පාසල් 3000ක් වැසීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටිනවා - කුමාර් ගුණරත්නම්
ග්‍රාමීය පාසැල් 3000ක් වසා දැමීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බවත් රජයේ රෝහල් රැසක මේ වනවිට ඖෂධ හා උපකරණ හිඟයක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් ප්‍රකාශ කරයි.
ඔහු මේ බව පැවසුවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 4වන ජාතික සමුළුව අමතමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කුමාර් ගුණරත්නම් මෙසේද පැවසුවේය.
"අවුරුදු 76ක් තිස්සේ මේ රට තට්ටු මාරු ක්‍රමයට පාලනය කළේ ප්‍රධාන දේශපාලන කල්ලි දෙකක්.
නමුත් ඒ තට්ටු මාරු දේශපාලනයට තිත තියලා මේ රටේ ජනතාව 2024 අවුරුද්දෙ ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී තීරණයක් ගත්තා නව දේශපාලන ව්‍යාපාරයක් බලයට පත් කරන්න.
මේ වෙනසට ඍජුවම බලපෑවේ ආර්ථික අර්බුදයත් එක්ක 2022 ඇතිවුණු මහජන අරගලය.
මහජනතාව පීඩාවට පත් කරමින් ඔවුන්ගේ කරපිට බදු පිට බදු පටවමින් මේ රටේ පාලකයෝ ගෙන ගිය අධිරාජ්‍ය ගැති නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිපලයක් විදිහට රට විශාල ආර්ථික අර්බුදයකට ගොදුරු වුණා.
එතනින් පස්සේ තමයි ජනතාව තීරණය කළේ මේ 76 වසරක ශාපය අවසන් කරන්න ඕන කියලා.
හැබැයි දැන් ඒ 76 වසරක ශාපය අවසන් කරලා බලයට ගෙනාව නව දේශපාලන ව්‍යාපාරය දිහා අපි නැවත වටයකින් හැරිලා බලනකොට අපිට වෙනසක් පේන්නෙ නැහැ.
මේ ආණ්ඩුව බලයට එනකොට කියපු ප්‍රධාන කාරණයක් තමයි දේශපාලන සංස්කෘතියේ වෙනසක් ඇති කරනවා කියන එක.
නමුත් දැන් අපිට පේනවා කිසිදු වෙනසක් නැතුව ජනතාවට බොරු කියමින් ජනතාව මුළාවට පත් කරමින් ආණ්ඩුව සුපුරුදු තැටියම වාදනය කරමින් යන විදිහ.
රාජ්‍ය ප්‍රතිපත්ති දිහා බැලුවම විශේෂයෙන්ම මේ අවුරුද්දෙ අයවැය ලේඛනය දිහා බැලුවම පවා අපිට අර මුලින් හිටපු පාලකයින්ගේ ප්‍රතිපත්තියෙන් කිසිඳු වෙනසක් පේන්නෙ නැහැ.
මේ වෙද්දිත් IMF එකේ ප්‍රතිපත්තිවල අනුව ජනතාවගේ කරපිට විශාල බදු බරක් පැටවිලා ඉවරයි.
එහෙම ජනතාවට බදු බර පටවන ගමන් මේ රටේ ධනපති පන්තියට මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට පුලුවන් තරම් බදු සහන දෙමින් යනවා.
ලෝක බැංකුවේ වුවමනාවන් අනුව නිදහස් අධ්‍යාපනය විකුණන්න අවශ්‍ය ප්‍රතිපත්ති සම්මත කරන්න මේ ආණ්ඩුවත් පටන් අරගෙන ඉවරයි.
අධ්‍යාපනයට වෙන් කරන වියදම් ක්‍රමයෙන් කප්පාදු කරන ගමන් ග්‍රාමීය පාසල් 3000කට වඩා වහන්න සැලසුම් කරමින් යනවා.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්න ටික විසඳන්න තවම වැඩපිළිවෙළක් නැහැ. රෝහල්වලට අවශ්‍ය ඖෂධ ටික නැහැ. වෛද්‍ය උපකරණ නැහැ. විදුලිබිල දවසින් දවස වැඩි කරන්න සැළසුම් එනවා. තෙල් ටික ගෑස් ටික දවසින් දවස වැඩි වෙමින් යනවා.
මේ සියල්ලම එක්ක ආණ්ඩුව දන්නවා ඉස්සරහට රටපුරා මහජන විරෝධතාවලට මුහුණ දෙන්න සිදුවෙන බව.
මොකද ජනතාවගේ අධ්‍යාපන අයිතිය සෞඛ්‍යය අයිතිය කප්පාදු වෙද්දි, දවසින් දවස ජීවන බර වැඩි වෙද්දි ජනතාවට සටන් කිරීම හැර වෙනත් විකල්පයක් නැහැ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..