කුමාර ජයකොඩි පාර්ලිමේන්තුවේ කැට තියා කියූ සාක්ෂි නොමැති චෝදනාවට උත්තර ලැබෙයි.. පොහොර සංස්ථාවේ දුෂණයේ වරදකරු?
විදුලිබල හා බලශක්ති අමාත්‍ය පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි මහතා 2014- 15 සමයේදී ලංකා පොහොර සංස්ථාවේ හුණුපිටිය මධ්‍යම ගබඩා සංකීර්ණයේ කාපට් ඇතිරීමේ සිදුවීමකට සම්බන්ධව වංචාවක් සිදු කර ඇති බවට චෝදනා එල්ල වී වරදකරු බවට පත් වී ඇති බවට ඊයේ (20 ) දින පාර්ලිමේන්තුවේ චෝදනා එල්ල විය.
එහිදී කුමාර ජයකොඩි අමාත්‍යවරයා එම චෝදනා හැකිනම් සාක්ෂි සහිතව ඔප්පු කරන ලෙස අභියෝග කළේය.
මේ සම්බන්ධයෙන් තොරතුරු හෙළිකෙරෙන හෙළිදරව්වක් සමාජ මාධ්‍යයේ සංසරණය වන අතර, කුමාර ජයකොඩි මහතා මෙම පොහොර සංස්ථාවේ ප්‍රසම්පාදන හා ආනයන කළමනාකරු ලෙස කටයුතු කරන කාලයේ 2019. 02. 21 දින අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් මගින් එම සිදුවීමට අදාළ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කර ඇති බව එමගින් හෙළිදරව් වේ.
අදාළ චෝදනා පහත පරිදි වේ..
චෝදනාව 01 - කාපට් ඇතිරීමේ කොන්තරත්තුවේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය නියමිත පරිදි සිදු නොකර කොන්ත්‍රාත් කොන්දේසි අංක 51.01 හා අත්තිකාරම් ගෙවීම ඇපකර ආකෘතියට අනුව සිදු නොකිරීම නිසා රුපියල් 8,859,708/= ක මුදලක් සමාගමට පාඩු සිදු කිරීම, ඒ පිලිබඳ වගකීම් විරහිතභාවයෙන් කටයුතු කිරීම.
චෝදනාව 02 -පළමු කොන්තරත්තුවේ කාලසීමාව දිගු කිරීම හෝ, එසේ කිරීම මත බැංකු ඇපකරයේ කාලසීමාව දීර්ඝ කිරීම වෙනුවෙන් කොන්ත්‍රාත්කරුගෙන් ඉල්ලීමක් නොකර සමාගමට අහිතකර ලෙස කටයුතු කිරීම.
චෝදනාව 03 - කොන්ත්‍රාත් වටිනාකමෙන් 5% ක කර්යයසාධන ඇප බැඳුම්කරය කොන්ත්‍රාත්තුව නිම කිරීමෙන් පසු දින 28 කට අදාලව ලබා නොගෙන ඉහත 1, 2 චෝදනා අනුව වැඩ ප්‍රසම්පාදන ලේඛනයේ කොන්දේසි කඩ කරමින් වගකීම් හා රාජකාරි පැහැර හැරීම.
චෝදනාව 04 - රු. 2,214,927 ක් වන කර්යයසාධන ඇපකරය යක්කල මහජන බැංකු ශාකාවේ පවත්වාගන ගිය අතර, 2014.02.06 දින සිට 2014.05.05 දින දක්වා වූ අතර වැඩ අවසන් වන දිනය ලෙස වූයේ 2014.05.10 දිනයි. එම කාල වකවානු ගැන නොසැලකිලිමත්ව ක්‍රියා කිරීම.
චෝදනාව 05 - ඉහත චෝදනා සියල්ල අනුව රාජකාරි පැහැර හැරීම, තනතුර අපකීර්තියට පත් කිරීම, සේවක විනය නීතිවලට පටහැනිව ක්‍රියා කිරීම.
ඒ අනුව, පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි මහතා වෙත එල්ල කළ චෝදනා 5 න් 2 කට වරදකරු වී ඇති බව පැහැදිලිවම සඳහන් කර ඇති බවත් එම චෝදනා වලට දඬුවම් නියම වී ඇති බවත් එම හෙළිදරව්වේ සඳහන් වේ.
කෙසේ වුවද වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඔහුව අදාළ දඬුවම් වලින් නිදහස් කරගන නීතියෙන් රිංගා සිටින බවටද ඇතැමුන් චෝදනා කරයි.
එම සිදුවීමේ මෙන්ම ප්‍රසම්පාදන ක්‍රියාවන් වෙනස් කරමින් වෙනත් සමාගමකට ගල් අඟුරු ටෙන්ඩරය ලබා දී බාල ගල් අඟුරු ගෙන්වීම පිළිබඳවද මේ දිනවල විශාල සංවාදයක් පවති.





සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..