බංග්ලාදේශ මහ මැතිවරණය අද..
බංග්ලාදේශ පාර්ලිමේන්තු මහ මැතිවරණය අද (12) පැවැත්වෙයි. ප්‍රචණ්ඩකාරී ශිෂ්‍ය අරගලය හමුවේ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාට බලය අහිමි වී, හසීනාගේ වසර 15 ක ධුර කාලය අවසන් වී, අන්තර්වාර පාලක මණ්ඩලයක් යටතේ මෙම මහ මැතිවරණය පැවැත්වෙයි.
විරෝධතා හමුවේ රටින් පලා ගිය අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මේ වනවිට ඉන්දියාවේ රැඳී සිටී. ඒ ඉන්දීය රජයේ ආරක්ෂාව යටතේය.
බංග්ලාදේශය මුස්ලිම් රාජ්‍යයකි. එහි සුළුතරය වන්නේ හින්දුවරුන්ය. දැඩි අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායම් බංග්ලාදේශයේ තම ආධිපත්‍ය පතුරුවමින් හින්දු විරෝධී ක්‍රියාකාරකම්වල නියැලී සිටිති.
අද (12) පැවැත්වෙනු ඇත්තේ, බංග්ලාදේශයේ 13 වැනි මහ මැතිවරණයයි. ඡන්ද විමසීම පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාස 299ක් පුරා උදෑසන 7.30 සිට සවස 4.30 දක්වා පැවැත් වීමට නියමිත බව මැතිවරණ බලධාරීහු පවසති. ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වූ වහාම ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ වනු ඇත.
මැතිවරණ කොට්ඨාස 299ක ඡන්ද විමසීම් මෙහෙයවීම සඳහා 800,000ක ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන් පිරිසක් සහභාගී වන අතර මෙවර දේශපාලන පක්ෂ 50 ක් තරග බිමට පිවිස සිටී. ස්වාධීන අපේක්ෂකයන්ට අමතරව දේශපාලන පක්ෂ නියෝජනය කරමින් අපේක්ෂකයන් 2,028 දෙනෙකු තරග වදින බව ද පැවැසෙයි.
ඒ අතරින් අභාවප්‍රාප්ත වූ බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍යවරියක වන කලීඩා සියාගේ බංග්ලාදේශ ජාතික පක්ෂය ඉදිරියෙන් සිටින බව මාධ්‍ය වාර්කා පෙන්වා දෙයි. පක්ෂයට නායකත්වය දෙන්නේ සියාගේ පුත්‍රයා වන තරීක් රෙහ්මාන් ය.
මැතිවරණයේ විනිවිදභාවය ඉහළ නැංවීමට සහ මැතිවරණ වංචා වැළැක්වීම සඳහා ප්‍රථම වතාවට ඩ්‍රෝන යානා සහ සිරුරේ රැඳවිය හැකි කැමරා ආරක්ෂක කටයුතු සඳහා යොදා ගැනෙනු ඇතැයි ද මැතිවරණ බලධාරීහු පවසති. ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක නිලධාරීන් 958,000ක් යොදවා ඇති අතර, ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වන ප්‍රදේශ සඳහා වැඩි අවධානයක් යොමු කර ඇත.
මීට අමතරව 100,000කට අධික යුද හමුදා භට පිරිසක් ද මැතිවරණ සේවයේ යොදවා ඇත. ඩකා අගනුවර ප්‍රධාන ප්‍රදේශ පුරා සන්නද්ධ රථ සහ ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ බළඇණි ස්ථානගත කර ඇතැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා