News Category
From Date
To Date
Maximum Number of Result

මේක "දේශීය නිෂ්පාදන පද්ධතිය" සම්පූර්ණයෙන්ම බිඳවට්ටපු අයවැයක් - විමල් වීරවංශ

Dec 16, 2023 at 05:48 AM
|

දේශීයව නිපදවන දියර කිරි, කඩදාසි, සීනි, CFL බල්බ, උදලු තල හා වෙනත් කෘෂි ආම්පන්න ඇතුළු දේශීය නිෂ්පාදන සියල්ලට සියයට 18ක වැට් බද්ද හා උපරිම බදු පැනවීම මගින් මෙන්ම ආනයනය දිරිමත් කෙරෙන අයවැය යෝජනා ඇතුළු සමස්ත අයවැය මගින් මෙරට දේශීය නිෂ්පාදන පද්ධතිය මුළුමනින්ම බිඳවට්ටවා ඇතැයි උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේ මෙවර අයවැය විවාදය අවසන් දිනයේදී එනම් දෙසැම්බර් 13 වැනිදා සිය කතාව සිදු කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  වීරවංශ මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.

IMF කියන විදියට යනවා නම්...

"අපේ 'ආචාර්ය බන්දුල ගුණවර්ධන සූරීන්ගේ' කතාවෙන් පස්සේ මේ කතාව කරන්න ලැබීම වැදගත් කොට සලකනවා. අපි දන්නවා,  මහ බැංකු අධිපති ධුරයට ආපු නන්දලාල් වීරසිංහ ඉතාමත් කලබලයෙන් 'ශ්‍රී ලංකාව බංකොලොත්' කියලා ප්‍රකාශයට පත් කළේ එවකට අමාත්‍ය මණ්ඩලය හෝ මේ පාර්ලිමේන්තුව හෝ දැනුම්වත් කරලා නොවෙයි. පාකිස්ථානයත් මෙවැනි ආර්ථික අර්බුදයකට ලක් වුණාම ගියා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගන්න. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිගින් දිගටම පාකිස්ථානයට බලපෑම් කළා, 'ශ්‍රී ලංකාව වගේ ඔයගොල්ලොත් ආර්ථිකය බංකොලොත් කියලා ප්‍රකාශයට පත් කරන්න' කියලා. නමුත් පාකිස්ථානය ඒ බරපතළ තීරණය ගත්තේ නැහැ. ඔවුන් දන්නවා එවැනි තීරණයක් ගත්තොත් ඉන් ඇති වන පලවිපාක ඉතාමත් දරුණුයි, කියලා. නන්දලාල් වීරසිංහ වගේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 'ඔඩොක්කු කුක්කෙක්' පාකිස්ථානයේ හිටියේ නැහැ. ඒ නිසා පාකිස්ථානය ඒ තීරණය නොගෙන චීනය, සවුදි අරාබිය, කටාර් වැනි රටවල සහයෝගය ලබාගෙන, විදේශ විනිමය සංචිතය තරමක් දුරට හෝ ශක්තිමත් කරගෙන, ණය ගෙවාගෙන, එදිනෙදා වියදම් දරාගත හැකි මට්ටමේ තත්ත්වයක් කෙටි කාලීනව නිර්මාණය කරගත්තා. එහෙම කළේ අර්බුදයෙන් ගොඩඒමේ උපායමාර්ගික සැලැස්මක් ද සහිතවයි. රටක් බංකොලොත් කියලා ප්‍රකාශයට පත් කළාට පසුව ජාත්‍යන්තර අරමුදලේ පදයට නටනවා හැරෙන්න තමුන්නාන්සේ(බන්දුල ගුණවර්ධන මහතා) කියන සුබ අනාගතය නම් නිර්මාණය වෙයි කියලා මම නම් කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා අපට කියන්න තියෙන්නේ අර 'කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ' කියනවා වගේ 'IMF කියන විදියට යනවා නම් විඳවාපන් බළලෝ' කියා පමණයි.

දේශීය නිෂ්පාදන පද්ධතිය විනාශයි!

හොඳට බලන්න, මේ අයවැයෙන් සිදු කර ඇත්තේ දේශීය නිෂ්පාදන  පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳවැට්ටවීමයි. ආණ්ඩුව ගහන තරමක් බදු ගහන්නේ දේශීයව නිපදවන දෙයටයි. දේශීයව නිපදවන  දියර කිරි ටිකට, පොල් කිරි ටිකට, සීනිවලට, ටින් මාළුවලට, සීඑෆ්එල් බල්බ් එකට, බිත්තර නිෂ්පාදනයට අවශ්‍ය උපකරණවලට බදු පිට බදු ගහනවා.  කඩදාසිවලට බදු පිට බදු ගහලා රටේ ප්‍රකාශන කර්මාන්තය නැත්තටම නැති කරනවා. පාසල් පොත් ටික අරගෙන දරුවන්ට පාසල් යන්න බැරි කරනවා. උදළු තලය  ඇතුළු කෘෂිකාර්මික ආම්පන්නවලට සියයට දහඅටක වැට් බද්ද ගහලා මේ රටේ කෘෂි නිෂ්පාදකයා කෘෂි කර්මාන්තයෙන් ඉවතට ඇද දානවා. අවසානයේ අපේ  කෘෂි කර්මාන්තය ග්‍රාමීය ගොවි ජනතාවගෙන් උදුරාගෙන මහා පරිමාණ සමාගම් අතට දෙනවා. ඒ ග්‍රාමීය ගොවි ජනතාවට වගාබිම් අහිමි කරලා, ඔවුන් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල වහල් සේවයේ යෙදවීමට අවශ්‍ය පරිවර්තනය තමයි මේ සිදු කරමින් ඉන්නේ.

"තුන' ගන්න කරන දේ...

මේ විදිහට බදු ගැහුවාම එම භාණ්ඩ හා සේවාවල පරිභෝජනය අඩුවෙනවා. මතක තියාගන්න, පරිභෝජනය අඩු වෙනකොට ඔය කියන බදු ඉලක්ක සම්පූර්ණ කරගන්නත් බැරි වෙනවා. IMF එකේ දෙවැනි ණය වාරිකය ගන්න බලාගෙනනේ මේ ආණ්ඩුව මේ විදිහට කඩිමුඩියේ අයවැය අස්සේ වැට් බදු සංශෝධන පනත ගෙනත් සම්මත කරගත්තේ. තුන්වන වාරිකය ගන්න නම් තවත් ටිකක් ජනතාවගේ බෙල්ල මිරිකන්න වෙනවා. මේ ආණ්ඩුවට අද මේ ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න තිබෙන උපායමාර්ගික සැලැස්ම ඇතුළේ තිබෙන්නේ බදු උපරිමයෙන් වැඩි කිරීම සහ රාජ්‍ය ව්‍යවසායන් සහ අනෙකුත් ජාතික සම්පත් විකිණීම පමණයි. මේ බදු ගහන විදියට දේශීය කර්මාන්ත පවත්වාගෙන යන්න බැරි වෙනකොට ඒ කර්මාන්තකරුවා බලනවා ඒක දෙන්න කෙනෙක්. එහෙම කෙනෙක් ලංකාවේ නැති වෙනකොට විදේශිකයෙකු තමයි ඉදිරිපත් වුණත් ඉදිරිපත් වන්නේ. අද රාජ්‍ය ආයතන කුණුකොල්ලයට විදෙස් සමාගම් අතට යනවා වගේම ඉදිරියේදී පෞද්ගලික ව්‍යවසායන් ද කරගෙන යන්න බැරි වුණාම ඒවාත් යන්නේ විදේශිකයෙකු අතට කුණුකොල්ලයටයි.

දෙවැනි දාඨෝපතිස්ස පරිච්ඡේදය

මහාවංශය කියවනකොට අපට මුණගැහෙනවා පළමුවැනි දාඨෝපතිස්ස කියලා රජ කෙනෙක්. ඔහු ථූපාරාමය කොල්ලකාලා එහි රන්කොත ගලවලා විකුණුවා. තවත් රාජ්‍ය සම්පත් කොල්ලකාලා විකුණුවා. දැන් මේ යන පරිච්ඡේදය  අපට  පෙනෙන්නේ දෙවැනි දාඨෝපතිස්ස පරිච්ඡේදය විදියට. තවම ථූපාරාමයේ රන්කොතට අත නොතිබ්බාට මේ රටේ ලාභ ලබන රාජ්‍ය ආයතන සියල්ලම විකිණීම, ගහන්න පුළුවන් උපරිම බදු ටික  ගහන එක අද සිදු වෙමින් තිබෙනවා. මේ අයවැය ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ අයවැයක්. මේ අයවැයෙන් කරලා තිබෙන්නේ, 'ජනතාවට ගොනා  අනින' පාට් එකයි.

IMF නෙයියාඩගමෙන් සුගතියක් වෙන්නේ නැහැ!

ලබන අවුරුද්දෙත් අපි සාම්ප්‍රදායිකව කියයි, 'සුබ අලුත් අවුරුද්දක් වේවා!' කියා. නමුත් එළඹෙන්නේ මෑත අවුරුදු කිහිපය හා සැසදුවත් ඉතාමත් පීඩාකාරී, සෑම සමාජ ස්තරයක්ම දැනට සිටින තත්ත්වයෙන් පහළට කඩා වැටෙන, එසේ පහළට කඩා වැටෙන සමාජ ස්තරයන් විසින් ඉතාම දරුණු ප්‍රතික්‍රියාවලට යාමට ඉඩකඩ තිබෙන වසරක්. මේ පිළිබඳව ගැඹුරින් නොසිතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නටන මේ නෙයියාඩගමෙන් මේ රටට සුගතියක් වෙන්නේ නැහැ, කියා අවධාරණය කරනවා."

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාවේ 52 වැනි අගවිනිසුරු ලෙස විනිසුරු භූෂන් රාම්ක්‍රිෂ්ණ ගවායි ජනාධිපති ද්‍රෞපදි මුර්මු ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය නීති සංශෝධනය කරන බවත්, ජනවරමට අනුව ජාතික ජන බලවේගයට (NPP) බහුතරයක් ලැබී ඇති පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීමට අයිතියක් ඇති බවත් ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සර සැමරුමේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජනවරම අනුව ජාතික ජන බලවේගයට පළාත් පාලන ආයතන 152 ක සභා පිහිටුවීම සඳහා පැහැදිලි බහුතරයක් ඇති බවත්, සභා 115 ක සභා පළමු රැස්වීමේ දිනයේදී පිහිටුවන බවත්ය.
හමුදා ක්‍රියාමාර්ග නතර කළත් ආපසු ගැහුවොත් පෙරළා පහර දෙන බවට ඉන්දීය අගමැති මෝදි පෙරේදා (13දා) කර ඇති ප්‍රකාශය තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය ඊයේ (14දා) නිවේදනය කළේය. එහි මෙසේද දැක්වෙයි.
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයෝ ඊයේ (14) එකඟතාවයකට පැමිණියහ.
පාකිස්තානයට අයත් විශාලම පළාත ලෙසින් සැලකෙන බලොචිස්තාන්, පාකිස්තානයෙන් ඉවත් වී වෙනම ස්වාධීන රාජ්‍යයක් ලෙසින් නුදුරේදීම බිහිවනු ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.
පාතාල නායකයෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩ තහනම් කරන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉල්ලා සිටි බව කියන රුපියල් මිලියන 300 ක අල්ලසක් ගෙවීම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමන් තංගල්ලේ රඳවාගෙන සිටින බවට චෝදනා කර තිබේ.
ශ්‍රී ලංකා රජය, පදනම් විරහිත ජන සංහාර චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.
තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කර ඇත.
යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වන මහාචාර්ය ශ්‍රී සත්ගුණරාජ් මහතා වෙසක් පොහෝ දින විශ්ව විද්‍යාල සිසුන් සමඟ අට සිල් සමාදන් වී තිබේ.

ප්‍රධාන පුවත්

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය නීති සංශෝධනය කරන බවත්, ජනවරමට අනුව ජාතික ජන බලවේගයට (NPP) බහුතරයක් ලැබී ඇති පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීමට අයිතියක් ඇති බවත් ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සර සැමරුමේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජනවරම අනුව ජාතික ජන බලවේගයට පළාත් පාලන ආයතන 152 ක සභා පිහිටුවීම සඳහා පැහැදිලි බහුතරයක් ඇති බවත්, සභා 115 ක සභා පළමු රැස්වීමේ දිනයේදී පිහිටුවන බවත්ය.

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.