඩි ලෙස පහර දෙන බවයි, ඔවුන් කවදාවත් පහර දී නැති තරම් ආකාර වලින් පහර දෙන බවත් ඔවුන් පවසනවා. ඔවුන් එසේ නොකිරීම හොඳය, කෙසේ වෙතත්, ඔවුන් එසේ කළහොත්, අපි කවදාවත් දැක නැති බලවේගයකින් ඔවුන්ට පහර දෙනවා!" ට්‍රම්ප් ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාවක් වන ඨෘත් Sඔcඉඅල් හි ලිවීය.
ප්‍රතිචාර වශයෙන් අරග්චි ABC ප්‍රවෘත්ති සේවය වෙත මෙසේ පැවසීය: "රටක නායකයෙකුට එසේ පැවසීමට අයිතියක් ඇතැයි මම සිතන්නේ නැහැ."
"අපි අපවම ආරක්ෂා කරගන්නවා, ඒ වගේම අපට සෑම අයිතියක්ම, සෑම නීත්‍යානුකූල අයිතියක්ම තිබෙනවා, අපව ආරක්ෂා කර ගැනීමට," අරග්චි පැවසීය. "අපි කරන්නේ ආත්මාරක්ෂාව සඳහා වන ක්‍රියාවයි. ආක්‍රමනය සහ ආත්ම ආරක්ෂාව අතර විශාල වෙනස්කම් තිබෙනවා." ඔහු පැවසීය.
Iranian foreign minister: 'We are defending ourselves'
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා