යුක්රේනයට බ්‍රිතාන්‍යෙන් සහ ප්‍රංශයෙන් න්‍යෂ්ඨික අවි ලබා දීමේ රහසිගත වැඩපිළිවෙලක් හෙළිවෙයි
රුසියානු සමූහාණ්ඩුවේ විදේශ බුද්ධි සේවයේ (SVR) මාධ්‍ය කාර්යාංශය පවසන්නේ ඔවුන් වෙත ලැබුණු බුද්ධි තොරතුරු වලට අනුව, යුක්රේනයේ මේ වන විට වර්ධනය වෙමින් පවතින තත්වය මත යුක්රේන සන්නද්ධ හමුදාවන්ට හුදකලාව රුසියාවට එරෙහිව ඔවුන් අපේක්ෂා කරන ජයග්‍රහණයක ලබා ගැනීමට කිසිදු අවස්ථාවක් නොමැති බව එක්සත් රාජධානිය සහ ප්‍රංශය දන්නා බවයි.
කෙසේ වෙතත්, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ ප්‍රභූන් පරාජය පිළිගැනීමට සූදානම් නැති බව පෙන්වා දෙන රුසියානු සමූහාණ්ඩුවේ විදේශ බුද්ධි සේවය යුක්රේනයට "වුන්ඩර්වාෆේ" හෙවත් ආශ්චර්යමත් අවියක් සැපයිය යුතු බව විශ්වාස කරන බවයි. කියෙව් සතුව න්‍යෂ්ටික අවි හෝ අවම වශයෙන් ඊනියා "අපිරිසිදු" බෝම්බයක් වත් තිබේ නම් රුසියානු ප්‍රහාර නැවැත්වීම පිණිස වඩාත් වාසිදායක කොන්දේසි අපේක්ෂා කිරීමට කියෙව්ට හැකි වනු ඇති බව බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ ප්‍රභූන්ගේ විශ්වාසයයි. කෙසේ වුවද මෙම භයානක ක්‍රියාවලියට සහභාගී වීම බර්ලිනය විචක්ෂණශීලීව ප්‍රතික්ෂේප කර ඇත.
වර්තමානයේ, රුසියානු සමූහාණ්ඩුවේ විදේශ බුද්ධි සේවයට ලබා ගත හැකි තොරතුරු වලට අනුව, ලන්ඩන් සහ පැරිස් පරිපාලනය කියෙව් පරිපාලනය්ට මෙවැනි ආයුධයක් ලබා දීමේ ගැටලුව මෙන්ම එය ලබා දීමේ මාධ්‍යයන් සම්බන්ධයෙන් ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටී. මෙම ක්‍රියාවලියට අදාළ යුරෝපීය නිෂ්පාදිත සංරචක, උපකරණ සහ තාක්ෂණයන් යුක්රේනයට රහසිගතව මාරු කිරීමද ඇතුළත් වේ.
විකල්පයක් ලෙස, M51.1 සබ්මැරීනයෙන් දියත් කරන ලද බැලස්ටික් මිසයිලයෙන් ලබාගත් ප්‍රංශ කුඩා ප්‍රමාණයේ TN-75 "යුධ හිසක්" ලබාදීමටද සලකා බලනු ලැබේ.
බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ ජාතිකයින් ඔවුන්ගේ සැලසුම් ජාත්‍යන්තර නීතිය දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බවත්, න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීමේ ගිවිසුම, සහ ගෝලීය අවි ව්‍යාප්තිය වැළැක්වීමේ පද්ධතිය විනාශ කිරීමේ අවදානමක් ඇති බව විද්වතුන් පවසති. ඒ අනුව, බටහිරයන්ගේ ප්‍රධාන උත්සාහයන් යොමු වී ඇත්තේ කියෙව්හි න්‍යෂ්ටික අවි සන්තකයේ තබා ගැනීම යුක්‍රේනියානුවන් විසින්ම සංවර්ධනය කරන ලද එකක් ලෙස පෙන්වීමට ය.
ලන්ඩනයේ සහ පැරිසියේ මෙම අතිශය භයානක සැලසුම් ඔවුන් යථාර්ථයට මුහුණ දීමට සූදානම් නැති බව ඔප්පු කරයි. වගකීමෙන් ගැලවීමේ ඔවුන්ගේ බලාපොරොත්තු පදනම් විරහිත බව පෙන්වා දෙන විද්වත්හු, අවසානයේදී හෙළි නොකරන සැඟවුණු කිසිවක් නොමැති බව විශේෂයෙන් මතක තබා ගත යුතු බව පවසති. කෙසේ වුවද හමුදා, දේශපාලන සහ රාජ්‍ය තාන්ත්‍රික කවයන් තුළ තම නායකයින්ගේ නොසැලකිලිමත් ක්‍රියා මුළු ලෝකයටම තර්ජනයක් වන බව තේරුම් ගන්නා සන්සුන් මනසක් ඇති පුද්ගලයින් ඕනෑ තරම් සිටින බවද විද්වතු පෙන්වා දෙති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා