රිමාන්ඩ් කර සිටින බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද යළි අධිකරණයට..
ත්‍රිකුණාමළය බුදු පිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බලංගොඩ කස්සප හිමියන් සහ තවත් හිමිවරු තුන්දෙනෙකු ඇතුළු දසදෙනා අද (11) යළි ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
එසේම, සැකකරුවන් ඉදිරිපත් කළ ඇප අයැදුම පිළිබදව තීන්දුව ත්‍රිකුණාමලය මහාධිකරණයේදී අද ප්‍රකාශයට පත් කිරීමට ද නියමිතයි.
ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථාන පරිශ්‍රයේ කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධියට අදාළව බලංගොඩ කස්සප හිමි සහ තවත් හිමිවරුන් තුන්දෙනෙකු ඇතුළු 10 දෙනෙකු පළමුවට රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ පසුගිය ජනවාරි මස 14 වැනිදායි.
එම අවස්ථාවේ සිට මේ දක්වා අවස්ථා කිහිපයකදී භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රිමාන්ඩ් කෙරිණි.
අවසන් වරට බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස පෙරේදා ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එස්.එම්.එස්. සම්සුදීන් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
එහිදී බලංගොඩ කස්සප හිමියන් අධිකණය හමුවේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තමන් වහන්සේට සිර මැදිරියේදී ආහාර ලබාදීම සිදු කරන්නේ ස්වාමීන් වහන්සේලාට ආහාර වැළඳීමට කැප වන කාලය පසුවී පස්වරු කාලයේ බවයි.
ඒ හේතුවෙන් දින කිහිපයක් තමන් වහන්සේ නිරාහාරව සිටි බවද උන්වහන්සේ අධිකරණය හමුවේ සඳහන් කළහ.
එහිදී බන්ධනාගාර නිලධාරීන් සඳහන් කළේ 400කට අධික රැඳවියන් පිරිසක් සිටින බන්ධනාගාරයේ එක් අයෙකුට පමණක් ආහාර එක් වේලාවක ලබා දිය නොහැකි බැවින් එකවර සියලු දෙනාට ආහාර ලබා දෙන බවයි.
එමෙන්ම ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දැක්වූ බලංගොඩ කස්සප හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජීව වීරවික්‍රම සඳහන් කළේ උන්වහන්සේ බන්ධනාගාරය තුළ සිදු කළ පොහොය දින සිල් සමාදන් වීම සහ භාවනා වැඩසටහන්වලට බන්ධනාගාර නිලධාරීන් බාධා කළ බවයි.
බන්ධනාගාරය තුළ බුද්ධරූපයක් තිබෙන ස්ථානයක් ඇති බවත් එම ස්ථානයේ ආගමික කටයුතු පවා සිදු කිරීමට නිලධාරීන් ඉඩ ලබා නොදෙන බවත් නීතිඥවරයා සඳහන් කළේය.
එහිදී විනිසුරුවරයා ප්‍රකාශ කළේ කිසිදු අයුරකින් ආගම ඇදහීමේ අයිතියට බාධාවක් සිදු කිරීමට නොහැකි බැවින් ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරිවරයාට දැනුම් දෙන ලෙසයි.
ඒ අනුව බලංගොඩ කස්සප හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේලාට දානය වැළඳීමට කැප කාලය තුළ ආහාර ලබාදීමටත් බන්ධනාගාරය තුළදී උන්වහන්සේලා සිදුකරන ආගමික කටයුතුවලට බාධා නොකරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට පෙරේදා නියෝග කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..