News Category
From Date
To Date
Maximum Number of Result

ඇමති විජේපාල ඉල්ලා අස්විය යුතුයි - Free Lawyers සංවිධානය

Feb 17, 2026 at 04:13 PM
|

නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමත් ඉන් පසුව කිසිදු විමර්ශනයකින් තොරව ඔහුට පාතාල ලේබලය ඇලවීමත් පිළිබඳ වගකීම අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් දැරිය යුතු අතර ඔහු අමාත්‍ය ධූරයේ වගකීම දැරීමට අසමත්වීම සමබන්ධයෙන් වගකීම බාරගත යුතු බවත් ඔහුට වහා ඉල්ලා අස්වන ලෙස බල කරනු ලබන බව නිවේදනයක් නිකුත් කරමින් Free Lawyers සංවිධානය පවසයි. Free Lawyers සංවිධානය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

කොළඹ අකුරේගොඩ අධි ආරක්ෂක කලාපයේ ආරක්ෂ හමුදා මුලස්ථානය අසල දී නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිඳ ඝාතනයට ලක්වීමත්, කිසිදු විධිමත් විමර්ශනයකින් තොරව ඝාතන වගකීම පාතාල කණ්ඩායමක් වෙත පැවරීමත් සම්බන්ධයෙන් වගකීම බාරගෙන මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වහාම ඉල්ලා අස්විය යුතුය.

ලංකාව නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන රාජ්‍යයකි. නීතිඥවරයෙකු යනු යුක්තිය පසඳලීම සඳහා අධිකරණයට සහාය වන නිලධාරියෙකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් නීතිඥ වෘත්තියට නිල පිළිගැනීමක් ලබා දී ඇත. නීතිඥවරයෙකුට මරණ බියෙන් තොරව නිදහසේ සිය වෘත්තීය කර ගෙන යාමට අවශ්‍ය පසුබිම සැලසීම රාජ්‍යයේ වගකීමකි.

ශ්‍රී ලංකා ශ්‍රෙෂ්ඨාධිකරණයේ නීතිඥවරුන්ට ‘පාතලයේ නීතිඥවරුන්’ ලෙස හංවඩු ගැසීමට කිසිදු අයිතියක් ආන්ඩුවට හෝ පොලිස් දෙපාර්තමේන්තුවට හෝ වෙනත් පාර්ශවයකට නැත. සිය වෘත්තියේ ‍නියැලීම හේතුවෙන් ඝාතනයට ලක්වීමෙන් පසුව ඔහුගේ ආත්ම ගෞරවය විනාශ කිරීමට රජයේ මැදිහත්වීම පිළිබඳ පූර්ණ වගකීම අමාත්‍ය අ ආනන්ද විජේපාල ආමත්‍යවරයා විසින් දැරිය යුතුව ඇත.

පොලීසිය විසින් ඝාතනයෙන් කෙටි වේළාවක් තුල සුදානම් කර තිබූ ප්‍රකාශයක් සිදු කළේ ද? එහි පදනම හා අවශ්‍යතාවය කුමක්ද යන්නත්, පොලීසිය විසින් වැරදි තොරතුරු සමාජ ගත කර තිබේද යන්නත් විමර්ශනයට ලක් විය යුතුය.

නීතිඥ ප්‍රජාවට සිය පවුලේ සමාජිකයින්ගේ ආරක්ෂාව ගැන ද සැලකියමත් වීමට නව තත්වය යටතේ සිදුවී ඇත. මෙය යුධ ගැටුම් පැවති සමයේ දී හෝ නොතිබූ බියකරු තත්වයකි.

නීති වෘත්තිය පදනම් වන්නේ නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය, සාධාරණ නඩු විභාගයකට පුරවැසියකු සතු අයිතිය, සාධාරණ නඩු විභාගයකින් තොරව යමෙකුට දඬුවම් නොකිරීමට රාජ්‍යයට ඇති වගකීම මතය. රජයත් අමාත්‍යවරයාත් මේ සියලු පදනම් විනාශ කරමින් ඇත. රජය සාධාරණ නඩු විභාගයක් ස

ඳහා වන අයිතිය නොතකා කටයුතු කිරීම හේතුවෙන් මේ වන විට අර්බුද ගණනාවක් ගොඩනැගෙමින් ඇත. නීතිඥවරුන්ට හා විනිසුරුවරුන්ට එහි පීඩාව හොඳින් දැනේ.

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ සමන් ගලප්පත්ති

(දිවයින)

සම්බන්ධිත පුවත් | Related News

ලංකා සතොස සමාගමේ සමස්ත සමුච්චිත අලාභය 2025 දෙසැම්බර් මාසය වන විට රුපියල් බිලියන 22ක් දක්වා ඉහළ ගොස් ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.
ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.
ඥානසාර හිමි උසාවියට අපහාස කිරීම සම්බන්ධයෙන් වන නඩුවේ සිටින චරිත හඳුනා ගැනීම ඉතා වැදගත් බවත් මෙම නඩුවේ පැමිණිලිකරු වන්නේ වර්තමාන අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක බවත්, මෙම පැමිණිල්ල අභියාචනාධිකරණයට කළ පසු ඊළඟ සාක්ෂිකරු නැතිනම් දෙවන සාක්ෂිකරු වන්නේ වර්තමානයේ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරේ සිටින දිලීප පීරිස් බවත්, මෙම නඩු තීන්දුව ලබාදෙන්නේ එවකට අභියාචනාධිකරණ විනිසුරු වූ වර්තමානයේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විසින් බවත් පිවිතුරු හෙළඋරුමයේ නායක, හිමපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.
ගලෙගාඩ අත්තේ ඥානසාර හිමි අධිකරණයට ඉදිරිපත් කිරීමේ දී සිවුර ගලවා ඉදිරිපත් කිරීම බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පටහැනි බව ජාතික නිදහස් පෙරමුණේ නායක, එිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
නිකවැරටිය ප්‍රදේශයේදී පැවති ජනාධිපතිවරයාගේ ජනතා රැලිය ප්‍රදේශයේ මහා සංඝරත්නය විසින් වර්ජනය කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු සංසරණය වෙමින් පවතී.
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
කැරපොතු පක්ෂය හෙවත් ඉන්දියාවේ කොක්‍රෝච් ජනතා පක්ෂයේ නායක අභිජීත් දිප්කේ ඇතුළු නායකයින් තුන්දෙනෙකු නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
හැම පළාතකම අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවක් පිහිටුවීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..

මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.

2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..

කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.