කතානායකට හා පුද්ගලික ලේකම්ට එක ළඟින්ම නිල නිවාස දෙකක්..
කතානායක ජගත් වික්‍රමරත්න මහතා සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා වෙත කොළඹ 04 ප්‍රදේශයෙන් රජයේ නිල නිවාස වෙන් කිරීමට අදාළ ලිපි කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරු වෙමින් ඇත.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති මෙම ලිපිවලට අනුව, කොළඹ 04, ලෝරිස් පටුමඟේ අංක 3-1 දරණ රජයේ නිල නිවාසය කතානායකවරයාගේ පදිංචිය සඳහා වෙන් කර ඇත. මෙම වෙන් කිරීම 2025.01.08 වන දින සිට බලපැවැත්වෙන පරිදි සිදු කර ඇත්තේ ඔහු කතානායක ධුරය දරන කාලසීමාව සඳහා පමණක් බව එහි සඳහන් වේ.
කතානායකවරයාගේ පෞද්ගලික ලේකම් වමීර ප්‍රියසංක ගාල්ලගේ මහතා වෙත ද කොළඹ 04, ලෝරිස් පටුමඟේම අංක 4-3 දරණ නිල නිවාසය වෙන් කර දී ඇත.
2025.06.06 වන දින සිට බලපැවැත්වෙන මෙම වෙන් කිරීම, 2030.06.05 දින දක්වා හෝ ඔහු එම ධුරය දරන කාලසීමාව යන දෙකෙන් පළමුව එළඹෙන දින දක්වා වලංගු වන බව ලිපියෙහි දැක්වේ.
මෙම නිවාස වෙන් කිරීම් සම්බන්ධයෙන් අමාත්‍යාංශය පනවා ඇති පොදු කොන්දේසි කිහිපයක් ද මෙම ලිපි මගින් අනාවරණය වේ
නිල නිවාස වෙන් කළ දින සිට අදාළ නිලධාරීන්ගේ වැටුපෙන් 12.5% ක මුදලක් කුලිය ලෙස අය කරනු ලැබේ.
මෙම වෙන් කිරීම් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/2006 විධිවිධානවලට යටත්ව සිදු කර ඇත.
විදුලිය සහ දුරකථන සම්බන්ධතා ලබා ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සමඟ කටයුතු කරන ලෙසත්, එම විස්තර අමාත්‍යාංශයට දැනුම් දෙන ලෙසත් උපදෙස් දී තිබේ.
මෙම ලිපි දෙකම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (නිවාස හා සංවර්ධන) ජේ.ඒ.ඒ.එන්. ජයවීර මහත්මියගේ අත්සනින් නිකුත් කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර