News Category
From Date
To Date
Maximum Number of Result

බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම කොටි ඩයස්පෝරාව සතුටු කරන නරුම පාවාදීමක්...- විමල් වීරවංශ

Feb 27, 2026 at 03:52 PM
|

මේජර් ජනරාල් තුවාන් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම යනු රටේ ජාතික ආරක්ෂාව සහ රාජ්‍යයේ පැවැත්ම බිඳවට්ටමින් දෙමළ ඩයස්පෝරාවේ උවමනාවන් ඉටු කිරීම සඳහා දියත් කර ඇති “දේශපාලන මෙහෙයුමක්” බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද (27) ප්‍රකාශ කළේය. බත්තලමුල්ලේ පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව අවධාරණය කළේය.

යුධ සමයේදී එල්.ටී.ටී.ඊ. නායක තමිල්සෙල්වන් වැනි ඉලක්ක වෙත සාර්ථකව ප්‍රහාර එල්ල කිරීමට අවශ්‍ය බුද්ධි තොරතුරු සපයමින් රට වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් කළ නිලධාරියෙකු මෙසේ දඩයම් කිරීම හෙළා දකින බව වීරවංශ මහතා පැවසීය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සහරාන් ඇතුළු අන්තවාදීන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව යහපාලන රජයේ ආරක්ෂක මණ්ඩලයට මුලින්ම අනතුරු ඇඟවූයේ සලේ මහතා බවත්, එදා එම තොරතුරු නොසලකා හැර අද අනතුරු ඇඟවූ පුද්ගලයාම වැරදිකරු කිරීමට උත්සාහ කිරීම හාස්‍යජනක බවත් ඔහු පෙන්වා දුන්නේය.

වත්මන් රජය උතුරු - නැගෙනහිර හමුදා කඳවුරු ඉවත් කරමින් සහ බුද්ධි අංශ නිලධාරීන් සිරගත කරමින් ජාතික ආරක්ෂාව බිංදුවට ඇද දමා ඇති බවට ඔහු චෝදනා කළේය. "අන්ත ප්‍රතිගාමී පාලකයෙකු පවා නිදහස් දින පෙළපාලියේදී රණවිරුවන් කළ සේවය ගැන කතා කිරීම තහනම් කළේ නැහැ. නමුත් අද රණවිරු කියන වචනය ඇහෙනකොට ජනාධිපතිවරයාගේ ඇඟ නළියනවා," යැයි වීරවංශ මහතා පැවසීය.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ ඊබ්‍රාහිම් වැනි පුද්ගලයන්ගේ දේපළ නිදහස් කරමින් ඔවුන් “සුද්ධ පවිත්‍ර” කරන අතරතුර, රට වෙනුවෙන් දිවි පරදුවට තැබූ සලේ වැනි නිලධාරීන් සිරගත කිරීම පිටුපස ඇති දේශපාලන න්‍යාය පත්‍රය ජනතාව තේරුම් ගත යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. මේජර් ජනරාල් සලේ මහතා නිදහස් කර ගන්නා තෙක් මෙම සටන අත්නොහරින බවත්, පරාජිත ත්‍රස්තවාදීන් සතුටු කරන මෙම පාහර ක්‍රියාවට එරෙහිව ජාතියම පෙළගැසිය යුතු බවත් ඔහු සිය නිවේදනය මගින් අවධාරණය කරයි.

මාධ්‍ය සාකච්ඡාවේ කරුණු ඇතුළත් වාර්තාව.

හැඳින්වීම සහ ඓතිහාසික පසුබිම: 

විමල් වීරවංශ මහතා සිය කතාව ආරම්භ කරමින් ජාතික නිදහස් පෙරමුණ සැමදා දේශපාලනිකව දේශහිතෛෂී ස්ථාවරයක සිටිමින් රටේ ආරක්ෂක හමුදාවන් බලගැන්වීමටත්, බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීමටත් සක්‍රීයව දායක වූ බව සිහිපත් කළේය. විශේෂයෙන්ම උතුර සහ නැගෙනහිර වෙන් කිරීමේ ඓතිහාසික නඩු තීන්දුව ලබා ගැනීමට තම පක්ෂය පුරෝගාමී වූ බවත්, ඒ සඳහා ගෝමින් දයාසිරි, එච්.එල්. ද සිල්වා සහ එස්.එල්. ගුණසේකර වැනි ශ්‍රේෂ්ඨ නීතිඥයන්ගේ සහාය නොමිලේම ලැබුණු බවත් ඔහු සඳහන් කළේය. 2008 වසරේදී ප්‍රතිපත්තිමය හේතූන් මත ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ බවත්, වත්මන් ජවිපෙ එදා තිබූ ප්‍රතිපත්තිවලින් අංශක 180ක් වෙනස් වී ඇති බවත් ඔහු චෝදනා කළේය.

රාජ්‍යය සහ ජාතික ආරක්ෂාවට එල්ල වන තර්ජන: 

රාජ්‍යයක් පවතින්නේ යහපත් ජීවිතයක් සඳහා බවත්, ඒ සඳහා සාමය අත්‍යාවශ්‍ය කොන්දේසියක් බවත් වීරවංශ මහතා පෙන්වා දුන්නේය. එහෙත් වත්මන් පාලනය යටතේ රාජ්‍යයේ බලකණු එකින් එක බිඳවට්ටමින් පවතින බව ඔහු පැවසීය. මහා සංඝරත්නයට අපහාස කිරීම සහ ජාතික ආරක්ෂාව දුර්වල කිරීම මෙහි ප්‍රධාන අංග බව ඔහු සඳහන් කළේය. කිලිනොච්චිය, මුලතිව් සහ යාපනය යන ප්‍රදේශවල ආරක්ෂක හමුදා කඳවුරු ඉවත් කිරීමට හෝ දුර්වල කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත්, මෙය දෙමළ ඩයස්පෝරාවේ උවමනාවන් ඉටු කිරීමක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

රණවිරුවන් සහ බුද්ධි අංශ දඩයම: 

ආරක්ෂක හමුදාවන්ගේ සහ බුද්ධි අංශවල මානසිකත්වය බිඳවැට්ටවීමේ ක්‍රමානුකූල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව ඔහු පැවසීය. ජනාධිපතිවරයා "රණවිරු" යන වචනය පාවිච්චි කිරීමට පවා මැලි වන බවත්, නිදහස් දින පෙළපාලිවලදී හමුදාවේ කාර්යභාරය හෑල්ලු කර ඇති බවත් ඔහු චෝදනා කළේය. ඇමරිකාව වැනි රටවල බුද්ධි අංශ නිලධාරීන්ට නීතිමය රැකවරණය තිබුණද, ලංකාවේ ඔවුන් සිරගත කරන බවත් මෙහි ප්‍රතිඵලයක් ලෙස නාවික හමුදා බුද්ධි අංශයේ පිරිස් බලය තුනෙන් එක දක්වා අඩු වී ඇති බවත් ඔහු අනාවරණය කළේය.

මේජර් ජනරාල් සුරේෂ් සලේගේ භූමිකාව: 

මේජර් ජනරාල් සලේ මහතා යුද්ධයේදී කළ මෙහෙය සුවිශාල බවත්, එල්.ටී.ටී.ඊ. නායක තමිල්සෙල්වන් ඝාතනය කිරීමට අවශ්‍ය බුද්ධි තොරතුරු ලබා දුන්නේ ඔහු බවත් වීරවංශ මහතා සඳහන් කළේය. බුද්ධි අංශ ක්‍රියාත්මක වන්නේ සතුරාගේ අභ්‍යන්තරයේ සිට බවත්, ඒ නිසා ඔවුන්ට විවිධ පුද්ගලයන් සමඟ සම්බන්ධතා පැවැත්වීමට සිදු වන බවත් ඔහු පැහැදිලි කළේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සහරාන් ඇතුළු පිරිස අයි.එස්.අයි.එස්. (ISIS) සංවිධානය සමඟ සම්බන්ධ බවට ආරක්ෂක මණ්ඩලයට මුලින්ම අනතුරු ඇඟවූයේද සලේ මහතා ඇතුළු කණ්ඩායම බව ඔහු පෙන්වා දුන්නේය.

වත්මන් අත්අඩංගුවට ගැනීම සහ දේශපාලන අරමුණ: 

සලේ මහතා අත්අඩංගුවට ගැනීම තනිකරම දේශපාලන දඩයමක් බවත්, එය කොටි ඩයස්පෝරාව සතුටු කිරීමට ගත් පියවරක් බවත් වීරවංශ මහතා පැවසීය. ඊබ්‍රාහිම් වැනි පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ දේපළ නිදහස් කරද්දී, රට බේරාගත් බුද්ධි අංශ නිලධාරීන් සිරගත කිරීම නරුම පාවාදීමක් බව ඔහු අවධාරණය කළේය. මෙම ක්‍රියාවලියේ අවසන් ඉලක්කය ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් ඔහු සඳහන් කළේය.

විමල් වීරවංශ මහතාගේ සම්පූර්ණ කතාව

හැඳින්වීම සහ පක්ෂයේ ඉතිහාසය:

"ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් විජයං සහෝදරයා ඇතුළු අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සියලුම සහෝදරවරුනි, ඒ වගේම පක්ෂයේ ක්‍රියාකාරී සියලුම සහෝදර සහෝදරියනි, ඔබ සියලු දෙනාගෙන් අවසරයි. ජාතික නිදහස් පෙරමුණ හැටියට අපට වගකීමක් තිබෙනවා. අපි භාරගෙන තිබෙන ඓතිහාසික කාර්යභාරයක් තිබෙනවා. ඔබ දන්නවා ඒ කාර්යභාරයේ අපි කවදාක්වත් නිශ්චිත ප්‍රතිපත්තිමය ස්ථාවරයන්ගෙන් වෙනස් වුණේ නැති බව. අපි ජනතා විමුක්ති පෙරමුණ තුළ ඉන්දැද්දිත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය හරහා, මානෙල් මල් ව්‍යාපාරය හරහා මේ රටේ ආරක්ෂක හමුදාවන් බලගන්වන්නත්, බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජයට පත් කරලා සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජන කොටස්වලට මේ රටේ සතුටින්, සමගියෙන්, සාමයෙන් ඉන්න පුළුවන් වතාවරණය ඇති කරන්නත් තීරණාත්මක මැදිහත් වීමක් කෙරුවා. ඉන් අනතුරුවත්, ඊට පෙර සුනාමි සහන මණ්ඩලය ඇතිවෙනකොට ඒක වළක්වන්න අපි එදා හිටපු පක්ෂය තුළ ඉඳගෙන විශාල මැදිහත්වීමක් කෙරුවා. ඒ විතරක් නෙවෙයි උතුර සහ නැගෙනහිර වෙන් කර ගැනීමේ ඓතිහාසික නඩු තීන්දුව නිර්මාණය කරගන්න පුළුවන් වුනෙත් එදා අපි පුරෝගාමීව ඒ කටයුත්තට කැප වෙච්ච හින්දා.

මට මතකයි එදා හිටපු ඒ ජ්‍යෙෂ්ඨ නීතිඥයන්, ගෝමන් දයාසිරි මැතිතුමාන් - එතුමා අද දිවංගතයි - මා තමයි මුලින්ම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළේ. එතුමාගේ මග පෙන්වීම අනුව තමයි ඊට පස්සේ අපි ජනාධිපති නීතිඥ එච්.එල්. ද සිල්වා මැතිතුමන් ඒ වගේම එස්.එල්. ගුණසේකර මැතිතුමන් හමුවෙලා, ඒ ශ්‍රේෂ්ඨ නීතිඥයෝ සත පහක් නොගෙන රටේ අභිවෘද්ධිය වෙනුවෙන් එදා ඒ ඓතිහාසික නඩුවට පෙනී හිටියා. ඒ මගින් උතුර සහ නැගෙනහිර වෙන් කර ගැනීමේ ඓතිහාසික වගකීම හා යුතුකම ඉටු කරන්න අපට පුළුවන් වුණා. යුද්ධය පවතින අවස්ථාවේදීත් මහින්ද රාජපක්ෂ පාලනය 2005 දී නිර්මාණය කරන්න දායක වෙලා, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මගින් ත්‍රස්තවාදය පරාජයට පත් කරගත හැකියි කියන විශ්වාසය මත පිහිටලා අපි ඒ ජයග්‍රහණයේ සම්මාදම්කරුවෙකු බවට පත්වුණා.

අපි 2008 අප්‍රේල් 08 වෙනිදා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අපේ ප්‍රතිපත්තිමය රාමුව රැකගෙන එතනින් එළියට ආවේ ප්‍රතිපත්තිමය පදනම අතහරින දේශපාලන ව්‍යාපාරයක තවදුරටත් ඉන්න බැරි නිසයි. අද තියෙන ජනතා විමුක්ති පෙරමුණ අපි එදා හිටපු පක්ෂයට වඩා අංශක 180ක වෙනසකට භාජනය වෙලා තියෙනවා. රටට සාමය දිනා දෙන්න ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය උරදෙනකොට ඒ මහා ක්‍රියාන්විතයේ ආශ්වාදය මුළු රටම භුක්ති වින්දා. අදත් මේ ස්ථානයේ අපි ප්‍රාණ බියකින් තොරව මේ මුණගැහෙන්නේ මව්බිමේ සුජාත දූපුතුන් කරපු අනන්ත අප්‍රමාණ කැපවීම්වල ප්‍රතිඵලයක් හැටියටයි.

රණවිරුවන් සහ රාජ්‍යයේ වැදගත්කම:

අදත් රූපවාහිනී ප්‍රවෘත්ති දෙස බලාගෙන ඉන්න අබාධිත රණවිරුවන් මේ දකින දේවල් ගැන මොනවා හිතනවා ඇද්ද? ඔවුන් පය, ඇස්, ලේ දන් දුන්නේ අද මේ දකින විදියේ ප්‍රවෘත්ති දකින්නද?. ඇරිස්ටෝටල් කියන දර්ශනිකයාට අනුව රාජ්‍යය පවතින්නේ යහපත් ජීවිතයක් වැඩීමට රුකුල් දෙන්නයි; ඒ සඳහා *සාමය මූලික කොන්දේසියක්*. හේගල් කියන විදිහට රාජ්‍යය වනාහි මිහිපිට පවතින දිව්‍යමය සංකල්පයක්. ඒ රාජ්‍යයට එන අනතුර පරාජය කරන්න කැපවෙන අය තමයි අපේ යුගයේ වීරයන්.

රාජ්‍යය අපට නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය, මහපොළ ශිෂ්‍යත්ව සහ පාසල් නිල ඇඳුම් ලබා දුන්නා. නමුත් අද සමහරුන්ට ඕනෑ වී තිබෙන්නේ රාජ්‍යයේ ශක්තීන් රැකගන්න නෙවෙයි, රාජ්‍යය බිඳවට්ටන්නයි. රාජ්‍යයේ බලකණු එකින් එක දුර්වල කරලා බිඳවට්ටන්න හදනවා. ඉන්දියාව මේ රටේ බෙදුම්වාදී ත්‍රස්තවාදය පැලපදියම් කළ බව අපි දන්නවා. අද ටිල්වින් සිල්වා මහත්තයා ඉන්දියාව ගැන කියන කතා සහ ඔවුන් එදා උගන්වපු 'ඉන්දියානු ව්‍යාප්තවාදය' පන්තිය අතර තියෙන්නේ ලොකු පරස්පරයක්. රෝහණ විජයවීර සහෝදරයා පවා කිව්වේ ජාතිකත්ව පදනමෙන් රාජ්‍ය බෙදා වෙන් කිරීම සතුරු ව්‍යායාමයක් බවයි.

ජාතික ආරක්ෂාවට එල්ල වන ප්‍රහාර:

අද එක පැත්තකින් මහා සංඝරත්නයට ගහනවා, උන්වහන්සේලාගේ ප්‍රතිරූපයට පහර දෙනවා. අනෙක් පැත්තෙන් රාජ්‍යයේ ප්‍රධානතම බලකනුවක් වන ජාතික ආරක්ෂාව ක්‍රමානුකූලව බිඳවට්ටමින් තියෙනවා. මේ වෙනකොට *කිලිනොච්චියේ සහ මුලතිව්වල හමුදා කඳවුරු ඉවත් කරමින් පවතිනවා*. යාපනය ආරක්ෂක හමුදා මූලස්ථානය පවා ඉවත් කිරීමට සාකච්ඡා යනවා. මෙය දෙමළ ඩයස්පෝරාවේ උවමනාව ඉටු කිරීමක්. අද ජනාධිපතිවරයාට 'රණවිරුවා' කියන වචනය පාවිච්චි කරන්න බැහැ; ඒ වචනය ඇහෙනකොට ඩයස්පෝරාවේ වගේම මෙයාගේ ඇඟත් නළියනවා. නිදහස් දින පෙළපාලිවලදී පවා හමුදාව කළ මෙහෙවර ගැන කියන්න ඉඩ දෙන්නේ නැහැ.

ඇමෙරිකාව වැනි රටවල තමන්ගේ බුද්ධි අංශ ආරක්ෂා කරන පනත් තිබුණත්, ලංකාවේ බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගන්නවා. මේ නිසා අද නාවික හමුදාවේ බුද්ධි අංශයේ ඉන්න ඕන ප්‍රමාණයෙන් ඉන්නේ තුනෙන් එකයි. අනුර කුමාර මහත්තයා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද බලය දෙන්න හදන්නේ ඩයස්පෝරාවට පාලනය කළ හැකි ඡන්ද පදනමක් හදන්නයි.

මේජර් ජනරාල් සුරේෂ් සලේගේ භූමිකාව:

දැන් අපි මේ කතා කරන මේජර් ජනරාල් සුරේෂ් සලේ මහත්මයා යුද්ධයේදී ඉටු කළ භූමිකාව අතිශය සුවිශාලයි. *එල්.ටී.ටී.ඊ. නායක තමිල්සෙල්වන් ඉලක්ක කරගත් ප්‍රහාරයට අවශ්‍ය නිවැරදි බුද්ධි තොරතුරු ලබා දුන්නේ ඔහුයි*. බුද්ධි අංශ කියන්නේ සතුරාගේ ඇතුළේ ඉඳගෙන තොරතුරු ගන්නා පිරිසක්; සතුරාගේ මිනිසුන් සමඟ සම්බන්ධතා පැවැත්වීම ඔවුන්ගේ රාජකාරියයි. සහරාන්ලා ISIS සමඟ සම්බන්ධ බවට ආරක්ෂක මණ්ඩලයට මුලින්ම අනතුරු ඇඟවූයේ සලේලායි. එදා ඒ අනතුරු ඇඟවීම් නොසලකා හැරපු පිරිස අද අනතුරු ඇඟවූ පුද්ගලයාවම අත්අඩංගුවට ගන්නවා.

මෙම අත්අඩංගුවට ගැනීම තනිකරම දේශපාලන දඩයමක්. ශානි අබේසේකරලා බොරු සාක්ෂි හදලා මේවා කරනවා. පාස්කු ප්‍රහාරයට අන්තවාදී මතවාදය දුන්නා කියන *ඊබ්‍රාහිම්ගේ දේපළ සහ රත්තරන් නිදහස් කරද්දී, රට බේරාගත් බුද්ධි අංශ ප්‍රධානියා හිරේ දානවා*. මෙහි ඊළඟ ඉලක්කය තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා.

නිගමනය සහ ජනතාවට කරන ආයාචනය:

සලේ කියන්නේ මේ මහා තුච්ච පාහර දඩයමට එරෙහිව කරන සටනේ සංකේතයක්. ඔහු නිදහස් කරන තුරු අපි නොනවතින සටනකට අවතීර්ණ විය යුතුයි. කලිල් ජිබ්‍රාන්ගේ 'Pity the Nation' කවියෙන් කියවෙනවා වගේ, ගහලයාගේ අසිපත පහළට එද්දී සටන් නොකරන ජාතිය තුච්චයි. සිඟාලයකු රජපුටුවේ අසුන්ගෙන සිටියදී නිහඬව සිටින ජාතිය අහෝ ඔබ තුච්චයි.

අපි තීරණය කළ යුතුයි අපි තුච්ච ජාතියක් වෙනවද නැත්නම් ශ්‍රේෂ්ඨ ජාතියක් හැටියට නැගිටිනවද කියලා. සලේ නිදහස් කර ගැනීමේ සටන ඒ සඳහා වන ප්‍රධානතම සටනයි. රණවිරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මුළු ජාතියම පෙළගැසෙන ලෙස මම ඉල්ලා සිටිනවා. ඔබට ජය වේවා!"

සම්බන්ධිත පුවත් | Related News

හෙට දිනයේ කැඳවා ඇති වැඩ වර්ජනය පෝය දිනයක් ලෙස සලකා කටයුතු කරන ලෙසත්, එමඟින් රටට විශාල බලපෑමක් සිදු නොවන බවත් සඳහන් කරමින්, අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහනුවර දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.
පුත්තලම නගරයේ පදික වේදිකාවක වෙළෙඳාමේ නිරත පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පුත්තලම නගරාධිපති රින්සාඩ් අහමඩ් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ගුරුවරුන්ගේ ඉල්ලීම් බලන්න වෙන්නේ 2028 දී. එල්ල වන චෝදනා තඹ සතේකටවත් ගණන් ගන්නේ නෑ යයි නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා පවසයි.
තමන්ට අවශ්‍ය ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මෙරට අධිකරණ පද්ධතියේ විනිසුරු මඬුලු සැලසුම්සහගතව සකස් කිරීමේ (Bench Fixing) ක්‍රියාවලියක් සිදුවන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.
30 වැනිදා රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සහාය දක්වන්නේ ද යන්න පිළිබඳ තීරණය අද (29) ගැනීමට නියමිත බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කරයි.
වත්මන් රජය අමු අමුවේ හමුදාව පාවා දෙමින් ඉතාම පහත් දේශද්‍රෝහී ක්‍රියාවක් සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්කම් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශයේ ප්‍රමාණය හා එහි නඩත්තු වියදම් සම්බන්ධයෙන් විවාදාත්මක අදහසක් පළ කර තිබේ.
යාපනය ප්‍රදේශයේ පසුගියදා පැවති මහවිරු සැමරුම් සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සර්වජන බලය පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ථන් සිය අදහස් පළ කර තිබේ.
අමාත්‍යාංශ නිල නිවාස ලබා නොගන්නා බවට ප්‍රකාශ කළ අමාත්‍යවරුන් දස දෙනෙකු මේ වන විට නිල නිවාස ලබාගෙන සිටින බව සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ප්‍රධාන පුවත්

මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර

වත්මන් රජය අමු අමුවේ හමුදාව පාවා දෙමින් ඉතාම පහත් දේශද්‍රෝහී ක්‍රියාවක් සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..

හිඟුරක්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලකදී, ඉන්ධන බවුසරයකින් ඉන්ධන බාමින් සිටියදී ඩීසල් භූගත ටැංකියට පෙට්‍රල් ලීටර් 2,000කට ආසන්න ප්‍රමාණයක් මුසු වීමේ සිද්ධියක් හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීම ඇණහිට ඇති බව වාර්තා වේ.

හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..

හඳුනා නොගත් පියාසර වස්තූන් (UFO) සම්බන්ධයෙන් දශක හතකට අධික කාලයක් සිදුකළ විමර්ශනවලට අදාළ රහස් ලිපිගොනු 40ක් සහ මීට පෙර ප්‍රසිද්ධ නොකළ හමුදා වීඩියෝ දර්ශන තුනක් අමෙරිකාව විසින් ප්‍රසිද්ධ කර ඇත.

අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි

ශ්‍රී ලංකාවේ අතීත උරුමයන් සහ නිදහස් සටනේ විරුවන් නොසලකා හරින ආකල්පමය පරිහානියක් වර්තමානයේ දක්නට ලැබෙන බවත්, එසේ අතීත උරුමයන් නොසලකා හරින්නේ නම් රටක් හා ජාතියක් ලෙස පැවතිය නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති.

මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..

මාතලේ අලුවිහාරය ආශ්‍රිතව මුස්ලිම් පල්ලියක ඉදිකිරීම් සම්බන්ධයෙන් පළ වූ පුවතක් පිළිබඳව නීතිමය තත්ත්වය සොයා බැලීමට සහ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට සූදානම් බව පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියෝ පවසති.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සර උත්සවය අද පෙරවරුවේ කැළණිය - නාගානන්ද අන්තර්ජාතික විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය සහ ඕමානය එක්ව පිහිටුවා ගන්නා ඒකාබද්ධ යාන්ත්‍රණයකට නතුවීම නොවැළැක්විය හැකි බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..

යාපනය ප්‍රධාන වීදියේ (Main Street) වසර නවයක පමණ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය 'මාතර ඇඹුල හෝටලය' නම් ආපනශාලාවේ ඉදිරිපස කොටස යාපනය මහ නගර සභාව මගින් කඩා බිඳ දැමීමත් සමඟ, එම නගරයේ නීති ක්‍රියාත්මක කිරීමේ සමානාත්මතාවය සහ සංහිඳියාව පිළිබඳව ප්‍රදේශවාසීන් අතර දැඩි කතාබහක් මතු වී තිබේ.

නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..

එළඹෙන නොවැම්බර් 30 වැනිදා දිවයින පුරා රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර කිහිපයක් ඒකාබද්ධව දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..

ඇමරිකානු පුරවැසියන්ගේ අදහස් වාරණය කිරීමට සහ 2024 ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන නියෝජිතායතනය (USAID) කටයුතු කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනාධිකාරිය විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද නවතම ලේඛන මඟින් අනාවරණය වී තිබේ.

ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි

කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් වී ගොවිතැන අධෛර්යමත් කිරීම සඳහා ගොවීන්ට බලපෑම් කරමින් සිදුකරන ප්‍රකාශ පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධාන වලින් මතය විමසන ලදී.

චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..

1990 දශකයේ සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු ගොඩනැඟුණු ඇමරිකානු නායකත්වයෙන් යුත් ඒකධ්‍රැව ලෝක රටාව නිල වශයෙන් අවසන් වීමේ සන්ධිස්ථානයක් ලෙස චීනයේ ෂෙන්ෂෙන් නගරයේ පැවති 33 වැනි APEC සමුළුවට සමගාමීව සිදු වූ ඇමරිකානු, චීන සහ රුසියානු නායකයන්ගේ හමුව හැඳින්විය හැකි බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා පවසයි.

යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..

මෙරට යුද සමයේදී සහ ඉන් අනතුරුව මානුෂීය සහ වෛද්‍ය සේවකයින්, පහසුකම් සහ මෙහෙයුම් වෙත එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක අංශවල මැදිහත්වීම පිළිගෙන, රජය විසින් ප්‍රසිද්ධියේ සමාව අයැදිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක් හරහා නිර්දේශ කර තිබේ.

රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්

රුසියානු අධීක්ෂණ ආයතනයේ ප්‍රධානියාගේ කොළඹ සංචාරයේ වැඩසටහන ආරම්භ කරමින් රුසියානු නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සාන් මහතා ශ්‍රී ලංකාවේ නීතිපති පාරින්ද රණසිංහ මහතා හමුවිය.

සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන

මෑතකදී අභාවප්‍රාප්ත වූ සිවාජලිංගම්ගේ අවසන් කටයුතුවලට අවසන් ගෞරව දැක්වීම සඳහා මෙරටට පැමිණි බව සඳහන් ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ (තිරුවාමාවලන්) හැසිරීම සහ එම සංචාරය හමුවේ රජය දක්වන ප්‍රතිචාර සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාගවන් මහතා දැඩි විවේචන එල්ල කරයි.

ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..

අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉන්දීය මූල්‍ය ආධාර මෙතෙක් අවසන් වශයෙන් තීරණය කර නොමැති බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.