එළවළු නිෂ්පාදකයාටත් පාරිභෝගිකයාටත් සහනයක් දිය යුතුයි - දෙවන පරපුර මෙහෙයුම් මණ්ඩල සාමාජික නලින්ද සේනාරත්න
පසුගිය 13 දින දෙවන පරපුර පක්ෂය මාධ්‍ය හමුවක් කැදවා පක්ෂයේ මෙහෙයුම් මණ්ඩල සාමාජික නලින්ද සේනාරත්න මහතා පවසා සිටියේ ආර්ථික මධ්‍යස්ථාන සියල්ල එක් රාජ්‍ය සමාගමක් යටතට පත් කිරීම යහපත් ක්‍රියාවක් බවත් එය එළවළු නිෂ්පාදකයාටත් පාරිභෝගිකයාටත් සහනයක් වන්නට නම් ගොඩ නැගිමට නියමිත ආයතනයට විදිමත් වැඩපිළිවෙලක් තිබිය යුතු බවත්ය.
ඒ් සදහා තම පක්ෂය යෝජනා 10ක් ආණ්ඩුවට ඉදිරිපත් කරන බවත් ඔහු පැවසීය.
එම යෝජනා පහත පරිදි වේ..
01) එම සමාගම 100% රාජ්‍ය සමාගමක් විය යුතු අතර කිසිසේත්ම එහි කොටස් දේශීය හෝ විදේශීය පුද්ගලික සමාගම්වලට පැවරීමට කටයුතු නොකරන බවට සහතිකයක් ලබා දිය යුතුය.
02) එම සමාගම මගින් ඉටුකළ යුතු පහත සඳහන් ජාතික වගකීම් ඉටු කිරීම සඳහා නව නීතියක් මගින් නීතිගත කළ යුතුය.
03) එම නීතිය මගින් (එතෙක් පවතින සමාගම යටතේ පරිපාලන වශයෙන් පහත සඳහන් වගකීම් සහ කොන්දේසි ඉටුකළ යුතුය)
i) කෘෂිකර්ම ගොවිජන සේවා සහ හෙට්ට කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනය ආදී ආයතනය නියෝජනය වන ලෙස විශේෂඥ මණ්ඩලයක් පත් කිරීම.
ii) දැනට පවතින වෙළඳුන් සහ අතරමැදියන්ගේ මැදිහත්වීම සහිත මිලදී ගැනීමේ මධ්‍යස්ථාන ක්‍රමවේදය වෙනුවට ගොවීසංවිධාන සහ ගොවි සමූපකාර පිහිටුවීම සහ ඒවා යොදා ගැනීම මගින් විකිණීම හෙවත් අලෙවි කරන මධ්‍යස්ථාන බවට පත්කළ යුතුය. එනම් කඩ කාමර සියල්ල නිෂ්පාදනාගාර හෙවත් ගොවියා මගින් පාලනය කළ යුතු අතර ඒවා වෙළඳුන්ට නැවත බඳු දීම තහනම් කළ යුතුය.
iii) තෝරා ගත් කෘෂි නිෂ්පාදන ප්‍රමාණයකට නිෂ්පාදනය පිරිවැය අනුව අවම සහායක මිල නියම කළ යුතුය. (ඉන්දියාවේ බෝග 22ක් සඳහා එසේ MSP නියම කර ඇත.)
iv) එම සමාගම මගින් (අදාල නීතිය මගින්) ගොවී සංවිධාන සහ සමූපකාර හෝ ගොවි සමාගම් නිශ්චිත කොන්දේසිය යටතේ ලියාපදිංචි කළයුතුය.
v) කඩ කාමර සහ සෙසු පහසුකම් සඳහා වෙළඳපළ මිලට වඩා අඩු සාධාරණ මිලක් නියම කළ යුතුය.
vi) ආයතනය ලාභයෙන් යම් ප්‍රතිශතයක් ගොවී ජන සංවර්ධන අරමුදලට බැර කළ යුතු අතර ඒ මගින් ගොවීන්ට පුහුණු සහ තාක්ෂණික දැනුම විශේෂයෙන්ම පශ්චාත් අස්වනු ආරක්ෂාව පිළිබඳව ලබාදිය යුතුය.
vii) පශ්චාත් අස්වනු ගැටලු සහ නාස්තිය වැළැක්වීම සඳහා කල්තබා ගැනීමේ සීතාගාර පහසුකම් සඳහා සමාගම විසින් ආයෝජනය කළ යුතු අතර ඊට අදාළව ගොවි සංවිධාන වලින් සාධාරණ ගාස්තුවක් අය කළ යුතුය.
viii) අස්වැන්න වැඩිවන විට හෝ වෙනත් හේතු මත මිල පහත වැටීම වැළැක්වීම සඳහා වටිනාකම් එකතු කිරීම හෙවත් සකස් කළ ආහාර වර්ග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ආරම්භ කිරීම සඳහා සමාගම සෘජුව මැදිහත්විය යුතුය. ඊට අමතරව ගොවි සමුපකාර හෝ සමාගම් ඒ සඳහා දිරිගැන්වීම මුල්කරගෙන දිරිගැන්වීම් හෙවත් සහන ලබාදිය යුතුය.
ix) බෙදා හැරීමේ ගැටලු අවම කිරීම මගින් නාස්තිය සහ මිල පහත වැටීම වැළැක්වීම සඳහා සමාගම මුල් වී තොග බෙදා හැරීමේ සමූපකාර සමිතියක් පිහිටුවිය යුතුය. එක් එක් සමාගම මගින් කුලී පදනම යටතේ වාහන ලබා ගැනීම මගින් අන්තර් කාලීනව ගැටලු විසඳිය යුතුය.
X) අදාල නීතිය මගින් සහ එතෙක් පරිපාලන වශයෙන් සමාගම මගින් ගොවින් සහ මහජනයාගේ ගොවියාගේ ගැටලු සහ පැමිණිලි විභාග කිරීම සඳහා යාන්ත්‍රණයක් පිහිටුවිය යුතුය. එම පැමිණිලි පමණක් විභාග කිරීම සහ ලබාදෙන විසඳුම් ප්‍රසිද්ධ කිරීම සඳහා යාන්ත්‍රණයක් හඳුන්වා දිය යුතුය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..