''මහින්ද රාජපක්ෂ සමයේ ජනපති අරමුදලින් ජවිපෙ ගලප්පත්ති සහ නිපුණආරච්චි මුදල් ලබාගෙන තියෙනවා'' - මාධ්‍යවේදී උවිඳුගෙන් අනාවරණයක්
ජනතා විමුක්ති පෙරමුණේ ලක්ෂ්මන් නිපුණආරච්චි සහ නිහාල් ගලප්පත්තිගේ බිරිඳට, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් ජනපති අරමුදලෙන් රෝහල් බිල් ගෙවා ඇති බව මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය පවසයි.
සිය මුහුණුපොතේ සටහනක් තබමින් ඔහු මේ පිළිබඳව සඳහන් කර තිබේ.
ඒ ජනාධිපති අරමුදලෙන් විවිධ දේශපාලනඥයන් ලබාගත් වෛද්‍යාධාර පිළිබඳ තොරතුරු හෙළි කරගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ආරම්භ කළ තොරතුරු දැනගැනීමේ (RTI) මේ වන විට කතාබහට ලක්වන පසුබිමකයි.
මෙම අර්බුදය ආරම්භ වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස විසින් සභාවේදී කළ ප්‍රකාශයක් සමඟයි.
දයාසිරි ජයසේකරට රුපියල් ලක්ෂ දහයක රෝහල් බිලක් ජනාධිපති අරමුදලෙන් ගෙවා ඇති බවට ඔහු සඳහන් කර සිටියේය.
මීට ප්‍රතිචාර වශයෙන් දයාසිරි ජයසේකර, 2005 සිට 2010 දක්වා කාලය තුළ ජනාධිපති අරමුදලෙන් ප්‍රතිලාභ ලැබූ සියලුම දේශපාලනඥයන්ගේ තොරතුරු ලබාදෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයෙන් RTI ඉල්ලීමක් කරනු කළ අතර ජනාධිපති ලේකම් කාර්යාලය මුලින් මෙම තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළ බවයි උවිඳු තැබූ සටහනේ සඳහන් වෙන්නේ.
ඒ අනුව මන්ත්‍රීවරයා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව (RTI Commission) හමුවේ ඇපෑලක් ගොනු කළ අතර තනි පුද්ගල ලිපිගොනු නැති වුවද, රජයේ සියලු ගෙවීම් සටහන් වන ‘මුදල් පොත’ (Cash Book) අතුරුදහන් විය නොහැකි නිසා එය තමන්ට පෙන්වන ලෙස ඉල්ලා සිටි බවත් එම සටහනේ සඳහන්.
එහිදී මෙම කරුණු සලකා බැලූ කොමිසම, අදාළ මුදල් පොත පරීක්ෂා කිරීමට මන්ත්‍රීවරයාට අවස්ථාව ලබාදෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයට නියෝග කර තිබුණද එම පොත තවමත් මන්ත්‍රීවරයාට නොපෙන්වන්නේ නිපුණාරච්චිට සහ ගලප්පතිගෙ බිරිඳට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල් බිල් ගෙවා ඇත්තේ ජනාධිපති අරමුදලින් නිසා බවයි එම සටහනේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
එම සටහන පහතින්.
''දායසිරි අදින කේස් එක නියෙමට යනව. දයාට ලක්ෂ දහයක ඉස්පිරිතාල බිලක් සිරිසේන ජනාධිපති ගෙව්ව කියල නලින්ද පාර්ලිමේන්තුවෙදි කිව්වනෙ. ඉතිං දායා ඉල්ලුව ජනාධිපති අරමුදලෙන් 2005 සිට 2010 දක්වා දේශපාලනඥයින්ට ගෙවල තියෙන මුදල් විස්තර. ජනාධිපති කාර්යයාලයෙන් ඒව දෙන්න බැහැ කිව්ව. දයා RTI කොමිසමට ඇපීල් කළා. එතනදි ජනාධිපති ලේකම් කාර්යයාලෙන් ආව ලේකම් කිව්ව ඒව නැහැ කියල. දයාසිරි කිව්ව හා, ඒ උනාට මුදල් පොත නැති වෙන්න බැහැනෙ ඒක තමන්ට බලන්න ඕන කියල. කොමිසම කිව්ව මුදල් පොත දායාට පෙන්නන්න කියල. තාම කොර වෙනව. හේතුව මොකද දන්නවද? නිපුණාරච්චිටයි, ගලප්පතිගෙ වයිෆ්ටයි මහින්ද රාජපක්ෂ රෝහල් බිල් ගෙවල ජනාධිපති අරමුදලින්! ඇපීල් එක ආයෙ 12දට අහනවා! ''
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..