ෆේස්බුක් ලොක්කා සකර්බර්ග් අධිකරණයට..
කුඩා දරුවන් සමාජ මාධ්‍යවලට ඇබ්බැහි කළේ යැයි ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් යන සමාජ මාධ්‍යවල හිමිකාරීත්වය දරණ, ‘මෙටා’ සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග්ට චෝදනා එල්ල වී ඇත.
එම චෝදනා සම්බන්ධයෙන් මාර්ක් සකර්බර්ග්ට ලොස් ඇන්ජලීස් අධිකරණයක් හමුවේ පෙනී සිටීමට ද සිදුවිය. පැවැති එම නඩු විභාගයේ සකර්බර්ග්ට ජූරි සභාවක් ඉදිරියේ සාක්ෂි දීමට සිදුවුණු බවත්, සකර්බර්ග් ජූරි සභාවක් ඉදිරියේ මෙසේ සාක්ෂි දුන් පළමු අවස්ථාව මෙය බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
නඩුව ගොනු කර ඇත්තේ දැනට 20 හැවිරිදි තරුණියක විසින් බව ද පැවැසෙයි. එම තරුණිය පෙන්වා දී ඇත්තේ කුඩා කල සිටම ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ යූටියුබ් භාවිත කිරීම නිසා තමා දැඩි ලෙස ඇබ්බැහි වූ බවත්, එයින් ඇති වූ මානසික පීඩනය හේතුවෙන් තමා විශාදය සහ සියදිවි නසාගැනීමේ සිතුවිලිවලින් පීඩා විඳි බවය.
පැමිණිලිකාර පාර්ශවයේ නීතිඥ මාර්ක් ලැනියර් විසින් මෙටා සමාගමේ රහස් අභ්‍යන්තර ඊමේල් පණිවිඩ සහ පර්යේෂණ වාර්තා කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුණි.
එසේ ඉදිරිපත් කළ එක් වාර්තාවක සඳහන් වූයේ ඉන්ස්ටග්‍රෑම් භාවිත කරන නව යොවුන් දරුවන් එයින් තමන්ට හානියක් සිදුවන බව දැන දැනත් එයට දැඩි ලෙස ඇබ්බැහි වී ඇති බවය.
අවුරුදු 13 ට අඩු දරුවන්ට ඉන්ස්ටග්‍රෑම් තහනම් බව මෙටා සමාගම ප්‍රකාශ කළ ද, 2019 වසරේ යොමු කළ අභ්‍යන්තර ඊමේල් පණිවිඩයකින් අනාවරණය වි ඇත්තේ, එම නීති නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවය.
ඇමෙරිකාවේ වයස අවුරුදු 10-12 අතර දරුවන්ගෙන් සියයට 30 ක් පමණ ඉන්ස්ටග්‍රෑම් භාවිත කරන බවත්එහි සඳහන් වෙයි. 2015 වසරේ සකර්බර්ග්, සිය විධායක නිලධාරීන්ට ලබා දුන් ඉලක්කයක් මගින් පරිශීලකයන් ඉන්ස්ටග්‍රෑම් තුළ ගත කරන කාලය සියයට 12 කින් වැඩි කිරීමට උපදෙස් දී තිබූ බව ද අධිකරණය හමුවේ අනාවරණය විය.
සකර්බර්ග් අධිකරණයට කියා සිටියේ එම ලේඛන වැරදි ලෙස අර්ථකථනය කර ඇති බවය.
දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තම සමාගම විවිධ මෙවලම් හඳුන්වා දී ඇති බවත්, පරිශීලකයින් ගත කරන කාලය මැන බැලීම සිදු කරන්නේ ඔවුන්ට ලබා දෙන සේවාවේ වටිනාකම තක්සේරු කිරීමට මිස ඇබ්බැහි කරවීමට නොවන බවත් ඔහු පැහැදිලි කළේය.
කෙසේ නමුත් දරුවන් මෙම සමාජ මාධ්‍යවවලට ඇබ්බැහිවීමක් සිදුවන්නේ නම්, තමන් ඒ ගැන කනගාටුව පළ කරන බව ද සකර්බර්ග් පැහැදිලි කළේය.
- ලංකාදීප
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා