News Category
From Date
To Date
Maximum Number of Result

බොරු කියන්නේ රවීද, නන්දලාල්ද?

Feb 13, 2026 at 06:47 AM
|

ඉදිරියේදී ඇතිවෙන්න නියමිත අර්බුදය සහ අරගලය ගැන සමාජය සංවාදයක් නිර්මාණය වෙලා තියනවා.ඒ අරගලයත් 2022ක පන්නයේ බල පෙරලියක් දක්වා යයිද කියන සාකච්ඡාවත් ඒ අතර තියනවා.ඒ ගැන විවිධ පුරෝකථනයන් තියනවා.රටේ රාළ දිගටම කිව්වේ 2026 අධි අර්බුදකාරී අවුරද්දක් සහ 2027 පලවෙනි කාර්තුව පෙරලිකාරී කාලපරිච්ඡේදයක් කියලයි.බල පෙරලියක් සම්බන්ධව සළකුණක් දැනට නැති උනත් දැවැන්ත අර්බුදයක් සහ අරගලයක් ගැන නං පෙරනිමිති හතර වටෙන් පහල වේගෙන එනවා.

මේ අවුරද්ද ආරම්භයත් එක් අර්බුද ගණනාවක් කරලියට ආවා. හරිනිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න තිබුණේ ජනවාරි 06 වෙනිදා උනත් ඊට ඉස්සෙල්ලා රටේ දැවැන්ත විරෝධයක් මතුවුනා.ඒක නිසාම 06 ශ්‍රේණියට ගෙනාව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අකුල ගන්න ආණ්ඩුවට සිද්ධවුනා.හැබැයි හරිනි නං තවමත් කයිවාරු ගහන්නේ වැඩේ කරනවාමයි කියලා.ඊළඟට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සටන තවම ඇදි ඇදී යනවා. 

ඊට අමතරව මතුවුන පාසැල් සංවර්ධන නිළධාරීන්ගේ සටන තවත් බොරුවක් කියලා තාවකාලික කල්දාගන්න අනුරට පුළුවන් වුනා.

දැන් මාදැල් ධීවරයන්ගේ සටනක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහට ඇවිල්ලා.ඊට අමතරව ආණ්ඩුව ගෙනාපු පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත අකුලගෙන තියනවා.ත්‍රිකුණාමල සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කිරීමට එරෙහිව පොලිය මැදිහත් කරලා ආණ්ඩුව ආරම්භ කරපු සිංහල බෞද්ධයන්ගෙන් පලිගැනීමට එරෙහි සටන තවමත් අවසන් නෑ.

ඒක නිසා බෞද්ධ භික්ෂුන් වහන්සේලා සහ බෞද්ධ ජනතාව ආණ්ඩුව එක්ක ලොකු ආරෝවක ඉන්නවා.කොයි මොහොතක හරි බෞද්ධ සමාජය ඇතුලේ ලොකු පිපිරීමක් වෙන්න පුළුවන්.ඒ වගේම මේ ආණ්ඩුව කොටි ඩයස්‌පෝරාවේ සහය ඇතිව බෙදුම්වාදය පෝෂණය කරනවා සහ ඒ වෙනුවෙන් දෙමල ජාතිවාදය අවුස්සනවා කියන සැකයත් සමාජයට කාන්දුවෙලා තියනවා.

ඊට අමතරව මේ මාසේ 28 වෙනිදා දක්වා මහජන අදහස් ගන්න කියලා කොලේ වහලා තියන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට එන්න නියමිත ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත ගෙනාවොත් තවත් ලොකු සටනක් ඇවිලෙන්න පුළුවන්.මේ ආණ්ඩුවේ බැරිකම විසින් හෙට දවසේත් තවත් රණ්ඩු ගොඩක් වැටෙන්න පුළුවන්.ඇත්තටම ගත්තොත් අර්බුදය නිර්මාණය වෙන්න බලපාන ප්‍රධාන හේතුව ආර්ථිකය.

ආර්ථික අර්බුදය තමයි දේශපාලන අර්බුදයක් බවට හැරෙන්නේ. මේ වෙනකොට ආර්ථික ගැන කරන විවිධ පුරෝකථන අපට නිතර අහන්න ලැබෙනවා.අද ආණ්ඩුවට වාසිදායක පුරෝකථන කරන කෙනෙක් විදිහට මහ බැංකු අධිපති නන්දනලාල් වීරසිංහ ගන්න පුළුවන්.නන්දනලාල් කියන්නේ මාලිමා ආණ්ඩුව ආපු ගමන් එලවන්න හිටපූ කෙනෙක්.කොහොම හරි නන්දලාල් 360° ක් අනිත් පැත්ත හැරිලා ආණ්ඩුවට සුදුහුණු ගාන කෙනෙක් බවට පත්වෙලා.

රටේ රාළගේ විග්‍රහයට අනුව නං ආණ්ඩුව නන්දලාල් දිනාගත්තා නෙවෙයි.නන්දලාල් තමන්ට ඕනි තැනට ආණ්ඩුව ගෙනවා. නන්දලාල්ට ඕනි තැන කියන්නේ වෙන මොකවත් නෙවෙයි IMF එකට ඕනි තැනයි.අද තියෙන්නේ IMF එකට පූර්ණ වශයෙන් යටත්වුන ආණ්ඩුවක්.නන්දලාල් කියන්නේ IMF Agent කෙනෙක්ද කියන සැකය කාටත් තියනවා.නන්දලාල් දැන් කියන්නේ " 2028 දී ණය ගෙවාගන්න බැරිවෙයි කීම කිසිම පදනමක් නැති කතාවක්. ඔය කතාව කියලා ආයෝජකයෝ අධෛර්යමත් කරන්න එපා " කියලයි.

2028දි ණය ගෙවන්න බැරිව රට ආපහු අර්බුදයකට යයි කියන කතාවේ කිසිදු පදනමක් නෑ.එහෙම කීමෙන් වෙන්නේ ආයෝජකයන් තුළ සැක සංකා මතුවෙලා අපට ණය දෙන්න කැමැත්තෙන් ඉන්න රටවල් පවා අධෛර්යමත් වීමලු.නන්දලාල් කියන විදිහට 2025 අවුරුද්දේදී අපි ඩොලර් බිලියන 2.5 ක මුදලක් විදේශීය ණය සේවාකරණය සදහා වැයකරලා තියනවා.

ඉදිරි කාලය පිළිබදව සලකා බැලීමේ දී ණය සේවාකරණය සදහා වාර්ෂිකව අවශ්‍යවන ඩොලර් ප්‍රමාණය ඩොලර් බිලියන 3.5 ක් වගේලු.ඉදිරි වසර දෙක තුළ ඩොලර් බිලියන අටත් දහයත් අතර ප්‍රමාණයක විදේශ සංචිත ප්‍රමාණයක් රැස්කර ගැනීමට රජය අපේක්ෂා කරන බැවින්,ආයෙත් ණය ප්‍රතිව්‍යුහගතකරණයකට යන්න ඕනි නෑ කියලයි නන්දලාල් කියන්නේ.දැන් නන්දලාල් කියන්නෙත් අනුර කියන ජාතීයේම කතාවක්.නන්දලාල් අනුරගෙන් ඉගෙන ගෙනද නැත්තං අනුර නන්දලාල්ගෙන් ඉගෙනගෙනද කියලා කියන්න දන්නේ නෑ. 

මෙතනදී එජාප මන්ත්‍රී රවී කරුණානායක කියන අදහසත් සලකා බලන්න ඕනි.මොකද මහ බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධව රවී දිගටම විවේචනයක් ගේනවා.එකක් මහ බැංකුව ස්වාධීන වීමෙන් රටට ඇතිවුන ප්‍රයෝජන මොකද්ද කියලා රවී දිගටම ප්‍රශ්න කළා. ඒ වගේම මහ බැංකුවේ භූමිකාව ගැනත් රවී දිගටම ප්‍රශ්න කරනවා.රවී දිගටම කිව්වේ අපේ ආයෝජකයන් සහ ව්‍යාපාරිකයන් හම්බකරලා දෙන ඩොලර් ටික වාහන ගේන්න යොමු කිරීමෙන් රුපියල් කඩා වැටෙන්න පුළුවන් කියලයි.

එහෙම උනොත් රුපියල බාල්දුවීමට සාපේක්ෂව අපට උන ලාබ සහ පාඩුව හරියට ගණනය කරන්න ඕනි කියන කතාව රවී දිගටම මතු කරනවා.රවී හැබැයි දිගටම කිව්වා ඔය වැඩෙන් රුපියල් කඩා වැටෙන්න පුළුවන් කියලා.ඒ වගේම රුපියල කඩා වැටිලා තියනවා?රවී කියන විදිහට ගිය අවුරද්දේ අපි ඩොලර් බිලියන 905 ක ආදායමක් උපයලා තියනවා.ඒ බිලියන 905 උපයන්න අපි ඩොලර් බිලියන 2.1 ක් වියදම් කරලා තියනවා.

හැබැයි ඒ ආදායම ඉපයිම ඇතුලේ 292 ට තිබුණ ඩොලර් එකේ වටිනාකම අද වෙනකොට රුපියල් 314ට ගිහින් තියනවා. රුපියලේ මේ කඩා වැටීමත් එක්ක අපේ තියන තොග ණය ප්‍රමාණය ඩොලර් බිලියන 884කින් වැඩිවෙලා.ඩොලර් බිලියන 905 ක ආදායමක් හොයද්දී ඩොලර් බිලියන 884ක් ණය සංචිතයට එකතු වෙනවා කියන්නේ අපේ ඇත්ත ආදායම ඩොලර් බිලියන 21යි.නිකං හිතන්නකෝ මේ යන විදිහට ඩොලර් එක රුපියල් 350 කට විතර ගියොත් අපේ ණය බර කීයකට යයිද?

එතකොට නන්දනලාල් කියන සුන්දර කතා ඔක්කොම ඉවරයිනේ. නන්දලාල්ට රුපියල් කඩා වැටීම නතර කරන්න බැරිවීමෙන් අපේ ණය බර තොග පිටින් වැඩි වෙනවා.රුපියල් කඩා වැටීම පාලනය කරන්න ඕනි මහ බැංකුව.හැබැයි මේ දක්වා ඒක කරන්න මහ බැංකුව අසමත් වෙලා තියනවා.න්දනලාල් කරන්නේ අපේ ණය තව තව තවත් වැඩි කරලා IMF ඇතුළු මූල්‍ය සංවිධාන සහ ණය දෙන රටවල්වලට විශාල ලාභ අරන් දෙන එකද කියන සැකය එනවා. 

ඇත්තටම මේක ආර්ථික ඝාතක වැඩක්ද කියන සැකය රටේ රාළට නං තියනවා.එක පැත්තකින් ආදායම වැඩිකරගෙන තියෙන්නේ අනිත් පැත්තෙන් රුපියල් පාවාදීලා.මේ කතාව රවී දිගටම කිව්වා. දැන් නන්දලාලා කියන කතාවයි,රවී කියන කතාවයි ගත්තම වඩාත් ප්‍රායෝගික රවී කියන එක බව ඕනිම පොඩි ලමයෙකුට උනත් තේරෙනවා.රටේ රාළ කියන්නේ නන්දලාල්ට මේක නොතේරෙනවා වෙන්න බෑ.

ඒක නිසා නන්දනලාල්ගේ ක්‍රියාකලාපය ඇතුලේ hidden Agenda එකක් තියනවද කියන ප්‍රශ්නය මතුවෙනවා.

හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මිට

රටේ රාළ.

