කථානායකගේ පෞ:ලේකම් සාක්ෂි වසන් කරනවා - අල්ලස් කොමිසමට සජබයෙන් පැමිණිලි
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට විරුද්ධව අල්ලස් කොමිසමට කර ඇති පැමිණිල්ලට අදාළව, කථානායකවරයාගේ පෞද්ගලික ලේකම් සාක්ෂි වසන් කරන බව කියමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ඊයේ (11දා) අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
වැඩ තහනමට ලක්ව සිටින පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයා විසින් අල්ලස් කොමිසමට මීට පෙර පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර පසුව කථානායකවරයාගේ පෞද්ගලික ලේකම් ඊට අදාළ සාක්‍ෂි වසන් කිරීමට විවිධ උත්සාහ ගනිමින් සිටින බව පැමිණිලිකරුවෝ කියා සිටිති.
පැමිණිල්ල භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මෙසේ කීය.
"අපි හිතනවා අල්ලස් කොමිසම ස්වාධීන ආයතනයක්, එයට සාක්ෂි වසන් කරන්න හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් කරන්න බෑ. මෙවැනි ක්‍රියා අපි හෙළා දකිනවා. අපි නැවත කියනවා මෙහි නිවැරදි පරීක්ෂණයක් කරන්න කියලා."
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා,
"අල්ලස් කොමිසමේ ඇති ස්වාධීනභාවය ජනතාවට පෙන්වන්න පුළුවන් හොඳම අවස්ථාව මෙයයි. එම නිසා මෙම පරීක්ෂණවලට බාධා වෙන ලෙස ක්‍රියා කිරීමට කාටවත් අයිතියක් නෑ. මේ ආණ්ඩුව ගල් අඟුරු සිද්ධිය, විදුලිබල විකිණීමේ සිද්ධිය ඇතුළු සිද්ධීන් ගණනාවකදී වංචාවන් සිදු කර තිබෙනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි