ෆොන්සේකා යුද්දේ පටන් ගන්නවා දන්නෙත් නෑ.. ඉවර කරනවා දන්නෙත් නෑ.. ඔහු කළේ රටට යුද අපරාධ චෝදනා නගන්න පාර කැපූ එක විතරයි - ගම්මන්පිල කියයි
කොටි යුදමය වශයෙන් පරාජය කිරීමට යුද්ධය ආරම්භ කරන අවස්ථාව හෝ යුද්ධය නිමා කරන අවස්ථාව හෝ එවක යුද හමුදාපති සරත් ෆොන්සේකා දැන නොසිටි බවත් ඔහු රටේවත් නොසිටි බවත් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මාවිල්ආරු සොරොව්ව විවෘත කිරීමට යුද්ධය දියත්කරන විට සරත් ෆොන්සේකා සටන් විරාම සමයේ හමුදා මූලස්ථානයේදී එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් තුවාල ලබා සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබන බවයි. ඒ අවස්ථාවේ වැඩ බලන යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළේ මේජර් ජනරාල් නන්ද මල්ලවආරච්චි බවද ඔහු පෙන්වාදෙයි.
යුද්ධය අවසාන වන විට හමුදාපතිවරයා ආයුධ මිලදී ගැනීමට චීනයට ගොස් සිටි බවත් යුද්ධය නිමාවන බවක් ඔහු දැනසිටියේ නම් ආයුධ මිලට ගැනීමට යෑමේ අවශ්‍යතාවක් නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.
පසුගියදා සරත් ෆොන්සේකා නිකුත් කළ වීඩියෝව අනුව හමුදාවට කිසිවෙකු භාරවන්නේ නම් ඒ සඳහා ඉඩදිය යුතු බව ගෝඨාභය කිව යුතු නැති බවත් එය ජාත්‍යන්තර යුද නීතියක් බවත් ගම්මන්පිල මහතා පෙන්වාදෙයි.
යුද්ධය සාමය ප්‍රකාශ කිරීම ජනාධිපතිවරයාගේ තීන්දුවක් වන අතර හමුදාපති ඇතුළු හමුදාව එම තීන්දුවට අනුගත විය යුතු බවද 2002 සටන් විරාම සමයේ කොටි කණ්ඩායමක් පරික්ෂා කළේ යැයි යාපනේ සිටි සරත් ෆොන්සේකා කොළඹට මාරු කළ බවත් හෙතෙම ප්‍රකාශ කරයි.
යුද්ධය නිමාකළ වහා රට යුද අපරාධ චෝදනා එල්ල නොවූ බවත් එය ආරම්භ වන්නේ සරත් ෆොන්සේකා 2010 ජනාධිපතිවරණයට ඉදිරිත් වන්නට සූදානම් වී ෆෙඩ්ඩ්‍රිකා ජෑන්ස් සමග පුවත්පත් සාකච්ඡාවක් සිදුකරමින් ගෝඨාභය රාජපක්ෂ සුදු කොඩි රැගෙන එන කොටි නායකයන්ට වෙඩි තබන ලෙස නියෝග කළ බවට නැගූ චෝදනාව සමග බවත් ගම්මන්පිල මහතා අවධාරණය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..