කොවිඩ්, යුක්රේන රුසියා ගැටුම සහ එක්සත් ජනපද තීරුබදු හේතුවෙන් ජර්මනියට ඩොලර් ට්‍රිලියන 1 ක පාඩුවක් - අධ්‍යයනයක් පවසයි
ජර්මානු ආර්ථික ආයතනය (ඓW) ට අනුව, පසුගිය කාලය තුළ මුහුණ දුන් අර්බුද ආර්ථිකය දිගුකාලීන එකතැන පල්වීමකට තල්ලු කිරීම හේතුවෙන්, පසුගිය වසර හය තුළ ජර්මනිය දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 1 කට වඩා අහිමි වී තිබේ.
පසුගිය 7 වනද නිකුත් කරන ලද අධ්‍යයන වාර්තාවකට අනුව කොවිඩ්-19 වසංගතය, යුක්රේන ගැටුම සහ එක්සත් ජනපද තීරුබදු ප්‍රතිපත්ති මෙලෙස පාඩු සිදුවීමට ප්‍රධාන හේතුවක් ලෙස දක්වා ඇත.
ජර්මානු ආර්ථික ආයතනය 2019 අර්බුදයට පෙර ජර්මනියේ ආර්ථික ගමන් පථය, 2020 සිට 2025 දක්වා සැබෑ සැබෑ දළ දේශීය නිෂ්පාදිත කාර්ය සාධනයට සාපේක්ෂව වසංගත සහ භූ දේශපාලනික කම්පන නොමැතිව උපකල්පිත වර්ධනය සමඟ සංසන්දනය කර තිබීමටය.
ආයතනය වසර හයක කාලය තුළ මිල-ගැලපුම් කළ දළ දේශීය නිෂ්පාදිතයේ හිඟය යුරෝ බිලියන 940 (ඩොලර් ට්‍රිලියන 1.1) ලෙස ඇස්තමේන්තු කර තිබුණි. මෙය ජර්මනිය උපයා ගැනීමට අපොහොසත් වූ ආදායමට සමානන වන අතර, එය රැකියාවක නියුතු පුද්ගලයෙකුට යුරෝ 20,000 කට වඩා අහිමි වී ඇති බවද වාර්තාව අධ්‍යනයෙන් පෙනී යන බව විද්වත්හු පවසති.
2020 සිට 2022 දක්වා ජර්මානු ආර්ථිකයට සිදුවූ සමස්ත පාඩුව යුරෝ බිලියන 360 ක් වූ අතර, එය බොහෝ දුරට කොවිඩ්-19 නිසා සිදු වූ අතර 2022 මුල් භාගයේ සිට යුක්රේන ගැටුම මගින් එය තවත් උග්‍ර විය. එහිදී ජර්මනිය රුසියාවට එරෙහි බටහිර සම්බාධකවලට සහභාගී වී ලාභ රුසියානු බලශක්තිය අතහැර දැමූ අතර එය ප්‍රතිශතයක් ලෙස ගෑස් ආනයනයෙන් 55% ක් අගයකට සමාන වේ.
රුසියානු යුක්රේන ගැටුම දිග්ගැස්සෙන විට, 2023 දී ජර්මනියට සිදුවූ පාඩුව යුරෝ බිලියන 140 දක්වා ඉහළ ගිය අතර ජර්මනිය අඛණ්ඩව අවපාතයන්ට මුහුණ දුන් 2024 දී එය යුරෝ බිලියන 200 කටත් වඩා වැඩි විය.
2025 දී සුළු 0.2% ක වන ආර්ථික වර්ධනයක් දක්නට ලැබුණද, ආර්ථික විද්‍යාඥයෝ එය "දිගුකාලීන එකතැන පල්වීමේ කාල පරිච්ඡේදයක්" ලෙස විස්තර කරති. එම වසරේ ජර්මානු ආර්ථික ආයතනය වාර්තාගත යුරෝ බිලියන 235 ක සමස්ත අලාභයක් ඇස්තමේන්තු කළ අතර අලාභය එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආක්‍රමණශීලී තීරුබදු ප්‍රතිපත්ති මගින් උග්‍ර විය.
ජර්මානු ආර්ථික ආයතනයේ පර්යේෂක මයිකල් ග්‍රෝම්ලිං පැවසුවේ වත්මන් දශකය අසාමාන්‍ය ලෙස දැඩි කම්පන සහ පීඩනයකට ජර්මානු ආර්ථිකය මුහුණ දී ඇති බවත්, එය අතීත අර්බුදවලට වඩා නරක බවත්, මෙය ආර්ථිකය මන්දගාමී කර ඇති බවත්ය.
ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් පසුගිය වසරේ ආර්ථිකය "ව්‍යුහාත්මක අර්බුදයක" පවතින බව පිළිගත් නමුත් මිලිටරි ගොඩනැගීමකට ප්‍රමුඛත්වය දෙනු ලැබීය. මොස්කව් විසින් "විකාරයක්" ලෙස හඳුන්වනු ලැබූ එහෙත් යුරෝපා සංගමය්ට අනුව "රුසියානු තර්ජනය" මධ්‍යයේ ජර්මානු හමුදාව "යුරෝපයේ ශක්තිමත්ම සාම්ප්‍රදායික හමුදාව" බවට පත් කිරීමට පොරොන්දු විය.
ඔහුගේ රජය පවත්වා ගෙන යාමට අරමුදල් සැපයීම සඳහා ව්‍යවස්ථාපිත ණය තිරිංග අහෝසි කළ අතර ආරක්ෂක කටයුතු සඳහා වාර්තාගත යුරෝ බිලියන 108.2 ක් සහ යුක්රේනය සඳහා යුරෝ බිලියන 11.5 ක මිලිටරි ආධාර සහිතව 2026 අයවැය සම්මත කළේය. පුළුල් නේටෝ ප්‍රමුඛ මිලිටරිකරණයේ කොටසක් ලෙස 2029 වන විට ආරක්ෂක වියදම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.5% දක්වා ඉහළ නැංවීමට ද කැපවන බව ස්ථිර ලෙසම සිටියේය.
ආර්ථික පසුබෑම සඳහා මර්ස් ජර්මානුවන්ගේ වැඩ ආචාර ධර්ම, සමාජ සුභසාධන පද්ධතිය, පෙර රජයේ ප්‍රතිපත්ති සහ යුරෝප සංගමයේ නියාමන ආයතනවලට දොස් පවරමින් අදහස් දක්වනු දකින්නට ලැබේ. ඔහුගේ ප්‍රතිපත්ති මගින් ඔහුගේ අනුමත ශ්‍රේණිගත කිරීම මේ මාසයේ වාර්තාගත අවම අගයක් 25% දක්වා පහත වැටී ඇති අතර එය 2025 මැයි මාසයේදී ඔහු බලයට පත්වන විට 38% ක් විය.
https://www.rt.com/news/632163-german-economy-crises-cost/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..