හොරු අල්ලන්න ආ ආණ්ඩුව ඉතිහාසයේ ලොකුම වංචාව කළා.. බාල ගල් අඟුරු ගනුදෙනුවේ පාඩුව කෝටි 767 වඩා වැඩියි.. - විමල් වීරවංශ
බාල ගල් අඟුරු ගනුදෙනුව නිසා රුපියල් කෝටි 767 පාඩුවක් සිදුව තිබෙන බව විදුලිබල මණ්ඩලය පාර්ලිමේන්තුවට පෙන්වා දී තිබුණත් ඊට වඩා විශාල පාඩුවක් එමගින් රටට සිදුව තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
ඊයේ (22) පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මේ බව සඳහන් කළ හිටපු අමාත්‍යවරයා මෙසේද කීය.
විදුලිබල මණ්ඩලය විසින් පෙන්වා දී තිබෙන පාඩුව ගණනය කර තිබෙන්නේ බාල ගල් අඟුරුවලින් විදුලිය නිෂ්පාදනය කිරීමේදී ඇති වන පාඩුව පමණි. බාල ගල් අඟුරු නිසා පරිසරයට සිදුවන හානියට අදාළ පාඩුව, නියමිත ප්‍රමාණයට වඩා අළු පරිසරයට එකතුවීමෙන් සිදුවන පාඩුව, නොරොච්චෝල අවට ප්‍රදේශවලට සිදුවන බලපෑම් හෝ බලාගාරයට අනාගතයේ සිදු විය හැකි බලපෑම් හෝ විදුලි කප්පාදුවකට ගියහොත් ඉන් සිදුවන පාඩුව ගණනය කර නොමැත.
ආන්දෝලනයට තුඩු දී තිබෙන මෙම සිද්ධිය ආණ්ඩුවට කට උත්තර නැති වී තිබෙන බවත් මෙය මෑත ඉතිහාසයේ සිදුවන ලොකු ම වංචාව හා හානිය සිදුකිරීමට නියමිත සිද්ධිය බව ද හෙතෙම පෙන්වා දෙයි.
මේ අනුව දැනට ප්‍රකාශ කරන පාඩුවට වඩා තුන් හතර ගුණයක පාඩුවක් රටට සිදුවන බවත් මේ වන විට ගල් අඟුරු නැව් අටක් මෙරටට ගෙන්වා තිබෙන බවත් ඔහු ප්‍රකාශකරයි.
ඔහු තවදුරටත් සඳහන් කළේ, පළමු වරට ගෙන් වූ බාල ගල් අඟුරු නැව් හතරට වඩා දෙවන අවස්ථාවේදී ගෙන් වූ ගල් අඟුරු නැව් හතර බාල බව තහවුරු වී ඇති බවයි.
ගල් අඟුරු නැව් හතරකට අදාළව සිදු කළ දඩ ගැසීමෙන් පසු පාඩුව රුපියල් බිලියන දෙකක් බවට හෙළිවන බව ත් පළමු දෙවන නැව් පැමිණෙන විට ගල් අඟුරු බාල බවට හෙළිවන බවත් පක්ෂ නායකවරයා පවසා සිටියේය.
එම අවස්ථාවේදීවත් අදාළ සමාගමෙන් ප්‍රමිතියෙන් යුත් ගල් අඟුරු ගෙන්වන ලෙස ඉල්ලීමක් සිදුනොකළ බවත් මේ අනුව පහේ සිට අට දක්වා නැව්වලින් ගෙන් වූ ගල් අඟුරු මුල් අවස්ථා හතරේදී පැමිණි ගල් අඟුරුවලට වඩා ප්‍රමිතියෙන් තොර වූ බවත් ඔහු ප්‍රකාශ කරයි.
09 වන ගල්අඟුරු නැවත ගොඩබාමින් තිබෙන බවත් තවත් නැව් 15 පැමිණීමට නියමිත බවත් බාල ගල් අඟුරු නිසා බලාගාරයට හානි සිදුවුවහොත් බලාගාරය සකස් කර ගැනීමට මාස 06කට වැඩි කාලයක් ගත වන බව හෙතෙම සඳහන් කරයි.
මෙම සිද්ධිය සම්බන්ධව පූර්ණ විමර්ශනයක් සිදුකර ඊට වගකිව යුතු සියලුනාට දැඩි දඬුවම් ලබා දිය යුතු බව විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..