විදුලි ඇමතිට අල්ලස් කොමිසමෙන් අධි චෝදනා ගොනු කිරීම දේශපාලන බලපෑම් මත නතර කරලා - අජිත් පී. පෙරේරාගෙන් චෝදනා
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අධි චෝදනා ගොණු කිරීමට ගෙන තිබූ තීරණය දේශපාලන බලපෑම් මත නතර කර ඇති බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී බරපතල චෝදනාවක් එල්ල කළේය.
පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ කුමාර ජයකොඩි මහතා මීට පෙර පොහොර සංස්ථාවේ ටෙන්ඩර් විෂය භාර කළමනාකරු වශයෙන් කටයුතු කළ සමයේ සිදුවූ දූෂණයක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශනයක් පවත්වා ඇති බවයි. එම විමර්ශන අවසානයේ අමාත්‍යවරයාට එරෙහිව අධි චෝදනා ගොණු කිරීමට තීරණය කර තිබුණද, වර්තමානයේ පවතින දේශපාලන බලය යොදාගනිමින් එම නඩු කටයුතු ඉදිරියට ගෙනයාම වළක්වා ඇති බව අජිත් පෙරේරා මහතා වැඩිදුරටත් විස්තර කළේය.
මෙම ටෙන්ඩර් දූෂණය හේතුවෙන් කුමාර ජයකොඩි මහතාට සිය රැකියාව අහිමි වූ බවත්, ඒ සම්බන්ධයෙන් ඔහු අධිකරණය හමුවට ගියද ඔහු වරදකරු බව සනාථ වී නඩුව පරාජයට පත් වූ බවත් මන්ත්‍රීවරයා මෙහිදී අනාවරණය කළ අතර, එවැනි බරපතල අපරාධමය විමර්ශනයකට ලක්ව සිටින පුද්ගලයෙකු රටේ ආර්ථිකයෙන් තුනෙන් එකක වගකීමක් දරන බලශක්ති අමාත්‍ය ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද වගකිව යුතු බව ඔහු අවධාරණය කළේය.
මෙම චෝදනාවලට පිළිතුරු දෙමින් අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කළේ විපක්ෂය පදනම් විරහිත බොරු සමාජගත කිරීමට උත්සාහ කරන බවයි.
තමා සේවයෙන් නෙරපා ඇති බවට කරන ප්‍රකාශ අසත්‍ය බවත්, තමා එම සේවය ස්වේච්ඡාවෙන් අතහැර පැමිණි බවත්, තමා සේවයෙන් නෙරපා ඇති බවට කරන චෝදනාව ඔප්පු කරන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
කෙසේ වෙතත්, තමා වසර 33ක පළපුරුද්දක් සහිත ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු ලෙස වගකීමෙන් යුතුව මෙම කරුණු ඉදිරිපත් කරන බවත්, මෙහිදී සිදුව ඇති දූෂණය පිළිබඳව සෘජු පිළිතුරු ලබා දෙන ලෙසත් අජිත් පෙරේරා මන්ත්‍රීවරයා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..