
ත්‍රිමලේ අක්කර 7000ක් ඉන්දියාවට දෙන්න යනවා – දුමින්ද නාගමුව
ඉන්දියාව ශ්‍රී ලංකාවේ සිදු කරන ආර්ථික මැදිහත්වීමට එරෙහිව අද (16 දා) දිනයේ ත්‍රිකුණාමලයේදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කරන බව ජන අරගල ව්‍යාපාරය පවසයි.
අද පෙරවරු දහයට එය තිකුණාමලය නගරයේ පැවැත්වෙන බව එහි මධ්‍යම කාරක සභික දුමින්ද නාගමුව මහතා ඊයේ පැවසීය.
‘ගම්බිම් අහිමි කර ත්‍රිමලේ ජනතාව වහලුන් කරන ඉන්දියානු ආර්ථික කලාප වැඩපිළිවළ පරදවමු’ යන තේමාව යටතේ මෙම විරෝධතාව සංවිධානය කර ඇති බවද ඔහු කීවේය.
නාගමුව මහතා මෙසේ ද සඳහන් කළේය.
"2023 දී ත්‍රිකුණාමලය චීන වරායේ පිහිටි දකුණු ආසියාවේ විශාලතම තෙල් ගබඩා සංකීර්ණයේ තෙල් ටැංකි 14 ක් මාස 06 ක තාවකාලික බදු ගිවිසුමක් මගින් ඉන්දියාවට දුන්නා. දැන් ඉනිදියාව ඉතිරි තෙල් ටැංකි 85 ත් තෙල් ටැංකි සංකීර්ණය පිහිටි අක්කර 851 ක භූමියත්, කලාපීය බලවතාගේ භූමිකාව රඟ දක්වමින්, පරිහරණය කරනවා.
එහෙම කරන ඉන්දියාවට මෙරට නිවට නියාලු පාලකයන්, ජපන් ආධාර ඇතිව යුද්ධයෙන් පස්සෙ සංවර්ධනය කළ, ලොව විශාලතම වරායන්ගෙන් එකක් වන ත්‍රිකුණාමලය වරාය ඉඩම් (ඉන්දියානු ආර්ථික කලාපය නමින්) අක්කර 7000 ක් එක්ක ඉන්දියාවට දෙනවා.
ඒ විතරක් නෙමෙයි සාම්පූර්වල පුණර්ජනනීය බල ශක්ති බලාගාරයක් ඉන්දීය ව්‍යාපෘතියක් ලෙස ඉදිකිරීමට මූලික කටයුතු කෙරෙනවා.
වාර්තාවන තොරතුරු අනුව මේ කලාපය තුළ ආරක්ෂක කටයුතු, වරාය කටයුතු, ප්‍රවාහන පහසුකම්, බන්ධනාගාර, අපනයන සැකැසුම් ස්ථාන, පුරාවිද්‍යා ස්ථාන, විශ්වවිද්‍යාල පිහිටුවීමට නියමිතයි.
දැනටමත් අෂ්රොෆ් හා සිලෝන් ජැටි ආශ්‍රිව ජීවත් වෙන පවුල් 114 කට ඉවත් වෙන්න කියලා දැනුම් දීලා. සමුද්‍රගම හා පුම්පුහාර් ධීවර ගම්මාන දෙකේ නව ඉදිකිරීම් හා අලුත්වැඩියා තහනම් කරලා. සාම්පූර්වල ජනතාවගෙන් කලින් ගත්තු ඉඩම් ඩෝසර් කරනවා. මේ මොහොත වන විටත් කප්පල්තුරෙයි හා නාච්චිකුඩා ගම්මානවල ජනතාව කාලාන්තරයක් භුක්ති විඳි ඉඩම්වල මැනුම් කටයුතු කරනවා.
මේ සංවර්ධන සැලස්මට ත්‍රිකුණාමලය නගර සැලසුම ක්‍රියාත්මක කිරීමට බැක්බේ ධීවර වරාය, සමුද්‍රගම තොටුපළ, අත්පත් කර ගන්නවා. ඒ අනුව සමුද්‍රගම, පත්තානම්බර්, විජිතපුර ධීවරයන්ට සිය පාරම්පරික ධීවර බිම් අහිමි වෙනවා. ඔරලෝසු කණුව අසල සිට කි: මී: 02 ක පමණ විහිදෙන ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ට, පදංචිකරුවන්ට, ත්‍රිරෝද රථ රියැදුරන් ඇතුළු සියල්ලන්ට සිය උන්හිටි තැන් හා ජීවනෝපාය අහිමි වීමට නියමිතයි.
ඒ විතරක් නෙමෙයි වරාය අවට පදිංචි වරායට ගැසට් කළ ඉඩම්වල පවුල් 8000 කට සිය වාසස්ථාන අහිමි වෙනවා. වෙරළබඩ කලාපයේ ධීවරයන්ගේ පවුල් 3000 කට ද සිය වාසස්ථාන අහිමි වෙනවා. මේවායේ පදිංචිකරුවන් කි: මී: 10 ක් තම පදංචි ස්ථනවලින් එපිට ප්‍රදේශවල පදිංචි කරන්න නියමිතයි. හැබැයි ඔවුන්ගේ රැකියාවට මොක ද කරන්නෙ කියලා කිසිදු තැනක සඳහනක් නැහැ. මේ පාලකයන් අපේ දේපළ විකුණන් කනවා හැර, අපිට වගකියන්නේ නැහැ."
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
