News Category
From Date
To Date
Maximum Number of Result

වෛද්‍යවරු සටන දැඩි කරයි..

Feb 17, 2026 at 08:15 AM
|

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

රෝහල් පද්ධතියේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීම වෙනුවෙන් එළඹි ලිඛිත එකඟතා දිගින් දිගටම උල්ලංඝණය කරන රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රතිපත්තිය හමුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තිව්‍ර කිරීම.

රෝගී ජනතාවට සිදුවන අපහසුතා අවම වන පරිදි සහ රජයට අවශ්‍ය වන බලපෑම එල්ල කිරීමේ අරමුණින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් මේ වන විට දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවක් දියත් කර ඇති අතර ඒ සඳහා හේතු වී ඇත්තේ රෝහල් පද්ධතියේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ලබා දුන් ලිඛිත පොරොන්දු කඩ කිරීමත්, මෙම ගැටලු සාකච්ඡාමය ප්‍රවේශයෙන් විසඳීම ප්‍රතික්ශේප කරමින් රජය පාර්ශවයෙන් දක්වන උද්ධච්ච ස්වභාවයත් වේ.

දිවයින පුරා වෛද්‍යවරුන් තම රාජකාරි කාලය තුලදී ඉතා විශාල ගැටලු සහ දුෂ්කරතා ප්‍රමාණයකට මුහුණපාමින් සේවා සපයමින් සිටියි. මානව සම්පත් හිඟය, භෞතික සම්පත් සහ යටිතල පහසුකම් වල උග්‍ර ගැටලු මේ සඳහා සෘජුව බලපා තිබේ. එමෙන්ම වැටුප් වල නොවිසඳුණු ගැටලු, දීමනා සහ පහසුකම් වල තවදුරටත් සිදුවෙමින් යන කප්පාදු මෙම ගැටලු තව තවත් උග්‍ර අතට පත් කර ඇත.

ඉහත ගැටලු විසඳීම සඳහා සාධනීය මැදිහත්වීමක අවශ්‍යතාවය සෞඛ්‍ය අමාත්‍යංශයටත්, දේශපාලන අධිකාරියටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සාක්ෂි පදනම් කරගත් තර්කානුකූල වාර්තා හරහා ඔප්පු කර පෙන්වා තිබේ. ඒ පිළිබඳ සාකච්ඡා කර මෙම ගැටලු විසඳීම සඳහා පියවර ගන්නා බවට 2025 දෙසැම්බර් මාසයේදි සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍ය ප්‍රජාවම වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හා ලිඛිතව එකඟ වී තිබුණි. එමෙන්ම එම එකඟතාවය පාර්ලිමේන්තුවේ ද ප්‍රකාශයට පත් කල අතර හැන්සාඩ් වාර්තාවේ ද අඩංගු වී ඇත.

නමුත් අවාසනාවන්ත ලෙස එම එකඟතා සියල්ල 2026 වසර ආරම්භයේදීම බිඳදැමීම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් සිදු වූ අතර මේ පිලිබඳ දැඩි අප්‍රසාදයක් මුලුමහත් වෛද්‍ය ප්‍රජාවේම මේ වන විට ඇති වී තිබේ.

23000 කට අධික සාමාජිකත්වයක් සහිතව මෙරට වෛද්‍යවරුන්ගේ එකම නියෝජිතයා වන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මධ්‍යම කාරක සභා සහ විධායක සභා තීරණ අනුව මේ වන විට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගණනාවක් දීපව්‍යාප්තව සිදු වෙමින් පවතී.

සෞඛ්‍ය දර්ශක අතින් ශ්‍රී ලංකාව අන්තර්ජාතිකව ඉහළ තලයකට ඔසවා තැබිමෙහිලා මෙරට රෝග නිවාරණ අංශය ප්‍රමුඛ කාර්යභාරයක් සිදු කරමින් පවති. එම කාර්යභාරය තුල තීරණාත්මකම භූමිකාව සිදු කරනුයේ මෙරට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ (MOH) නායකත්වයෙන් යුත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල පද්ධතියයි.

නමුදු ඔවුන් එදිනෙදා රාජකාරියේ නිරත වීමේදි මුහුණ දෙන ගැටලු කිසිවක් හරියාකාරව විසඳීමට හෝ විසඳීම සඳහා ආරම්භයක් ගැනීමටවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ රජයේ උද්ධච්ච ප්‍රතිපත්තින් නිසා සිදු වී නොමැත.

එම නිසා රෝග නිවාරණ සහ මහජන සෞඛ්‍ය අංශය නියෝජනය කරමින් රට පුරා විහිදී ඇති සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල නියෝජනය කරමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන කාර්යාලයට පසුගිය 2026.02.11 වැනි දින රැස් වූ අතර ඔවුන් මේ වන විට මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.

එමෙන්ම පවතින වෘත්තීය ක්‍රියාමාර්ග වඩා ශක්තිමත් කිරීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පද්ධතියේ දායකත්වය ලබා දීමට ද ඒකමතිකව තීරණය කරන ලදී.

එහිදි සාකච්ඡා වූ කරුණු පාදක කරගනිමින් මේ වන විට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සිදුකරගෙන යනු ලබන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තවත් තීව්‍ර කිරීමට විධායක සභාව ඒකමතිකව තීරණය කර ඇත.

ඒ අනුව මේ වන විට සිදු කරගෙන යනු ලබන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වන,

  1. රෝහල තුල නොමැති ඖෂධ සහ උපකරණ බාහිරින් ලබා ගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරීම අත්හිටුවීම.
  2. රෝහල තුල නොමැති රසායනාගාර පරීක්ෂණ බාහිරින් සිදු කරගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරීම අත්හිටුවීම.
  3. දේශපාලන කණ්ඩායම් විසින් සංවිධානය කරනු ලබන සෞඛ්‍ය කදවුරු සහ සායන සඳහා ස්වෙච්ඡාවෙන් සහභාගිවිමෙන් ඉවත් වීම.
  4. අනුමත වෛද්‍යවරුන් සංඛ්‍යාව නොමැතිව රෝහල් පද්ධතිය තුල විවෘත කරන නව රෝහල් වාට්ටු සහ ඒකක වලට වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම අත්හිටුවීම.
  5. රෝගීන්ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය සුරැකීමට අවශ්‍ය ප්‍රමාණවත් පහසුකම් සහ සහායක කාර්යමණ්ඩලය නොමැතිව රෝගීන් පරීක්ෂා කිරීමෙන් ඉවත් වීම.
  6. සියලු විශේෂඥ වෛද්‍යවරුන් තම ආවරණ රාජකාරි වලින් ඉවත් වීම.

තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමත් ඊට අමතරව 2026.02.18 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි,

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සහ ඍජු අධික්ෂණයෙන් සිදු වන ප්‍රජා සෞඛ්‍ය පිලිබඳ නිල දත්ත සෞඛ්‍ය අමාත්‍යංශයට සහ අදාල කාර්යාල සඳහා ලබා දීමෙන් ඉවත් වීමට තීරණය කරන ලදී.

ඒ අනුව,

දිනපතා

  1. ශීතකරණයේ ශීත දාමය පවත්වාගෙන යාම සම්බන්ධ වාර්තාව
  2. ඩෙංගු රෝගීන් වාර්තා කිරීම

සතිපතා

  1. බෝවන රෝග සම්බන්ධ සතිපතා වාර්තාව (WRCD - Weekly Return of Communicable Diseases)

මාසිකව

  1. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ මාසික වාර්තාව සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක මාසික වාර්තාව
  2. පාසල් සෞඛ්‍ය කටයුතු පිලිබඳ මාසික වාර්තාව
  3. එන්නත් අතුරු ආබාධ වාර්තාව (AEFI)
  4. ජල සාම්පල් වාර්තාව
  5. මුඛ සෞඛ්‍ය සම්බන්ධ මාසික වාර්තාව
  6. මාසික එන්නත් වාර්තාව
  7. රසායනික ද්‍රව්‍ය භාවිතය පිලිබඳව මාසික වාර්තාව
  8. සෞඛ්‍ය අධ්‍යාපනික කටයුතු සම්බන්ධ මාසික වාර්තාව

කාර්තු වශයෙන්

  1. ත්‍රෛමාසික මාතෘ හා ළමා සායනික වාර්තාව
  2. ත්‍රෛමාසික පාසල් සෞඛ්‍ය වාර්තාව
  3. මුඛ සෞඛ්‍ය පිලිබඳව ත්‍රෛමාසික වාර්තාව

ඇතුලු අදාල දත්ත සහ වාර්තා නිල වශයෙන් ලබා දීමෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඉවත් වෙනු ඇත.

ගැටලු විසඳීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිගින් දිගටම සාකච්ඡාමය ප්‍රවේශයෙන් කටයුතු කිරීම සඳහා නම්‍යශිලි වෙමින් තිබියදිත්, රජය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා ගැටලු විසදීම හෝ සාකච්ඡා කිරීම මගහරිමින් උද්ධච්ච ලෙස හැසීරිම හරහා සිදු වනුයේ නිදහස් සෞඛ්‍ය සේවාව තවත් අර්බුදයකට ගමන් කිරීම පමණි.

උද්ධච්ච ප්‍රතිපත්තිය ඉවතලමින් එළඹුනු එකඟතා ක්‍රියාත්මක කරමින් කාලරාමුවක් තුල රෝහල් පද්ධතියේ ගැටලු විසඳීම සඳහා රජය සහ සෞඛ්‍ය අමාත්‍යංශය අවශ්‍ය මූලික පියවර ගැනීමෙන් දිගින් දිගටම විතැන් වන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මින් ඉදිරියටත් විවිධ පැතිකඩ ඔස්සේ තවත් තිව්‍ර විය හැකි බව අවධාරණය කරමු.



සම්බන්ධිත පුවත් | Related News

ලංකා සතොස සමාගමේ සමස්ත සමුච්චිත අලාභය 2025 දෙසැම්බර් මාසය වන විට රුපියල් බිලියන 22ක් දක්වා ඉහළ ගොස් ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.
ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.
ඥානසාර හිමි උසාවියට අපහාස කිරීම සම්බන්ධයෙන් වන නඩුවේ සිටින චරිත හඳුනා ගැනීම ඉතා වැදගත් බවත් මෙම නඩුවේ පැමිණිලිකරු වන්නේ වර්තමාන අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක බවත්, මෙම පැමිණිල්ල අභියාචනාධිකරණයට කළ පසු ඊළඟ සාක්ෂිකරු නැතිනම් දෙවන සාක්ෂිකරු වන්නේ වර්තමානයේ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරේ සිටින දිලීප පීරිස් බවත්, මෙම නඩු තීන්දුව ලබාදෙන්නේ එවකට අභියාචනාධිකරණ විනිසුරු වූ වර්තමානයේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විසින් බවත් පිවිතුරු හෙළඋරුමයේ නායක, හිමපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.
ගලෙගාඩ අත්තේ ඥානසාර හිමි අධිකරණයට ඉදිරිපත් කිරීමේ දී සිවුර ගලවා ඉදිරිපත් කිරීම බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පටහැනි බව ජාතික නිදහස් පෙරමුණේ නායක, එිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
නිකවැරටිය ප්‍රදේශයේදී පැවති ජනාධිපතිවරයාගේ ජනතා රැලිය ප්‍රදේශයේ මහා සංඝරත්නය විසින් වර්ජනය කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු සංසරණය වෙමින් පවතී.
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
කැරපොතු පක්ෂය හෙවත් ඉන්දියාවේ කොක්‍රෝච් ජනතා පක්ෂයේ නායක අභිජීත් දිප්කේ ඇතුළු නායකයින් තුන්දෙනෙකු නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
හැම පළාතකම අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවක් පිහිටුවීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..

මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.

2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..

කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.