ගම්පහ ප්‍රා. සභාවේ මාලිමා මන්ත්‍රිවරු 4ක් කොන්ත්‍රාත් මුදල් පෞද්ගලික ගිණුම්වලට දාගෙන..
ගම්පහ ප්‍රාදේශීය සභාවේ මාලිමාවේ මන්ත්‍රිවරු හතරදෙනකු කොන්ත්‍රාත් කර මුදල් ලබාගෙන ඇති බවත් එම මුදල් තම පෞද්ගලික ගිණුම්වලට ලබාගෙන ප්‍රාදේශීය සභා පනතේ අංක 219 වගන්තිය යටතේ වරදක් සිදුකර ඇති බවත් එය මන්ත්‍රි ධුරය අහෝසි වීමට බලපාන හේතුවක් බව පවසමින් විපක්ෂයේ මන්ත්‍රිවරු 7වැනිදා කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකදී පැවැසූහ.
එම මාධ්‍ය සාකච්ඡාව සඳහා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ගම්පහ ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ රංජිත් ගුණවර්ධන, ඇන්ටන් චමින්ද සමීර රන්දෙණිය, නන්ද කුමාර, නලින් විතාන ආරචිචී, සංජිව ජයකොඩි යන මන්ත්‍රිවරු සහභාගි වී සිටියහ.
එහිදී අදහස් දැක්වූ ප්‍රා. සභා මන්ත්‍රි ජාතික නිදහස් පෙරමුණේ නන්ද කුමාර මහතා, ගම්පහ ප්‍රාදේශීය සභාවේ බලය හිමි මාලිමාව ප්‍රාදේශීය සභා පනතේ 219 වගන්තිය කඩ කරමින් නීති විරෝධී ආකාරයෙන් කටයුතු කරන බවත් නොගැළපෙන දේවල් අනුමත කර ගැනීමට සභිකයකුට සභාවට සතියකට පෙර න්‍යාය පත්‍රය එවිය යුතු වුවත් එසේ නොකර න්‍යාය පත්‍රයේ යෝජනාවලට වඩා වැඩි දූෂිත යෝජනා හදිසි යෝජනා ලෙස ගෙන එන බවත් සභාවේ වැඩි බලයක් හිමි මාලිමාව ඒවා සම්මත කරගන්නවා. සභාවේ මුදල් ඉතුරු කරන බව ජනතාවට පොරොන්දු දීලා ඡන්දය අරන් ආවේ.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රා. සභා මන්ත්‍රි සමීර රන්දෙණිය මහතාමෙයාලා බලයට එන්න කලින් කිසිම කොන්ත්‍රාත් එකක් කරන්නේ නෑ. කිසිදු අකටයුතුකමක් කරන්නේ නෑ කියලා තමයි ජනතාවට පොරොන්දු වුණේ. බලය ලබා ගත්තට පස්සේ බලයෙන් උදම් වෙලා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරු කියන කිසිම දෙයක් අහන්නේ බලන්නේ නැතුව සභාවේ නිලධාරීන් එක්ක එකතු වෙලා මේ වැරැදි කරනවා.
පොහොට්ටුවේ මන්ත්‍රි රංජිත් ගුණවර්ධන මහතා: පළාත් පාලන මැතිවරණයේදී මහ මැතිවරණයේ ජනාධිපතිවරණයේදී පාලනය කරන අය ප්‍රකාශ කළේ වල් පැළ ගලවලා මල් පැළ ටිකක් එවනවා කියලා තමයි කිව්වේ ශ්‍රමදානයක් දාලා කටයුතු කරනවා කිව්වේ, මල් පැළ එවලා දැවැන්ත හානියක් කරලා කියලා තමයි කියන්න තියෙන්නේ.
ප්‍රාදේශීය සභා මන්ත්‍රි (සජබ) ඇන්ටන් චමින්ද මහතා : බැකෝ යන්ත්‍රයක් යොදාගෙන මැරිච්ච කුකුළන් වගයක් වළලා ඒ ප්‍රදේශයේ මන්ත්‍රිවරයා තමයි මුදල් ලබාගෙන තියෙන්නේ. ඒ වගේම තවත් ප්‍රදේශයක කුණු කසළ ඇදලා කුණු කසළ සඳහා වෙන් කරපු ප්‍රතිපාදනය ලබාගෙන තියෙන්නේත් ඒ ප්‍රදේශයේ මන්ත්‍රිවරයා. ගස් වගයක් කඩන් වැටිලා කපලා අරන් තියෙන්නේත් ඒ ප්‍රදේශවල මන්ත්‍රිවරු දෙදෙනෙක්. හරිම ලැජ්ජා සහගත ක්‍රියාවන් තමයි මේවා. මහජන වරිපනම් බදු මුදල් මන්ත්‍රිවරු ඒ අය නමින් තමන්ගේ ගිණුම්වලට අරන් තියෙනවා. 1987 අංක 15 දරන පනතේ පැහැදිලිව මේ ගැන සඳහන් වෙනවා.
- මව්බිම
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි