සැකකරුවන් නිවාස අඩස්සියේ තැබීමට නව පනතක් ගේනවා - අධිකරණ ඇමති
බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීමට හැකි වන පරිදි නව පනතක් ගෙන එන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය. ඉලෙක්ට්‍රොනික අධීක්ෂණය හරහා එම දඬුවම ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මේ බව කීවේ නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (19)පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී අධිකරණ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
"අධිකරණ නඩු වේගවත් කිරීම අපේ රජය බලයට එන්න පෙර දුන් පොරොන්දු වලින් එකක්.උසාවි කියන්නේ නඩුකාරයන්ට පඩි ගන්නයි නීතිඥයන්ට හම්බ කරන්නයි තියෙන තැන් නොවේ.ඒව තියෙන්නේ ජනතාවට තමන්ගේ කාලය නාස්ති කරන්නේ නැතිව,මුදල් නාස්ති නොකර නඩු අසා ඉවර කිරීමටයි.සිවිල් සහ අපරාධ නඩු ලක්ෂ එකොළහක් පමණ මේ වන විට අධිකරණ වල තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කොපමණ කල් දැම්මාද කියනවා නම් ඊළඟ නඩු දිනය ලැබුණේ අවුරුද්දක් පැනලා.අලුත් අග්‍ර විනිශ්චකාරතුමා වැඩ බාර ගත් පසුව නඩු ගොනුවෙන ප්‍රමාණයට වඩා නඩු අවසන් වෙන ප්‍රමාණය වැඩියි.
මේ වන විටත් පාස්කු නඩුවට සහ අල්ලස් නඩු වලට වෙනම අධිකරණ තිබෙනවා. තව සති දෙකක් ඇතුළත උසාවි දෙකක් ලබාදෙන්නත් අලුත්කඩේ නව ගොඩනැගිල්ලක තව උසාවි පහක් ඇරැඹීමටත් කටයුතු කරනවා.
අපේ බන්ධනාගාර ඉදිකර තිබෙන්නේ 10500ක් ඇතුලේ තබා ගන්නයි.නමුත් අද වන විට 39000ක් එහි සිටිනවා.අපට ගැටලුව වී තිබෙන්නේ වැරදිකරුවන් වී සිටින දස දහසක සෙනඟ නොවේ.වැරදිකරුවන් නොවී සිටින 28000ක පිරිසයි.එයින් මත්ද්‍රව්‍ය භාවිතා කරන අය විසි දහසක් පමණ සිටිනවා.
මේ සඳහා අලුතින් පනතක් ගෙනෙන්නට අප කටයුතු කරනවා.රිමාන්ඩ් කරනවා වෙනුවට නිවාස අඩස්සියේ තැබීම එහි අරමුණයි.ඉලෙක්ට්‍රොනික අධීක්ෂණය හරහා එම දඬුවම ක්‍රියාත්මක කරනවා.එසේ වුවහොත් බන්ධනාගාර වල සෙනඟ අඩු කිරීමට අවස්ථාව ලැබෙනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..