
ලංකාව අත්අඩංගුවට ගත් තමිල්නාඩු ධීවරයන් නිදහස් කරගන්න වහා මැදිහත් වන්නැයි ස්ටාලින් ඉන්දීය රජයෙන් ඉල්ලයි
ශ්‍රී ලංකා මුහුදේ දී අත්අඩංගුවට ගන්නා තමිල්නාඩු ප්‍රාන්තයේ ධීවරයින් සම්බන්ධයෙන් සුදුසු රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියා මාර්ග ගැනීමට වහාම පියවර ගන්නා ලෙස තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම් කේ ස්ටාලින් මහතා, ඉන්දියා විදේශ කටයුතු අමාත්‍ය සී ජයිශංකර්ගෙන් ඉල්ලීමක් කරයි.
දැනට එලෙස අත්අඩංගුවට පත්ව සිටින ධීවරයින් 45 දෙනෙකු සහ බෝට්ටු 138 ක් නිදහස් කර ගැනීමට මැදිහත්වන ලෙස ද ප්‍රධාන අමාත්‍යවරයා ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇතැයි PTI පුවත් සේවය වාර්තා කරයි.
දෙසැම්බර් 13 වැනිදා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයින් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් පිළිබඳව “ගැඹුරු වේදනාවක්” ප්‍රකාශ කරමින් ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ සතියක් තුළ සිදු වූ තුන්වන සිදුවීම මෙය බවයි.
මෙම අත්අඩංගුවට ගැනීම් හේතුවෙන් ධීවරයන්ගේ ජීවනෝපාය අනතුරට පත් වී ඇති බවත්, ධීවර ගම්මාන තුළ භීතියක් ඇතිව තිබෙන බවත් ඔහු සදහන් කර ඇත.
ඉහත ධීවරයින්ට අමතරව බෝට්ටු 137 ක් සහ ධීවරයින් 39 ක් තවමත් ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන බවත් ස්ටාලින් ප්‍රධාන අමාත්‍යවරයා සිය ලිපියේ සඳහන් කර තිබේ.
– Dinamina
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