සම්බන්ධිත පුවත් | Related News

දැනට වසර 51කට පමණ පෙර පටිගත කරන ලද දුර්ලභ වීඩියෝ දර්ශනයක් ඇසුරින්, ආචාර්ය ගුණදාස අමරසේකර ශූරීන් විසින් හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් පිළිබඳව කරන ලද විශේෂ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ පටයක් Next page සමාජ මාධ්‍ය පිටුවේ පළකර තිබේ.
බටහිර රාජ්‍ය තම ආර්ථික, වෙළඳ, දේශපාලන අරමුණු උදෙසා , ආසියාවේ, අප්‍රිකාවේ අධ්‍යාපනය ස්වදේශිකයන් චින්තනයෙන් සහ ආර්ථික ජාතික විමුක්තියෙන් පාරාජිකාවන ලෙසත් , බටහිරයන් ආර්ථිකයෙන් වැඩෙන ලෙසත් අධ්‍යාපනය හසුරුවා ඇත.
2026 අගෝස්තු 07 වන දින, සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය මක්කමදී "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම" (Makkah Joint Defence Agreement) අත්සන් කරන ලදී. NATO හමුදා සන්ධානයේ ආකෘතියට සමානව සකස් කරන ලද මෙම ගිවිසුම මගින් අන්‍යෝන්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ ඇත. එහි ප්‍රධාන කොන්දේසිය වන්නේ මෙම අත්සන් තැබූ පාර්ශව තුනෙන් ඕනෑම එකකට එල්ල වන සන්නද්ධ ප්‍රහාරයක්, පාර්ශවයන් තිදෙනාටම එල්ල වූ ප්‍රහාරයක් ලෙස සලකනු ලබන බවයි.
පසුගියදා කොළඹ 7 පිහිටි බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ පාරාදීසය එළිමහන් රඟහලේදී විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ ඊඩිපස්, ජුලියස් සීසර්, ගොඩෝ එනකං, සාකුන්තලය සහ ජපන් සම්ප්‍රදායික නාට්‍යය අඩංගු උළෙලක් පවත්වනු ලැබුවා. අසමා රූපණ සරසවියේ නිර්මාතෘ අඛිල සපුමල් නාට්‍යවේදියා විසින් සංවිධානය කළ මෙම උළෙල හරවත් අදහස් ඇති ප්‍රේක්ෂකයන්ගේ විශේෂ අවධානය දිනා ගැනීමට සමත් වූවා.
පහුගිය දවස්වල මම “අස්ස - පස්ස” කියලා ලිපියක් ලිව්වා. ජම්බුවාදියෝ විසින් “කුසලස්ස” සහ “පාපස්ස” කියන පාලි වචන දෙක විකෘති කරන හැටි දැකලයි මම ඒ ලිපිය ලිව්වේ. ඒ ලිපියට විශාල පිරිසක් ප්‍රතිචාර දක්වලා තිබුණා. කමෙන්ට් තුන්සිය ගානක් දාලා තියෙනවත් දැක්කා. ඒ හැම එකක් ම කියවන්න වෙලාවක් මට නෑ. මගේ ලිපියට ප්‍රතිචාර දකවපු අය අතර ජම්බුවාදියොත් හිටියා. ඇත්තෙන්ම, ජම්බුවාදියෝ දක්වලා තිබිච්ච අදහස් බොහොම රසවත්. මට කියවන්න ලැබිච්ච එහෙම කමෙන්ට් දෙකක් තුනක් ගැන යමක් කියන්න පුළුවන්.
සෙවුතා (Ceuta) කියන්නේ ස්පාඤ්ඤයට අයිති ස්වායත්ත නගරයක්. භූමියක් විදිහට ගත්තාම මේ නගරය අයිතිවෙන්නේ අප්‍රිකානු මහද්වීපයට. ඒත් අප්‍රිකානු මහද්වීපයේ උතුරු ම කෙළවරේ තියෙන ස්පාඤ්ඤයට අයිති නගරයක් හින්දා දේශපාලනිකව යුරෝපයට අයිති ප්‍රදේශයක් විදිහට ඒක සළකනවා. මේ ස්වායත්ත නගරය යුරෝපා සංගමයේ විශේෂ බල ප්‍රදේශයක් (A special territory of members of the European Economic Area) විදිහටත් සම්බන්ධ කරගෙන තියෙනවා.
2019 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ වඩාත්ම ඛේදනීය, සංවේදී සහ විවාදාත්මක ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගෙන් එකකි. මෙම සිදුවීමේ ඇති බරපතලම සහ ඛේදනීයම කරුණ වන්නේ, ප්‍රහාරය එල්ල වන දින, වේලාව, ස්ථාන සහ ඊට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ නිශ්චිත පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට බලධාරීන් අසමත් වීමයි.
රාජ්‍ය ආදායම 27% කින් ඉහළ ගොස් ඇති බව පවසමින් ආණ්ඩුව අත්පොළසන් දෙද්දි මහ පොළොවේ ජීවත්වන ජනතාවට දැනෙන්නේ තව තවත් බදු තොණ්ඩුව හිර වෙනවා පමණි.

ප්‍රධාන පුවත්

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.