අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද..
අරගලය පැවැති මැයි මස 09 වන දින නිට්ටඹුව නගරයේදී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව අද (11) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව මෙම සිද්ධියේ නඩු තීන්දුව ගම්පහ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී අද (11) පෙරවරුවේදී කැදවීමට නියමිතයි.
පසුගිය 2022 වසරේ මැයි මස 09 වැනිදා සිදුවූ මෙම සිද්ධියට අදාල නඩු තීන්දුව සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙල යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ගම්පහ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.
ඉකුත් 2022 වසරේ මැයි මස 09 වැනිදා මුළු රටම ගිනියම් වූ අරගලකාරී සමයේ නිට්ටඹුව නගරය හරහා ගමන් කරමින් සිටි මන්ත්‍රීවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ප්‍රකෝපකාරී පිරිසකගේ ප්‍රහාරයට ලක්ව මෙලෙස ඝාතනයට ලක් විය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 41 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කරනු ලැබ තිබිණි.
දීර්ඝ සාක්ෂි විභාගයකින් අනතුරුව මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට ජනවාරි මස 14 වන දින නියම කර තිබිණි.
කෙසේ වෙතත් එදින කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද (11) දින දක්වා කල් තැබීමට තීරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි