කතානායකගේ වැඩ ගැන තානාපති කාර්යාල සීරුවෙන්..
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ලවී ඇති දූෂණ වංචා චෝදනා සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම සම්බන්ධයෙන් මෙරට බොහෝ තානාපති කාර්යාලද විශේෂ අවධානය යොමු කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
එසේම එම සිද්ධීන් සම්බන්ධයෙන් තානාපති කාර්යාල කිහිපයක් පසුගිය දිනවල විශේෂ තොරතුරු සොයා බැලීමක්ද කර ඇතැයි දැනගන්නට ඇත.
මේ අතර චමින්ද කුලරත්න මහතා සතුව ඉහත සිද්ධීන්වලට අදාල සාක්ෂි ඇති හෙයින් ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද තානාපති කාර්යාල අවධානය යොමු කර ඇතැයි වාර්තාවේ.
කතානායකවරයාට එරෙහිව එල්ල වී ඇති දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඉකුත් සිකුරාදා විමර්ශන ආරම්භ කෙරිණ.
සිද්ධියේ චෝදනා තහවුරු කරගැනීම සඳහා අදාල ලියකියවීලි පාර්ලිමේන්තු මහ ලේකම්වරියගෙන් ලබා ගැනීමට අල්ලස් කොමිසම මේ දිනවල කටයුතු කරමින් සිටී.
මේ අතර කතානායකවරයාට එරෙහිව හිටපු නියෝජ්‍ය මහ ලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමෙන් පසු කතානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයා මහ ලේකම්වරියට ලිපියක් යොමු කරමින් පාර්ලිමේන්තුවේ අංශ ප්‍රධානීන්ගෙන් වාර්තා ගැනීමට උත්සාහ දරා ඇතැයි වාර්තාවේ.
මෙම සිද්ධිය අල්ලස් කොමිසමට කළ බලපෑමක් හෙයින් ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ලෙස දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ පිරිසක් අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමට කටයුතු කරමින් සිටිති.
මේ අතර තමා සේවයෙන් ඉවත් කිරීමේ තීරණයට එරෙහිව චමින්ද කුලරත්න මහතා අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.
- සුජිත් හේවාජුලිගේ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..