යුද්ධ කළේ අපෙන් අහලා නෙවෙයි.. බලය ගත්ත අය හොඳට ජීවත් වෙනවා - අගමැති හරිනි (වීඩියෝ)
යුද්ධය අවසන් වී වසර ගණනාවක් ගත වුවද, ජනතාවගේ හදවත් තුළට තවමත් සාමය සම්පූර්ණයෙන්ම පැමිණ තිබේද යන්න ගැටලුවක්ව පවතින බව අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
මන්නාරම දිස්ත්‍රික් කාන්තා හමුව අමතමින් අග්‍රමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රමාත්‍යවරිය පෙන්වා දුන්නේ යුද්ධය ආරම්භ වූයේ සාමාන්‍ය ජනතාවගෙන් විමසා නොවන නමුත්, එහි ප්‍රතිවිපාකයක් ලෙස ඇති වූ ජාතිවාදය සහ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් වැඩිපුරම පීඩාවට පත් වූයේ කාන්තාවන් බවයි.
යුද්ධය පැවති සමයේ ජනතාව බෙදා රටේ බලය අල්ලාගත් පිරිස අදටත් ඉතා සැපවත් ජීවිත ගත කරන අතරතුර, එදා බෙදී වෙන් වූ සාමාන්‍ය ජනතාව අදටත් දුක් විඳින බව ඇය අවධාරණය කළාය.
ජාතිවාදී බලවේගවල උත්සාහය වත්මන් රජය ජාතිවාදයට එරෙහිව ප්‍රබල සටනක් ගෙන යන බවත්, එසේ වුවද ඇතැම් දේශපාලන බලවේග තවමත් බලය ලබාගැනීමේ එකම මාවත ලෙස ජාතිවාදය සහ අසමගිය ඇති කිරීමට උත්සාහ කරමින් සිටින බවත් අගමැතිනිය මෙහිදී අනාවරණය කළාය.
"ඒ අයට දූෂණය නැති කරන්න ඕනේ නැහැ, ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න ඕනේ නැහැ, නීතිය සැමට සමානව ක්‍රියාත්මක වීම වැදගත් නැහැ. මිනිසුන්ගේ ආර්ථිකය ගැන ඒ අයට වැදගත්කමක් නැහැ," යනුවෙන් ඇය සඳහන් කළාය.
බලය අවශ්‍ය වී ඇත්තේ ජනතාව වෙනුවෙන් සේවය කිරීමට නොව, තමන්ගේ ජීවිත පොහොසත් කරගැනීමට පමණක් බව පෙන්වා දුන් අග්‍රමාත්‍යවරිය, එවැනි බලවේග ජනතාව අතර නැවත අසමගිය ඇති කිරීමට ගන්නා උත්සාහයන් පිළිබඳව ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවද වැඩිදුරටත් කියා සිටියාය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..