භික්ෂුන් වහන්සේට එල්ල වන විවේචන ගැන අස්ගිරි අනුනාහිමි කළ ඉල්ලීම..
සමාජයෙන් එල්ල වෙන චෝදනාවන් සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේ උපේක්ෂා සහගතව කටයුතු කළ යුතු බව අස්ගිරි විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් පවසයි.
එම චෝදනා සම්බන්ධයෙන් උකටලී නොවී නිහඬව කටයුතු කිරීම වඩාත් කාලෝචිත හා බුද්ධිගෝචර වන බවත් ඒ හරහා දිනෙක සත්‍ය පසක් වනු ඇති බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් මේ බව සඳහන් කළේ, උන්වහන්සේ උදෙසා පැවැත්වූ හරසර දැක්වීමේ පූණ්‍ය මහෝත්සවයක් ඊයේ (15) පස්වරුවේ බදුල්ල ඓතිහාසික මුතියංගන රාජමහා විහාරස්ථානයේ දී එක්වෙමිනි.
එමෙන්ම මේ රට තුළ තවමත් ශාසනයට ආදරය කරන විශාල පිරිසක් සිටින බවත් ඔවුන්ගේ හදවත් තුළ ඇති ශ්‍රද්ධාව කිසි දිනක වියැකී නොයෙන බවත් මෙහිදී අදහස් දක්වමින් උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අස්ගිරි විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන්,
''එක පැත්තකින් මෙම කාලවකානුව එක්ක බලද්දී අද සමාජයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සම්බන්ධව මෙවැනි උපහාර උත්සව තාමත් පැවැත්වෙනවා..භික්ෂූන් වහන්සේලාගේ සේවාව අගයනවා.. අවසානාවකට ඇතැම් අය මේවා විවේචනයන්ට භාජනය කරනවා..මම අපේ මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි දේවල් ගැන උකටලී නොවී උපේක්ෂා සහගත වෙන එක තමා වඩාත් බුද්ධි ගෝචර වෙන්නේ කියන එක තමා මගේ පෞද්ගලික අදහස.. භික්ෂූන් වහන්සේලා මේ වෙලාවේ නිහඬ වෙන එක තමා වඩාත් කාලෝචිත... මේ රටේ තමාත් ශාසනයට ආදරය කරන රත්නත්තරේ ගැන ප්‍රසාදය තියෙන විශාල පිරිසක් ඉන්නවා.. 90%ක විතර බෞද්ධ පිරිසක් ඉන්නවා එහෙම.. එක ඔවුන්ගේ හදවත් තුළින් නැති වෙන්නේ නෑ.. ශ්‍රද්ධාව තියෙන දායක පිරිස එදත් අදත් හෙටත් මේ ශාසනයේ ගිහි පැවදි සම්බන්ධය මැනවින් පවත්වා ගෙන යමින් කටයුතු කරනවා..''
- අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි