News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රි ලංකා ජනාධිපති අනුනවයෙන් ගලවා ගත් හමුදා මෙහෙයුම!

Feb 26, 2026 at 09:04 AM
|

අරගලකරුවන් ජනපති මැදුරේ ගේට්ටුව කඩනකොටත් ජනපති ඇතුළේ..

හමුදාව වෙඩිතියන්න අවසර ඉල්ලද්දී ගෝඨා එපා කියයි..

මිරිහානේ සිය පෞද්ගලික නිවසින් ජනපති ගෝඨාභය රාජපක්ෂ ජනපති මැදුරට ආවේ මාර්තු 31 වැනිදාය. ඒ අරගලකරුවන් මිරිහානේ නිවස වටලෑමත් සමගය. සිය බිරිය අයෝමා රාජපක්ෂ සමග ජනපති මන්දිරයට ආ ඔහුගේ ජීවිතය ඉකුත් සති අන්තය වන විට තිබුණේ භයානක අඩියකය.

එබැවින් රාජ්‍ය බුද්ධි අංශයේ නිර්දේශ සැලකිල්ලට ගත් ජනපති ආරක්ෂක බළසේනාව ජනපතිවරයා ඕනෑම මොහොතක ජනපති මැදුරෙන් ඉවත් කිරීමට කල්තියාම මෙහෙයුම් සැලැස්මක් සකස් කර තිබුණි. ජනපති මන්දිරයේදී එවැනි තර්ජනයට මින් පෙර මුහුණ දී තිබුණේ ජේ.ආර්. ජයවර්ධන පමණි. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ මොහොතේ ඔහුට එල්ල වූ තර්ජනය සැලකිල්ලට ගත් ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ඉන්දීය කොමාන්ඩෝ භට කණ්ඩායමකින් සමන්විත නැවක් ජනපති මැදුර සමීපයේ කොළඹ වරායේ නවතා තිබුණි. ඔවුනට දුන් පැවරුම වූයේ ජනපතිවරයාගේ ජීවිතයට තර්ජනයක් එල්ල වුවහොත් ජනපති මැදුරට කඩා පැන ජනපතිවරයා නිරුපද්‍රිතව ඉන්දීය නෞකාවට රැගෙන යාමටය. මේ කතාව ඇත්තේ එකල ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ජේ.ආර්. ඩික්සිට් ලියූ කොළඹ භූමිකාව කෘතියේය.

කෙසේ නමුදු ජේ.ආර්. ට නැව් නගින්නට සිද්ධ නොවුණත් ඉන් වසර 33කට පසු ජනපති මැදුරේ සිටි ගෝඨාභය රාජපක්ෂට ජීවිතය බේරා ගැනීමට නැව් නගින්නට සිද්ධ වූවේය. මින් පෙර කොළඹින් නැව් නැග දිවි ඇති තුරා ලංකාවට නොඑන්නට ගිය ලංකාවේ පාලකයා වූයේ ලංකාවේ අන්තිම රජු ශ්‍රී වික්‍රම රාජසිංහය. ඉන් ශත වර්ෂ දෙකකට පසු ගෝඨාභය රාජපක්ෂටත් නැව් නැග මුහුදට ගොස් එතැනින් ගොඩබිමට පැමිණ ගුවන් නැවෙන් ලංකාවෙන් පිට වූයේය.

දවල් 12 ට අරගලකරුවන් ජනපති මන්දිරය වටකරන විට ජනපතිවරයා සිටියේ ජනාධිපති මන්දිරය තුළය. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න ත්‍රිවිධ හමුදාපතිවරුන්ද එහි රැඳී සිටියහ. ඒ අතරේ කතාවක් පැතිර ගියේ ජනපතිවරයා හමුදා රැකවල් මැද කටුනායක අධිවේගය හරහා ගුවන් තොටුපොළට යන බවය. ඒ කතාව පැතිරී ගියේ අධිවේගයේ කොමන්ඩෝ භට පිරිසක් රැගත් ඩිෆෙන්ඩර් රථ හතර පහක් ගිය නිසාය. නමුත් එම රථ ගුවන්තොටුපොළට ගියේ ආරක්ෂක සමුළුවකට ඉන්දියාවට ගිය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද කොළඹ බලා රැගෙන එන්නටය. ​

අරගලකරුවන් ජනාධිපති මන්දිරය වැටලූ අවස්ථාව

මේ අතරේ රයේ අවසන් ගේට්ටුව ළඟට පැමිණීමට පෙර සිටම ජනාධිපතිවරයාව මන්දිරයෙන් ඉවත් කිරීමට ආරක්ෂක ප්‍රධානීහු යෝජනා කළහ.

‘‘බලමු එයාලා මොකද කරන්නේ කියලා’’ ජනාධිපතිවරයාගේ උපදෙස විය.

මේ වනවිටත් ජනාධිපතිවරයා මන්දිරයෙන් ඉවත් කිරීමට ආරක්ෂක ප්‍රධානීහු සැලසුම් දෙකක් ක්‍රියාත්මක කළහ.

කොළඹ වරායේ නැංගුරම්ලා ඇති ගජබාහු නෞකාවෙන් ජනපතිවරයා ඉවත්කර ගැනීම එක් සැලසුමකි. එම සැලසුම භාරවූයේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නටය. අනෙක් සැලසුම පැවරුණේ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණටය. ඔහුට තිබුණේ කොළඹ වරාය තුළට හෙලිකොප්ටරයක් ගොඩ බස්සවා එතැන් සිට ගුවනින් ජනපතිවරයා ඉවත් කර ගැනීමය.

ඒ සඳහා ගුවන් තොටුපොළේ ස්ථාපිත කර ඇති ප්‍රභූන් ප්‍රවාහනය කරන අංක හතර ප්‍රභූ ආරක්ෂක බළඝනයට අයත් හෙලිකොප්ටර් සූදානම් කෙරිණි. එක් හෙලිකොප්ටරයක් ගුවනේ තබන්නට වූයේ අවසන් දොරටුව ළඟට​ අරගලකරුවන් ළං වෙද්දීය. ජනපතිවරයා කලින්ම රැගෙන යාමට හමුදාපතිවරුන් හා බුද්ධි ප්‍රධානීන් තීරණය කළත් දහවල් 12.00 පමණ වනතුරුත් එහිම රැඳී සිටියේ ජනපතිවරයාගේ උපදෙස් මතය.

‘‘සර් තවත් හිටියොත් කට්ටිය ඇතුළට කඩාගෙන එනවා. සර් හිටියොත් ඒ අයට අනිවාර්යයෙන්ම වෙඩි තියලා හරි නවත්වන්න අපට සිද්ධ වෙනවා යැයි’’ ආරක්ෂක ප්‍රධානීහු අනතුරු හැඟවූහ.

‘‘නෑ… කාටවත් වෙඩි තියන්න යන්න එපා. මම යන්න ලෑස්ති වෙන්නම්’’ යැයි ජනපති ගෝඨාභය හමුදා ප්‍රධානීන්නට නියෝග කළේය.

වරායට හෙලිකොප්ටරය ගොඩබාන්නට යෑමේදී ඒ දෙසට අරගලකරුවන් පැමිණිය හැකි නිසා ඔහු නැවට රැගෙන යාම සැලසුම විය.

විදේශ කටයුතු අමාත්‍යාංශය පැත්තෙන් කොළඹ වරායට යාමට ඇති ආරක්ෂිත මාර්ගය ඔස්සේ ජනපතිවරයා රැගෙන යාමට තීරණය වන්නේ ඒ අනුවය. ආරක්ෂක නිලධාරීන් සමග ජනපතිවරයා ‘ගජබාහු’ නෞකාව වෙත රැගෙනයන්නේ ආරක්ෂිතවය.

අරගලකරුවන් ජනපති මන්දිරයට කඩා පනින්නේ ජනපතිවරයා නෞකාවට ඇතුළුවන මොහොතේදීය.

නාවික හමුදාපතිවරයාද කැටුව නාවික හමුදාවේ නෞකාව දියඹට ඇදුණේ ජනපතිවරයා හා ජනපති බිරියද කැටුවය. ඔවුන් ගමන් කළ නැව වටා ආරක්ෂිත වළල්ලක් ලෙස ඩෝන යාත්‍රා ද ගමන් කළේය. අරගලකරුවන් ජනපතිවරයා සොයා යද්දී සියලු දෙනාට හොර රහසේ ජනපතිවරයා රැගත් නැව ත්‍රිකුණාමල නාවික වරාය දක්වා ගමන් කළාය. ඒ වන විටත් ත්‍රිකුණාමල වරායේ අධි ආරක්ෂිත ස්ථානයක ජනපතිවරයා හා ඔහුගේ බිරියට නවාතැන් ලැබෙන්නේ නාවික හමුදාවේ දැඩි ආරක්ෂක රැකවල් මැදය.

ජනපතිවරයා ත්‍රිකුණාමලයේ රැඳී සිටින අතරතුර ඔහු කඩිනමින් රටින් පිටට ගෙන යන මෙහෙයුම සැලසුම් කෙරන්නේ මේ අතරය.

ආරක්ෂක හා බුද්ධි ප්‍රධානීහු ජනපතිවරයා රැගෙන යන සැලසුම් ක්‍රියාත්මක කරන්නට වූයේ රාජ්‍ය ත්‍රාන්ත්‍රික සබඳතාද සමගිනි.

ත්‍රිකුණාමල නාවික කඳවුර වෙත පසුදින (10දා) ප්‍රභූන් ප්‍රවාහනයට යොදවන හෙලිකොප්ටර් දෙකක් රත්මලානේ සිට ගුවන් ගත විය. හතර වන ප්‍රභූ ආරක්ෂක බළඝනයේ අණදෙන නිලධාරියා යටතේ හෙලිකොප්ටර් යානා ත්‍රිකුණාමලය බලා ගියහ. ජනපතිවරයා ගමන් ගන්නා මොහොතේ එම හෙලිකොප්ටරයේ නියමුවා වන්නේ අණ දෙන නිලධාරියාය.

ජනාධිපතිවරයා යළි කොළඹට රැගෙන ඒමට තීරණය කරන්නේ අරගලකරුවන්ගෙන් රටම කැළඹී තිබුණ මොහොතකය. එහි වගකීම ආරක්ෂක ප්‍රධානීහු තම කරමතට ගත්තේ සේනාවිධායක ලෙස ජනපති ආරක්ෂාව ඔවුනට පැවරුණ නිසාය.

ජූලි 11දා ජනපතිවරයාත්, ඔහුගේ බිරියත් සමග ප්‍රභූ ප්‍රවාහන බළඝනයේ හෙලිකොප්ටර් යානා දෙක රත්මලාන ගුවන් හමුදා කඳවුර බලා පැමිණියේ දහවල් 1.00ට පමණය. නාවික හමුදාපතිවරයාත් ජනපතිවරයා සමග​ හෙලිකොප්ටරයේ ත්‍රිකුණාමලයේ සිට පැමිණියේය.

මේ වන විට රත්මලාන ගුවන් කඳවුරට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදාපති, යුද හමුදාපතිද පැමිණ සිටියහ. ජනපතිවරයා රත්මලාන ගුවන් කඳවුරේදී ආරක්ෂක ප්‍රධානීන් සමග ඉදිරි පියවර ගැන සාකච්ඡාවක නිරත වූයේය. ඒ අතරේ ජනපති බිරිය අයෝමා රාජපක්ෂ ආරක්ෂිතව මෝටර් රථවල නංවාගෙන මිරිහානේ පුද්ගලික නිවස වෙත රැගෙන ආවාය. ජනපති බිරිය මිරිහාන නිවසට එන්නේ රටින් පිටව යාමට පෙර තමන්ගේ වටිනා කියන ලියකියවිලි ඇතුළු අත්‍යවශ්‍ය දේ රැගෙන යන්නටය. මිරිහාන නිවසේ යතුර තිබුණේද ඇය සතුවය.

පැය දෙකක් ඇතුළත මිරිහාන නිවසේ අවශ්‍ය දේ රැගෙන ඇයව නිරුපද්‍රිතව රත්මාලන කඳවුරට ගෙන ඒමට ප්‍රභූ ආරක්ෂකයෝ සමත්වූහ.

රත්මලානේ සිට ජනපතිවරයා හා බිරිය යළිත් ආරක්ෂිත ස්ථාන දෙකකට රැගෙන ගොස් රැකවරණය දීම එතැන් සිට පැවරෙන්නේ ගුවන් හමුදාපතිටය.

කටුනායක ගුවන් හමුදා කඳවුරේ හමුදාපති නිල නිවාසය ඇතුළු ආරක්ෂිත ස්ථාන දෙකක් ජනපතිට වෙන් කෙරුණේය.

රට පුරාම ජනාධිපතිවරයාට ඉවත්වනලෙස විරෝධතා පැවැත්වුණද රටින් පිටව යනතුරු ඔහු ඉවත් නොවීමට වගබලාගත්තේ ජනාධිපති මුක්තිය යටතේ වරප්‍රසාද ඉවත්වුණු පසුව නොලැබෙන බැවිනි. ජනාධිපති මුක්තිය නොමැතිව ජනපතිවරයා පිටවගියොත් ජීවිතයට අනතුරක් වන බවද බුද්ධි ප්‍රධානීහු දි​ගින් දිගම අනතුරු ඇඟවූහ.

ජනපතිවරයාට ඇමරිකා වීසා ප්‍රතික්ෂේප වෙද්දී තවත් රටවල් සමග සාකච්ඡා කර වාණිජ ගුවන් යානා මගින් කුලියට ලබා ගන්නා ගුවන් යානයකින් රැගෙන යාමට ඇති හැකියාවද සොයා බැලුවේය. මේ සඳහා බටහිර රටවල් ඇතුළු රටවල් ගණනාවකින් අවසරයක් නොවීය. ඉන්දියාවට ගෙන ගොස් ජනපතිවරයා ආරක්ෂිතව සිංගප්පූරුවට රැගෙන යාමට ගත් උත්සාහයද ව්‍යර්ථවිය. ශ්‍රී ලන්කන් ගුවන් යානාවලින් රැගෙන යාම අනතුරුදායක බව ආරක්ෂක ප්‍රධානීහු පෙන්වා දුන්හ. නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලය ජනාධිපතිවරයා රැගෙන යාමට නොහැකි බව පෙන්වා දීම ඊට හේතුවය. වෘත්තිය සමිති මේ වන විටත් දැඩි විරෝධයක නිරතවූහ.

ජූලි 12 දා දහවල් වනවිට ගොඩ බිමේ මාර්ග ඔස්සේ ආරක්ෂිත උපාය මාර්ග යොදමින් ජනපතිවරයා බත්තරමුල්ලේ හමුදා මූලස්ථානයට රැගෙන ආවේය. එදින දහවල් හමුදා මූලස්ථානය ජනපතිවරයාගේ ආරක්ෂිත ස්ථානය විය. හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක ප්‍රධානීන් සමග ආරක්ෂක මණ්ඩලය රැස් කළ සාකච්ඡා කළ ජනපතිවරයා ඉදිරි ක්‍රියාමාර්ග ගැන කතානායකවරයා සමගද සාකච්ඡා කළේය. අගමැති රනිල් වික්‍රමසිංහද හමුදා මූලස්ථානය තුළ රැඳී සිට ජනපතිවරයා සමග සාකච්ඡාවට එක්විය.

Mahinda Rajapaksa: බත්තරමුල්ල ආරක්ෂක හමුදා මූලස්ථානය හැදුවේ ගෝඨාභය බව සිරස ටීවී වීඩියෝවකින් හෙළි කරයි.

බත්තරමුල්ලේ හමුදා මූලස්ථානය

ජනපතිවරයා විදෙස් රටකට ගිය පසුව ඉල්ලා අස්වීමේ ලිපියදීම අවසන් තීරණය විය.

කුලියට ගත් ගුවන් යානා හා වාණිජ ගුවන් යානාවලින් ජනපතිවරයාට පිටවීමේදී ඇති තර්ජනය සැලකිල්ලට ගෙන ගුවන් හමුදාවේ යානයකින් විදෙස් ගතවීම අවසන් සැලසුම විය.

ගුවන් හමුදාව සතුව තිබූ ඇන්ටනොව් 32 ගුවන් යානාවකින් ජනපතිවරයා රැගෙන යාම අවසන් සැලසුමට ගුවන් හමුදාව සතුව ක්‍රියාකාරී තත්ත්වයේ තිබූ ඇන්ටනොව් ගුවන් යානා තුනම රුසියානු යුක්රේන ගැටුම් ඇරඹීමට පෙර යුක්රේනයට ගොස් අලුත්වැඩියා කරගෙන ආ යානාවන් විය.

LIVE – Gotabaya Rajapaksa lands in Maldives on Sri Lankan military flight | Tamil Guardian

ඇන්ටනොව් 32 ගුවන් යානාව

විදෙස් රටවලට යාමට ගත් උත්සාහය ව්‍යර්ථ වෙද්දී ජනපති ගෝඨාභය රාජපක්ෂ හමුදා මූලස්ථානයේ රැඳී සිටියදීම, මාලදිවයින් ජනපතිවරයා ඇමතුවේය. ගුවන් හමුදා යානයකින් මාලදිවයිනට යෑමට සහාය පැතුවේය. මාලදිවයිනේ ජනපතිවරයාගේ අනුමැතිය ලබා ගත් පසු ගමනට සියල්ල සැලසුම් විය.

Freedom, liberty and Maldivian ownership: President Solih's Independence Day address – Maldives Independent

මාලදිවයිනේ ජනපති

මාලදිවයිනේ අනුමැතිය ගැනීමේදී එරට කතානායක මොහොමඩ් නෂිඩ් ප්‍රශංසනීය කාර්යයක් ඉටු කළේය. වසර කිහිපයකට පෙර ඔහුගේ ජීවිතය තර්ජනයට ලක් වූ මොහොතේ ශ්‍රී ලංකාවට ගෙන්වා ඔහුට ආරක්ෂාව දී රැක බලා ගත්තේ මහින්ද රාජපක්ෂ ජනපතිවරයාය.

එදින ජනපතිවරයා රාත්‍රි භෝජන සංග්‍රහය භුක්ති වින්දේ යුද හමුදා මූලස්ථානයෙනි. ඉක්බිතිව ජනපතිවරයා විශේෂිත ආරක්ෂාවක් මැද වාහනවලින්ම කටුනායක බලා පිටත් වූයේ රාත්‍රි 10.00ටය. කටුනායක ගුවන් හමුදා කඳවුර තුළ ජනපතිටත් ඔහුගේ බිරියටත් ආරක්ෂාව සැපයිනි.

රාත්‍රි 12.00 වන විට ගුවන් හමුදා නිලධාරීන්ම රේගුවට හා ආගමන විගමන දෙපාර්තමේන්තුවට ජනපති හා ඔහුගේ බිරියගේ ලියකියවිලි ඉදිරිපත් කර ගුවන් ගමනට අවශ්‍ය නිෂ්කාෂණ ගත්හ. ජනපතිවරයාගේ ආරක්ෂාවට ජනපතිගේ පුද්ගලික ආරක්ෂක නිලධාරී විශේෂ බළකායේ මේජර් ​ෙජනරාල් මහින්ද රණසිංහ හා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් මදුර වික්‍රමරත්නද එක් වූහ. ජනපතිවරයාට එල්ල විය හැකි ඕනෑම තර්ජනයට දිවි හිමියෙන් මුහුණ දීමට ඔවුන් දෙන්නා සැදී පැහැදී සිටියේ විශේෂ බළකායේ හා කමාන්ඩෝ රෙජිමේන්තුවේ ලබා ඇති දැඩි පුහුණුවෙනි. ගෝඨාභය ජනපතිධුරයට පත්වන්නට පෙර සිටම ආරක්ෂාවට ළඟම සිටියේත් මෙම නිලධාරීන් දෙදෙනාය. ගජබා රෙජිමේන්තුවේ මේජර් ​ෙජනරාල් සෙනරත් නිවුන්හැල්ල ජනපතිවරයා ලංකාව තුළ රැඳී සිටින කාලය තුළ ජනපතිවරයාගේ සමස්ත ආරක්ෂාව භාරව සිටියේය.

කටුනායක ගුවන් තොටු​පොළෙන් පිටත්වීමට පෙර ඇන්ටනොව් 32 ගුවන් යානය වාණිජ ගුවන් යානයක් ලෙස ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා ලියාපදිංචි කිරීම කටයුතුද මේ වන විටත් කර තිබිණ. ගුවන් යානයේ නියමුවා ලෙස එක්වූයේ එම ගුවන් හමුදා දෙවන බළඝනයේ අණ දෙන නිලධාරී ගෲප් කපිතාන් වෙලගෙදරය. සහායක නියමුවා වූයේ වීන්ග් කමාන්ඩර් මල්ලවාරච්චිය. රජය ගුවන් ගමනට අනුමැතිය දුන්නද මාලේ ගුවන් තොටුපොළේ ගුවන් ගමන් පාලක පද්ධතියට ගුවන් යානාව ගොඩ බැස්සවීමට අවසරයක් නොලැබුණේය. ඒ වන විටත් වාණිජ ගුවන් යානා ගොඩ බැස්සවීමට තිබූ නිසා මාලේ ගුවන් තොටු​පොළේ ගොඩබෑමට අවසරය ලැබෙන තුරු යානාව කටුනායක ගුවන් පථයේ රඳවා තැබුවේය.

මාලේ ගුවන් තොටුපොළෙන් ලද අනුමැතිය සමග 13 වනදා අලුයම 1.00ට ගුවන් යානය ගුවන් ගත විය. පැයකුත් විනාඩි හතළිහක ගුවන් ගමනකින් පසුව ජනපතිවරයා හා ඔහුගේ බිරිය ඇතුළු සිව් දෙනා ආරක්ෂිතව ගොඩ බස්සවා යළිත් ඉන්ධන ලබා ගෙන ගුවන් යානය පෙරළා කටුනායකට පැමිණියේය. උදෑසන 7.00 වන විට එය කටුනායකට සේන්දු වන්නේ දැඩි පීඩනයක් මැද කළ මෙහෙයුමක් සාර්ථකව අවසන් කරමින්ය.

DIMO achieves another milestone | Sunday Observer

මාලේ ගුවන් තොටුපොළ

ඔවුන් එය කළේ ගෝඨාභය රාජපක්ෂට නොව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනපතිවරයා සේම සේනාධිනායකයාටය. ඔහු දෙන සියලු නීත්‍යානුකූල නියෝග පිළි ගැනීමට සන්නද්ධ හමුදා බැඳී සිටිති. එම නි​යෝග නොතකා හැරීම රාජද්‍රෝහී වරදක් යටතේ යුද්ධාධිකරණයේදී නඩු පවරා මරණ දඬුවම දිය හැකි වරදකි. රටේ ව්‍යවස්ථාව යුද, ගුවන්, නාවික හමුදා පනත්වල තිබෙන බලතල නොදන්නා හැඟුම්බර ආවේගශීලී පිරිස් ගෝඨාභයට ගුවන් යානා දුන්නේ කොහොමද ආරක්ෂාව දුන්නේ කොහොමද කියා කීවට එය නොකළ සිටීමට හමුදාවට බැරිය. මක්නිසාද යත් ඔහු නමින් ගෝඨාභය වුවත් තනතුරින් ජනපති වන නිසාය.

- තිස්ස රවීන්දු පෙරේරා

(මුහුණුපොතින් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.