News Category
From Date
To Date
Maximum Number of Result

මරණ දඩුවම ලැබුනු 12 වෙනුවෙන් අපි පෙනී ඉන්නවා.. - බාලදක්‍ෂ කොමසාරිස් කියයි

Feb 13, 2026 at 06:04 AM
|

පසුගිය අරගල සමයේ විවිධ උද්ඝෝෂණ හා සිදුවීම් පාදක කරගනිමින් දහස් සංඛ්‍යාත පිරිසකට එරෙහිව පවරා ඇති නඩු සම්බන්ධයෙන් රජය සතු වගකීම ඉටු කරන ලෙස ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි. 

ජනාධිපතිවරයා අතීතයේ අරගල භූමියට පැමිණ, "කාටවත් එන්න දෙන්න එපා, ඔයාලත් එක්ක අපි ඉන්නවා" යනුවෙන් ලබාදුන් සෘජු පොරොන්දුව සිහිපත් කරමින්, මෙම නීතිමය ගැටලු විසඳීම සඳහා වූ විශේෂ යෝජනාවලියක් ඔහු මෙහිදී අනාවරණය කළේය.

ගාලු මුවදොර අරගලය කේන්ද්‍ර කරගනිමින් දැනට පවරා ඇති නඩු 32ක් සම්බන්ධයෙන් මනෝජ් නානායක්කාර මහතා සිය පළමු යෝජනාව ඉදිරිපත් කළේය. 

ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය යන ස්ථානවලට බලහත්කාරයෙන් ඇතුළු වීම සම්බන්ධ නඩු හැර, සෙසු සියලු නඩු උද්ඝෝෂණවලට අදාළ නඩු බව ඔහු පෙන්වා දෙයි.

විශේෂයෙන්ම පොලිසියේ අණ නොතකා කටයුතු කිරීම සහ පොලිස් රාජකාරියට බාධා කිරීම වැනි චෝදනා යටතේ පවත්වාගෙන යනු ලබන මෙම නඩු, "පොදු මහජන කැළඹීමක්" යන පදනම මත පදනම්ව ඉවත් කරගැනීමට රජය වහාම ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු බව ඔහු අවධාරණය කළේය.

ප්‍රාදේශීය මට්ටමින් සිදු වූ විවිධ සිදුවීම් සම්බන්ධයෙන් පුද්ගලයන් 2500කට අධික පිරිසක් නඩුවලට පටලවා ඇති බව නානායක්කාර මහතා මෙහිදී හෙළිදරව් කළේය. මෙම පිරිස නඩු සඳහා ඇතුළත් කර ඇත්තේ අදාළ ප්‍රදේශවල දේශපාලඥයන් විසින් ලබාදුන් පෞද්ගලික ලැයිස්තු අනුව බව ඔහු චෝදනා කරයි.

මෙම අසාධාරණ ක්‍රියාව හේතුවෙන් වසර හතරක පමණ කාලයක සිට අදාළ තරුණ තරුණියන්ට විදේශ ගමන් තහනම් පනවා ඇති අතර, පොලිස් සහතික ලබා ගැනීමට ඇති බාධා හේතුවෙන් ඔවුන්ගේ රැකියා සහ ජීවනෝපාය මාර්ග සම්පූර්ණයෙන් ඇහිරී තිබේ. මෙම මානුෂීය සහ දේශපාලන ගැටලුව විසඳීමට රජය සෘජුව මැදිහත් විය යුතු බව ඔහු පවසයි.

නානායක්කාර මහතා පෙන්වා දෙන්නේ, සියලු නඩුවලින් 'නීති විරෝධී රැස්වීම්' සහ 'පොදු චේතනාව' යන චෝදනා ඉවත් කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු බවයි. එවැනි තීරණයක් මගින් හුදෙක් උද්ඝෝෂණ පැවති ස්ථානවල පාරේ රැඳී සිටි සාමාන්‍ය මහජනතාව නඩුවලින් නිදහස් වනු ඇත.

අනතුරුව, ගිනි තැබීම් හෝ දේපළ විනාශ කිරීම් වැනි සැබෑ අපරාධ සිදුවූ ස්ථානවල (Crime Scenes) රැඳී සිටිමින් ඒවාට සෘජුව සම්බන්ධ වූ බවට සාක්ෂි පවතින පුද්ගලයන් සම්බන්ධයෙන් පමණක් සාක්ෂි සමාලෝචනය කළ යුතු බවත්, එම නඩු කඩිනමින් විභාග කර අවසන් කළ යුතු බවත් ඔහු යෝජනා කළේය.

අරගලය පැවති සමයේ මැයි 09 වනදා ජනාධිපතිවරයා අරගල භූමියට පැමිණ, "කාටවත් එන්න දෙන්න එපා, ඔයාලත් එක්ක අපි ඉන්නවා" යනුවෙන් කළ ප්‍රකාශය රකින ලෙස නානායක්කාර මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

මෙම තරුණ පිරිස පාරට බැස අරගල කළේ පවතින ක්‍රමවේදයේ වෙනසක් සඳහා බවත්, ඔවුන් සම්බන්ධයෙන් කල්මරමින් සිටීම වෙනුවට සාධනීය මැදිහත්වීමක් සිදු කිරීම රජයේ යුතුකමක් සහ වගකීමක් බවත් නානායක්කාර මහතා අවධාරණය කළේය.

අදාළ දඬුවම් ලැබුණ දොළොස් දෙනා සම්බන්ධයෙන් නොමිලේ අභියාචනා කටයුත්තක් සිදු කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු බවද පැවසූ ඔහු එදා අරගල කරුවන්ට අරගල කරන්නැයි කීවා සේම අද එම අරගල කරුවන් වෙනුවෙන් අදත් පෙනී සිටින බවත් තව දුරටත් පැවසුවේය.

සම්බන්ධිත පුවත් | Related News

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (10) ඇරඹෙන අතර එය සැප්තැම්බර් 05 වැනිදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2,532 කදී පැවැත්වීමට නියමිතය.
පිලිපීනය සහ කාම්බෝජය වැනි රටවලින් පලවා හරින ලද ආසියානු පාතාල කල්ලි සහ නීති විරෝධී අන්තර්ජාල සූදු ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන නවාතැනක් බවට ශ්‍රී ලංකාව, විශේෂයෙන්ම කොළඹ වරාය නගරය පත්වෙමින් පවතින බව 'The Island' පුවත්පත මගින් අනාවරණය කර ඇත.
මෙම වසරේ චීනයට කඩා වැදුණු ප්‍රබලම නිවර්තන කුණාටුව වන "ඩොල්ෆින්" සුළි කුණාටුව, ඊයේ (09) සවස චීනයේ නැගෙනහිර වෙරළ තීරයට ළඟා වී තිබේ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.
ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ග්‍රාම නිලධාරින් හෙට (10) සහ අනිද්දා (11) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා දමා සේවයට වාර්තා නොකර සිටීමට තීරණය කර තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ප්‍රධාන පුවත්

ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..

පිලිපීනය සහ කාම්බෝජය වැනි රටවලින් පලවා හරින ලද ආසියානු පාතාල කල්ලි සහ නීති විරෝධී අන්තර්ජාල සූදු ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන නවාතැනක් බවට ශ්‍රී ලංකාව, විශේෂයෙන්ම කොළඹ වරාය නගරය පත්වෙමින් පවතින බව 'The Island' පුවත්පත මගින් අනාවරණය කර ඇත.

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.