මුදල් අමාත්‍යංශයෙන් නව බදු ඉහළ නැංවීමේ යෝජනා.. සමාජ මාධ්‍ය විශේෂඥයින්ටත් බද්දක්..
මුදල් අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකාවේ බදු රාමුවට පුළුල් වෙනස්කම් සිදු කිරීම සඳහා නව සංශෝධන කිහිපයක් ඉදිරිපත් කර තිබේ.
මෙයට ප්‍රාග්ධන ලාභ මත බදු ඉහළ නැංවීම, රඳවා ගැනීමේ බදු (withholding tax) ජාලය පුළුල් කිරීම සහ හිඟ බදු ඇති අය සඳහා එක් වරක් පමණක් ලබා දෙන සහන කාලසීමාවක් ඇතුළත්.
2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත පෙබරවාරි 24 වැනිදා මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම යෝජනා බලාත්මක වන්නේ පාර්ලිමේන්තුව විසින් පනත් කෙටුම්පත සම්මත කර එය නීතියක් බවට පත් වූ පසුව පමණි.
මෙම කෙටුම්පතෙහි ඇතුළත් ප්‍රධාන කරුණු කිහිපයක් ලෙස ඉඩම්, ගොඩනැගිලි හෝ කොටස් විකිණීමෙන් ලබන ලාභ මත අය කරන ප්‍රාග්ධන ලාභ බද්ද ඉහළ නැංවීමට යෝජනා කර ඇති අතර, ඒ අනුව පුද්ගලයන් සහ හවුල් ව්‍යාපාර සඳහා දැනට පවතින සියයට 10 බද්ද සියයට 15 දක්වා ඉහළ යනු ඇත.
භාර (Trusts), ඒකක භාර (Unit trusts), අන්‍යෝන්‍ය අරමුදල් සහ රාජ්‍ය නොවන සංවිධාන සඳහා මෙම බද්ද සියයට 10 සිට සියයට 30 දක්වා විශාල ලෙස ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.
2023 මාර්තු 31 දක්වා ගෙවා නොමැති හෝ ප්‍රමාද වී ගෙවන ලද බදු සඳහා එකතු වී ඇති පොලිය නිදහස් කිරීමට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට අවසර ලැබෙන නමුත්, මෙම සහනය ලබා ගැනීමට නම්, අදාළ මුල් බදු මුදල සහ දඩ මුදල් නව නීතිය ක්‍රියාත්මක වී මාස හයක් ඇතුළත සම්පූර්ණයෙන් පියවිය යුතුයි.
2026 අප්‍රේල් 1 සිට, ඇස්තමේන්තුගත බදු ප්‍රකාශය (SET) ගොනු කිරීමේ අවශ්‍යතාවය ඉවත් කිරීමට යෝජනා කර තිබේ.
ඒ වෙනුවට, බදු ගෙවන්නන් සාමාන්‍යයෙන් පසුගිය වසරේ බදු ආදායම මත පදනම්ව වාරික ගෙවිය යුතුයි.
මෙය ලේඛන කටයුතු අවම කිරීමට සහ බදු අනුකූලතාවය සරල කිරීමට ගත් පියවරක්.
නව සේවා සපයන්නන් රැසක් සියයට 5ක රඳවා ගැනීමේ බදු ක්‍රමයට ඇතුළත් කිරීමට යෝජනා කර තිබේ.
ඔවුන්ට ගෙවීම් සිදු කරන අවස්ථාවේදීම එම මුදලින් සියයට 5ක් කපාගෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බැර කෙරේ.
මෙයට අලුතින් ඇතුළත් කර ඇති පිරිස අතර විගණකවරුන්, තක්සේරුකරුවන්, පුද්ගලික පුහුණුකරුවන් (Personal trainers), විනෝදාස්වාදයේ යෙදෙන්නන්, ඡායාරූප ශිල්පීන්, රූපලාවන්‍ය ශිල්පීන්, සමාජ මාධ්‍ය විශේෂඥයින් (Social media specialists), සන්නාම තානාපතිවරුන් (Brand ambassadors) සහ ණය අයකරන්නන් ඇතුළු වෘත්තිකයන් සහ නිදහස් වෘත්තිකයන් (Freelancers) වෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..