කිරින්දෙන් මත්කුඩු සොයාගත් සිද්ධියේ උපාය දූතයා ඝාතනය කිරීමේ සැලැස්මක් - අත්අඩංගුවට ගත් වෙඩික්කරු සියල්ල වමාරයි..
කිරින්ද - අඳගලවැල්ල මුහුදු ප්‍රදේශයේදී රුපියල් කෝටි 400කට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ උපාය දූතයා ලෙස පොලිසිය යොදාගත් පුද්ගලයා වෙඩිතබා ඝාතනය කිරීමේ සැලැස්මක් අනාවරණය වී තිබෙනවා.
එම ඝාතන සැලැස්මට යොදා ගැනීමට සිටි වෙඩික්කරු රත්නපුර ප්‍රදේශයේදී බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමත් සමගයි මේ සම්බන්ධයෙන් තොරතුරු හෙළිව ඇත්තේ.
පසුගිය වසරේ නොවැම්බර් 12 වැනිදා මෙම වැටලීම සිදුකර තිබුණේ මෙම කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගලට ලද තොරතුරකට අනුවයි.
එම වැටලීම් සඳහා එම පොලිස් කොට්ඨාසයේ කොස්තාපල්වරයෙකුගේ ඥාතියෙකු උපාය දූතයෙකු ලෙස යොදා ගැනුණු අතර, වැටලීමේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 329ක් සහ ඒවා ප්‍රවාහනයට පැමිණ තිබූ රථ 6ක් ද පොලිස් භාරයට ගෙන තිබුණා.
මෙම උපාය දූතයා සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව්වීමත් සමග මත්කුඩු තොගය අයත් බව පැවසෙන දැනට ඩුබායි රාජ්‍යයේ රැදී සිටින හිටපු යුධ හමුදා සෙබලෙකු වන අංගොඩ ප්‍රියංකර සහ රූබන් නමැති මත්කුඩු ජාවාරම්කරුවන් ඔහුව ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ බවයි අත්අඩංගුවට ගත් වෙඩික්කරු ප්‍රකාශ කර ඇත්තේ.
මෙම වැටලීමෙන් පසු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ලින්ටන් සිල්වාට ද මරණ තර්ජන එල්ල වී තිබුණා.
අත්අඩංගුවට ගත් සැකකරු පොලිසියට පවසා ඇත්තේ, පොලිස් ජීප් රථයකට සමාන රථයකින් වැටලීමට එක්වූ උපාය දූතයාගේ නිවසට ගොස් ඔහුව පැහැරගන්නා ලෙස අංගොඩ ප්‍රියංකර නැමැත්තා උපදෙස් ලබාදී තිබූ බවයි.
අනතුරුව ඔහුව වෙඩි තබා ඝාතනය කර ගෙල කපා සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගලගේ නිවසේ ගේට්ටුවෙහි එල්ලීමට සැලසුම් කර තිබූ බවද මොහු පොලිසියට පාපොච්ඡාරණය කර තිබෙනවා.
මේ අතර, අකුරේගොඩදී නීතිඥවරයා සහ ඔහුගේ බිරිද ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මේ වනවිට වෙඩික්කරුවෙකු ඇතුළු 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මූලාශ්‍ර - hirunews
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..