කස්සප හිමි ඇතුළු පිරිස නැවත රක්‍ෂිත බන්ධනාගාර ගත කළ සිද්ධියේ දී නීතිඥ සංජීව වීරවික්‍රම එළියට පැමිණ මාධ්‍යයට කීව කතාව (වීඩියෝ)
ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථාන පරිශ්‍රයේ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමෙන් වෙරළ සංරක්‍ෂණ පනත උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් ගොනුකර ඇති නඩු විභාගයට අදාළව දින 26ක් තිස්සේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්‍ෂූන් වහන්සේලා සිව්නම හා අනෙකුත් සැකකරුවන් හයදෙනා හෙට (11දා) දක්වා නැවතත් රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
මෙම පිරිස අත්අඩංගුවට ගැනීමෙන් පසුව මේ වනවිට පස්වරක් රක්‍ෂිත බන්ධනාගාර ගතකර ඇත. සැකකරුවන් ඇපමත මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමක් පසුගියදා එම අධිකරණය මගින් නිෂ්ප්‍රභ කෙරිණි. ඒ අනුව ඊයේ (09දා) බන්ධනාගාර නිලධාරීන් විසින් ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් එම්. එස්. එම්. සම්සුදීන් මහතා හමුවට ඉදිරිපත් කළ බලංගොඩ කස්සප, ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස, ත්‍රිකුණාමලයේ සුඛිතවංශ හා ත්‍රිකුණාමලයේ නන්ද යන හිමිවරුන් ඇතුළු සැකකරුවෝ 10 දෙනා හෙට දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබූහ.
නඩු විභාගය අවසන්වීමෙන් පසුව භික්‍ෂූන් වහන්සේලා ඇතුළු සැකකරුවන් පිරිස බන්ධනාගාර බස් රථයට ගොඩවන අවස්ථාවේදී ඒ අවට සිටි පිරිස “දූෂිත නිලධාරීන් භංගවේවා’, ‘බෞද්ධයන්ට කෙනෙහිලිකම් කරන උන්ට සාප වේවා’ ආදී විරෝධතා වදන් පවසමින් උද්ඝෝෂණය කළහ.
බන්ධනාගාර බස් රථයේ සිට මාධ්‍යයට අදහස් දැක්වූ බලංගොඩ කස්සප හිමියෝ මෙසේ කීහ. “මෙම අසාධාරණය පිටු පස්සේ ප්‍රදේශයේ මන්ත්‍රීවරු දෙන්නා ඉන්නවා. හිරගෙවල් දාහක දැම්මත් අපි යටත් වෙන්නේ නැහැ. බෞද්ධයන්ගේ හඬ යටපත් කරන්න දෙන්නේ නැහැ.”
නඩු විභාගයෙන් අනතුරුව අදහස් දැක්වූ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජීව වීරවික්‍රම මහතා රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙක් මේ ප්‍රශ්නය දිගින් දිගටම ඇදගෙන යනවා. ඒ අය කිසියම් සැඟවුණු අරමුණක් ඇතිවයි මේ ආකාරයට ඇදගෙන යන්නේ” යනුවෙන් මාධ්‍යයට පැවසීය.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි