News Category
From Date
To Date
Maximum Number of Result

පාස්කු දා නාටකයේ අලුත්ම දඩයම..

Feb 27, 2026 at 02:40 PM
|

2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ශ්‍රී ලාංකේය ඉතිහාසයේ නොමැකෙන කළු පැල්ලමකි. එහෙත් එම බිහිසුණු ඛේදවාචකය අද වන විට ඇතැම් දේශපාලන කණ්ඩායම්වලට බලය රැකගැනීමේ හෝ විරුද්ධවාදීන් මර්දනය කිරීමේ තේමා පාඨයක් බවට පත්ව තිබීම අතිශය කනගාටුදායකය. පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු හමුදා බුද්ධි ප්‍රධානී සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම, මෙම දේශපාලන නාටකයේ තවත් එක් ජවනිකාවක් පමණක් බව පෙනෙන්නට තිබේ.

කුමන්ත්‍රණ න්‍යායේ ආරම්භය සහ ‘මහා මොළකරු’

මුළු මහත් පාස්කුදා ප්‍රහාරයම කිසියම් අදෘශ්‍යමාන බලවේගයක මෙහෙයවීමෙන් සිදු වූවක් බවට වූ ‘මහා කුමන්ත්‍රණ න්‍යාය’ මුලින්ම සමාජගත කළේ හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාය. ඔහු සිය ධුරයෙන් විශ්‍රාම යාමට මොහොතකට පෙර කළ ‘මහා මොළකරුවකු සිටිනවා’ යන ප්‍රකාශය කිසිදු විද්‍යාත්මක හෝ බුද්ධි තොරතුරු පදනම් කරගත් සාක්ෂියක් මත පදනම් වූවක් නොවේ. කනගාටුවට කරුණ නම්, එවැනි බරපතළ ප්‍රකාශයක් කළ ඔහුගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමට හෝ ඔහු සතු යැයි කියන සාක්ෂි විමසීමට කිසිදු බලධාරියකු කටයුතු නොකිරීමයි. ඒ වෙනුවට සිදුවූයේ, එම ප්‍රකාශය අල්ලාගත් ඇතැම් පාර්ශ්ව තමන්ට රිසි පරිදි ‘මහා මොළකරුවන්’ නිර්මාණය කිරීමට පටන් ගැනීමයි.

චැනල් 4 නාටකය

බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විසින් විකාශය කරන ලද මතභේදාත්මක වාර්තා වැඩසටහන මේ සඳහා තවත් උත්තේජනයක් සැපයීය. එමගින් සුරේෂ් සලේ මහතා ජාතික තවුහිද් ජමාත් (NTJ) සාමාජිකයන් හමුවූ බවට එල්ල කළ චෝදනා හුදු මනඃකල්පිත බව ඔප්පු කිරීමට අවශ්‍ය සාක්ෂි ඕනෑ තරම් තිබේ.

චැනල් 4 නාලිකාව පවසන පරිදි මෙම හමුවීම් සිදුවූ කාල සීමාවේ දී සුරේෂ් සලේ මහතා සිටියේ මෙරට නොවේ. ඔහු 2016 දෙසැම්බර් සිට 2018 දෙසැම්බර් දක්වා මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශකවරයකු (Counsellor) ලෙස සේවය කළේය. ඉන් අනතුරුව, පාස්කුදා ප්‍රහාරය සිදුවන අවස්ථාවේ දී පවා ඔහු සිටියේ ඉන්දියාවේ නව දිල්ලියේ පිහිටි ජාතික ආරක්ෂක විද්‍යාලයේ  (NDC)  උසස් පුහුණු පාඨමාලාවක් හදාරමිනි. ඕනෑම බුද්ධි අංශයකට ඔහුගේ දුරකතන වාර්තා සහ ගුවන් ගමන් දත්ත මගින් මෙය තහවුරු කර ගත හැකිය. එසේ තිබියදී, හුදු දේශපාලන වාසි තකා මෙවැනි නිලධාරියකු දඩයම් කිරීම ජාතික ආරක්ෂාවට එල්ල කරන මරු පහරකි.

විදේශීය විමර්ශනවල නිගමනය

පාස්කුදා ප්‍රහාරය සම්බන්ධයෙන් මෙරට විමර්ශනවලට අමතරව ඇමරිකානු FBI  ආයතනය, ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය සහ ස්කොට්ලන්ඩ් යාඩ් ආයතනය වැනි ලොව ප්‍රමුඛතම විමර්ශන කණ්ඩායම් පුළුල් පරීක්ෂණ පැවැත්වීය. ඔවුන් සියලු‍ දෙනා ඒකමතිකව නිගමනය කළේ මෙය ජාත්‍යන්තර ISIS සංවිධානයේ මතවාදය වැළඳගත් දේශීය කණ්ඩායමක ක්‍රියාවක් බවයි. ඇමරිකානු අධිකරණය පවා මෙහි සැකකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත. ලෝකයේ දියුණුම බුද්ධි සහ විමර්ශන ජාලයට හසු නොවූ ‘හමුදා බුද්ධි කුමන්ත්‍රණයක්’ ගැන මාලිමාව රජය පවසන කතාව හාස්‍යජනකය.

මේ අතර පාස්කුදා ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනකු වූ ඉල්හාම් අහමඩ් සහ ඉන්සාෆ් අහමඩ් යන අයගේ පියා වන, හිටපු ජවිපෙ (JVP)  ජාතික ලැයිස්තු අපේක්ෂක මොහොමඩ් ඊබ්‍රාහිම්ගේ නිවෙසින් අත්අඩංගුවට ගෙන තිබූ රන් ආභරණ සහ මැණික් තොගය බෝම්බකරුගේ සහෝදරයා වන ඉෆ්ලාල් මොහොමඩ් වෙත මුදාහරින ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. ඉෆ්ලාල් අහමඩ් යනු ෂැන්ග්‍රිලා බෝම්බකරු වන ඊබ්‍රහිම් ඉල්හාම් මොහොමඩ් සහ දෙමට‌ගොඩ අදාළ නිවෙසේ පිපිරීමෙන් මියගිය ඉන්ශාෆ් අහමඩ්ගේ සහෝදරයා ය.

මෙහි විශේෂිත කාරණය නම් අධිකරණය දිගින් දිගටම මෙම රන් සහ මැණික් පිළිබඳව විරෝධතා දැක්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කාලය දී තිබුණ ද එම දෙපාර්තමේන්තුව එවන් විරෝධයක් ගොනු කිරීමට කටයුතු කර නැති බවයි. එවන් තත්වයක් හමුවේ අධිකරණයට සිදුව ඇත්තේ බෝම්බකරුගේ සහෝදරයාගේ ඉල්ලීමට අවසර දීමට ය. ඒ කෙසේ වෙතත්, මෙම කාරණයෙන් පෙනී යන්නේ, සැබෑ බෝම්බකරුවන් පිළිබඳ හෝ ඔවුන් ආශ්‍රිත විමර්ශන පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උනන්දුවක් නැති බවයි.

මෙම රන් සහ මැණික් ඇතුළු භාණ්ඩ අත්අඩංගුවට ගෙන තිබුණේ 2019 වසරේ පාස්කුදා ඉරිදා ප්‍රහාරයත් සමග ඊබ්‍රාහිම්ගේ මහවිල උද්‍යනය නිවෙසිනි.

දේශපාලන තිරය පිටුපස සැබෑ අරමුණ

ආණ්ඩුව දේශපාලනික වශයෙන් ඉතාම දුෂ්කර තැනක තිබෙන බව නොරහසකි. එක් අතකින් ඔවුන් පොරොන්දු වූ කිසිවක් ඉටු කිරීමට අපොහොසත් වී ඇත. මාලිමාව බලයට ආවේ ජනතාවට අලි දෙන්නම් කොටි දෙන්නම් කියා ය. අලිකොටි තබා අද හාල්මැස්සකු හෝ ලබා දීමට ආණ්ඩුව සමත් වී නැත.

මේ වන විට රටපුරා ගෑස් හිඟයක් හටගෙන තිබේ. ඇතැම් ප්‍රදේශවල ගෑස් පෝලිම් ය. බොහෝ ජනතාවට එය සිහිපත් කළේ පසුගිය කොවිඩ් වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදයත් සමග හටගත් ගෑස් සහ ඉන්ධන හිඟයයි. වර්තමාන මාලිමා ආණ්ඩුවේ පිරිස් එවක චෝදනා කළේ ගෝඨාභය ආණ්ඩුවට ගෑස් සහ තෙල් ටික පවා කලට වේලාවට ලබා දීමට නොහැකි වූ බවයි. වසංගතය මගින් ඇති කළ තත්වය සහ අභියෝග ගැන කිසිදු සැලකිල්ලක් නොමැතිව එල්ල කළ චෝදනා මතින් විශාල දේශපාලන අරගලයක් ද සංවිධානය කළ අතර, ඒ හරහා එම ආණ්ඩුව පෙරළා දැමීමට ද සමත් විය.

කෙසේ වෙතත්, දැන් එම තත්වය පහව ගොස් තිබෙන සාම කාලයකි. දැන් කොවිඩ් නැත. සංචාරක කර්මාන්තය අඩපණ වී නැත. විදෙස් ප්‍රේෂණ යහමින් ගලා එයි. ඩොලර් හිඟයක් නැත. කිසිවකු විසින් සංවිධානය කරනු ලබන දේශපාලන අරගල තබා උද්ඝෝෂණයකුදු නැත. එහෙත් ගෑස් නැත. වසංගත සමයක ඩොලර් හිඟ වී ඇති වූ ගෑස් සහ තෙල් ගැන ගෝඨාභයට චෝදනා කළ අයටම අද කිසිදු අර්බුදයක් නොමැති සමයේ කලට වේලාවට ගෑස් ටික ගෙනැවිත් දීමට සැලසුමක් නැත. ඇත්ත තත්වය මෙයයි. අභියෝගකාරි කුණාටුවක් හරහා රට ගෙනයමින් තිබූ අවස්ථාවක ගෑස් සහ තෙල් හිඟවීම නිසා කලබල වී අරගල කළ පිරිස් කල්පනා කළ යුත්තේ ගෝඨාභය එවක මොන තරම් දුෂ්කරතාවකට මුහුණ දෙන්නට ඇති ද කියා ය.

ඇත්ත වශයෙන්ම ජනතාව මෙය දැන් අවබෝධ කරගනිමින් තිබේ. මේ සම්බන්ධ පැහැදිලි සාධකය නම් පසුගිය කාලය පුරාම ආණ්ඩුවේ සහාය ලත් කණ්ඩායම් රට පුරා සමුපකාර නිල වරණවලින් පරාජය වීමයි. පොදු ජනතාවට ආණ්ඩුවේ නාට්‍ය සෙල්ලම් වැඩක් නැත. ඔවුන් ඉල්ලා සිටින්නේ පීඩාකාරි ආර්ථිකයට සහනයකි. තරුණයන් නම් රැකියාවකි. මේ කිසිවක් නැත. භාණ්ඩාගාරය මුදලින් පිරී ඇති බවට ආණ්ඩුව උදම් ඇනුව ද ජනතාවගේ පසුම්බි නම් හිස්ව ඇති සෙයකි.

මේ සියල්ල මැද ජනතාවගේ ඇඟේ මාළු නටන තැනට පත් කර ඇත්තේ අන් කවරදාකවත් නොවූ තරමේ මහාපරිමාණ සොරකම් සහ වංචා ය. විශේෂයෙන්ම මේ මොහොතේත් සිදුවෙමින් තිබෙන ගල්අඟු‍රු වංචාව යනු රටේ ඇස් පනාපිට වන දැවැන්ත කොල්ලයකි. එන එන නැවේ ගල්අඟු‍රු බාල ය. එන එන නැවෙන් රටට රුපියල් බිලියන ගණනින් අලාබ වෙමින් තිබේ. ක්ෂේත්‍රයේ වියතුන් ප්‍රකාශ කරන්නේ, මේ පාඩුව මැද තවත් විනාශයක් සිදුවිය හැකි බවයි. ඒ බාල ගල්අඟු‍රු භාවිතය නිසා නොරොච්චෝල බලාගාරයේ යන්ත්‍ර සූත්‍ර කැඩී යාමයි. එවැන්නක් සිදුවීම යනු මේ ඉඩෝර සමයේ එක්වරම ජාතික පද්ධතියෙන් විශාල විදුලි මෙගාවොට් ප්‍රමාණයක් ඉවත් වී ගොස් රටම අඳුරට වැටීමයි.

පසුගිය කාලය පුරාම මහත් ආන්දෝලනයට ලක් වූ බහාලු‍ම් වංචාව ගැන තාමත් නියමාකාර පරීක්ෂණක් නැත. ඇත්ත වශයෙන්ම දැන් ඒ ගැන පරීක්ෂා කර වැඩක් ද නැත. බහාලු‍ම් 323ක වංචනික ලෙස රටට රැගෙන පැමිණි භාණ්ඩ ගැන කිසිවකු දන්නේ නැත. මේ වන විට අදාළ වංචනිකයන් ඒවා අනිවාර්යයෙන්ම කිසිවකුට හෝ සොයාගත නොහැකි ආකාරයට සඟවා තිබේ.

එවන් තත්වයක දී, ගල් අඟු‍රු ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරමින් සිදු කළ ගනුදෙනු නිසා රජයට සිදුව ඇති අතිවිශාල පාඩුව වසන් කිරීමට සහ බහාලු‍ම් වංචාව සේම තාමත් නිසි පරිදි සපයාගත නොහැකි ගෑස් හිගයෙන් මතු වූ ජනතා විරෝධය, ජනතාවට සංවේදී වන පාස්කුදා යුක්තිය’ වැනි මාතෘකාවක් කරළියට ගෙන ඒම පාලකයන්ට අත්‍යවශ්‍ය වී තිබේ.

යුද්ධය ජයග්‍රහණය කිරීමට කැපී පෙනෙන මෙහෙවරක් කළ, දශක තුනකට අධික සේවා කාලයක් හිමි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු මෙලෙස පදනම් විරහිතව අත්අඩංගුවට ගැනීමෙන් සමස්ත බුද්ධි අංශවල චිත්ත ධෛර්යය බිඳ වැටේ. මෙය හුදු පුද්ගල දඩයමක් නොව, දේශපාලන වාසි තකා රටේ ආරක්ෂක ව්‍යුහය පාවා දීමකි. මාලිමාව රජය මෙහෙයවන මෙම දේශපාලනික නාටකයේ සැබෑ මුහුණුවර ජනතාව ඉක්මනින්ම වටහා ගනු ඇත.


- ලංකාදීප

සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.