News Category
From Date
To Date
Maximum Number of Result

ලොව හෙල්ලූ කතාවක සුලමුල, ජෙෆ්රි එප්ස්ටීන්ගේ "රහස් ලිපිගොනු" සහ ශ්‍රී ලංකාව?

Feb 8, 2026 at 06:35 AM
|

ලෝකයේ බලවත්ම, ධනවත්ම සහ ප්‍රභූ පැලැන්තියේ පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවක් සමඟ පසුගිය දිනවල කරළියට ආ "එප්ස්ටීන් ෆයිල්ස්" ගැන ඔබ මේ වන විට අනිවාර්යයෙන්ම අසා ඇති! ඇමරිකානු යුදෙව් බිලියනපතියෙකු වූ ජෙෆ්රි එප්ස්ටීන් විසින් පවත්වා ගෙන ගිය මහා පරිමාණ ලිංගික ජාවාරම සහ ඒ වටා ගෙතුණු අභිරහස් දැන් එකින් එක දිගහැරෙමින් පවතිනවා. 

විශේෂයෙන්ම 2026 වසරේ මුලදී නිකුත් වූ නවතම ලේඛනත් සමඟ මේ කතාබහ නැවතත් උණුසුම් වී තිබෙනවා. නමුත් මේ සියල්ල මැද ශ්‍රී ලාංකික අපට වඩාත්ම සංවේදී සහ මතභේදාත්මක කාරණය වන්නේ, මේ මහා ජාත්‍යන්තර අපරාධ ජාලය තුළ ශ්‍රී ලංකාවට සම්බන්ධ කිසියම් හෝ සලකුණක් තිබේද යන්නයි. අද අපි මේ ලිපියෙන් ඉතා ගැඹුරින් සොයා බලන්නේ, එප්ස්ටීන්ගේ කළු ලෝකය, එහි සිටි ප්‍රබලයන් සහ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මේ වන විට පැතිර යන ආන්දෝලනාත්මක තොරතුරු වල ඇත්ත නැත්තයි. 

මුලින්ම අපි දැනගමු කවුද මේ ජෙෆ්රි එප්ස්ටීන් කියන්නේ හා ඇයි මේ තරම් කලබලයක් කියල? එප්ස්ටීන් කියන්නේ හුදෙක් බිලියනපතියෙක් විතරක් නෙවෙයි. ලෝකයේ රාජ්‍ය නායකයන්, විද්‍යාඥයන්, කලාකරුවන් සහ ව්‍යාපාරික දැවැන්තයන් තම අතේ තබාගත් "සම්බන්ධීකාරකවරයෙක්". ඔහුට අයත් වූ "ලිට්ල් සේන්ට් ජේම්ස්" දූපත, එසේත් නැතිනම් ලෝකයා දැන් හඳුන්වන, "කාම දූපත" හෙවත් 'Orgy Island' තුළ සිදුවූ දේ අදහාගත නොහැකියි. 

බාල වයස්කාර දැරියන් දහස් ගණනක් ලිංගික වහලුන් ලෙස යොදාගනිමින්, ලෝකයේ බලවතුන්ට ඔවුන්ව "සපයමින්" එප්ස්ටීන් පවත්වා ගෙන ගිය මේ ජාලය, 2019 දී ඔහුගේ අභිරහස් මරණයත් සමඟ නිහඬ වේ යැයි බොහෝ දෙනා සිතුවා. නමුත්, අධිකරණ නියෝග මත දැන් නිකුත් වෙමින් පවතින මිලියන සංඛ්‍යාත ලේඛන පිටු අතරින් එළියට එන්නේ මුළු මහත් මනුෂ්‍ය වර්ගයාම ලැජ්ජාවට පත් කරන තොරතුරුයි.

සමාජ මාධ්‍ය ජාලාවල පසුගිය කාලසීමාව පුරාවටම විවිධ මත පළවුණා. "එප්ස්ටීන්ගේ ලිස්ට් එකේ ලංකාවේ ප්‍රබලයෝ ඉන්නවා", "ලංකාවේ දේශපාලනඥයෝ එප්ස්ටීන්ගේ දූපතට ගිහින් තියෙනවා" වැනි කතා ඉතා වේගයෙන් පැතිර ගියා. අපි මේ ගැන ඉතාම සබුද්ධිකව සොයා බැලිය යුතුයි. 

මුලින්ම මතක තබා ගත යුතු දේ වන්නේ, එප්ස්ටීන්ගේ ගොනු වල හෝ ඔහුගේ පෞද්ගලික ජෙට් යානයේ එනම් 'Lolita Express' හි ගමන් මාර්ග සටහන් වල යම් පුද්ගලයෙකුගේ නම තිබූ පමණින් ඔහු ලිංගික අපරාධකරුවෙකු වන්නේ නැත. බොහෝ විට ව්‍යාපාරික හමුවීම්, රාත්‍රී භෝජන සංග්‍රහ හෝ සාමාන්‍ය ගුවන් ගමන් සඳහා ද එප්ස්ටීන් සමඟ සම්බන්ධ වූ පුද්ගලයන්ගේ නම්ද එහි ඇතුළත්. එප්ස්ටීන්ගේ ලේඛන පරීක්ෂා කිරීමේදී, ඇතැම් අවස්ථාවල දකුණු ආසියාතික ප්‍රභූන් සමඟ ඔහු පැවැත්වූ සබඳතා ගැන ඉඟි පළවී තිබෙනවා. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය ආයතන, එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ආයතන වල ඉහළ තනතුරු දැරූ සහ ලෝක මට්ටමේ ව්‍යාපාරිකයන් සමඟ ගනුදෙනු කළ ශ්‍රී ලාංකිකයන් පිළිබඳව විවිධ මට්ටමේ පරීක්ෂණ සහ කටකතා පවතිනවා.

නමුත්, මේ වන තෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ කිසිදු අධිකරණ ලේඛනයක ලාංකික දේශපාලනඥයෙකු සෘජුවම ලිංගික අපරාධයකට සම්බන්ධ බවට තහවුරු කළ සාක්ෂි හමුවී නැහැ. තිබෙන්නේ ඇතැම් ප්‍රභූන් එප්ස්ටීන්ගේ සාද වලට සහභාගී වූ බවට හෝ ඔහු සමඟ ව්‍යාපාරික මට්ටමින් හඳුනාගෙන සිටි බවට වන සැකයන් පමණයි.

"රෙදි ගැලවුණු" ලිපිගොනු?

හැබැයි මේ ලිස්ට් එකේ ඉන්න ලෝක මට්ටමේ නම් දැක්කාම ඕනෑම කෙනෙක් පුදුම වෙනවා. බ්‍රිතාන්‍යයේ ඇන්ඩෲ කුමරු, ඇමරිකානු හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් සහ වර්තමාන ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස්, ප්‍රසිද්ධ විද්‍යාඥ ස්ටීවන් හෝකින් පවා මේ ලේඛනවල විවිධ සන්දර්භයන් යටතේ සඳහන් වෙනවා..

විශේෂයෙන්ම 2026 පෙබරවාරි මාසයේ නිකුත් වූ නවතම තොරතුරු අනුව, එප්ස්ටීන්ගේ දූපතේ කළමනාකරණය සඳහා නවසීලන්ත ජාතික යුවළක් සම්බන්ධ වී තිබීම වැනි කරුණු හරහා පෙනී යන්නේ, මේ ජාලය ඇමරිකාවට පමණක් සීමා නොවූ, මුළු ලෝකයම වෙලාගත් මකුළු දැලක් වැනි එකක් බවයි.

"ඇයි මේ තොරතුරු මේ තරම් භයානක?" මොකද මෙය හුදෙක් ලිංගික අපරාධයක් පමණක් නෙවෙයි. මෙය බලය සහ මුදල් භාවිතා කරමින් ලෝකයේ නීතිය සහ සදාචාරය තමන්ට අවශ්‍ය පරිදි නවා ගැනීමක්. අහිංසක දරුවන්ගේ ජීවිත විනාශ කරමින් ඔවුන්ව භාණ්ඩ ලෙස භාවිතා කිරීම හා බොහෝ දෙනා විශ්වාස කරන්නේ එප්ස්ටීන්, බලවතුන්ගේ රහස් වීඩියෝ ගත කර තබා ගනිමින් ඔවුන්ව පාලනය කළ බව. ලෝක දේශපාලනය තීරණය කරන පුද්ගලයන් මෙවැනි ජාවාරම්කරුවෙකුගේ අතේ රූකඩ බවට පත්වීම කෙතරම් භයානකද?

"කාම දූපතට" ලංකාවේ  සම්බන්ධයක්? 

මෑතකදී ප්‍රසිද්ධියට පත් වූ ඊමේල් පණිවුඩයක් හරහා ලෝකයම මවිත කරවන කරුණක් එළියට පැමිණ තිබේ. ඒ එප්ස්ටීන්ගේ පෞද්ගලික දූපත වූ Little Saint James (LSJ) නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාවේ අසමසම ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ ජෙෆ්රි බාවාගේ  නිර්මාණ ශෛලිය උපයෝගී කර ගැනීමට දරා ඇති උත්සාහය. 

2010 පෙබරවාරි 11 වන දින, එප්ස්ටීන්ගේ සමීපතමයෙකු වන ඇන්ඩෲ ලෙවී විසින් එප්ස්ටීන් වෙත ඔහු භාවිතා කළ "jeevacation@gmail.com" නම් ලිපිනයට ඊමේල් පණිවුඩයක් එවා ඇත. එහි සාරාංශය නම්, "දූපතේ ඉදිරි සැලසුම් සහ අදහස් සඳහා ජෙෆ්රි බාවාගේ නිර්මාණ ඇතුළත් පින්තූර ගොනුවක් (zip file) ඔහු එප්ස්ටීන් වෙත යොමු කර තිබේ. බාවා විසින් ස්වභාවික වටපිටාව සහ ගොඩනැගිලි ඉතා අපූරුවට මුසු කරන ආකාරය ගැන එහි විශේෂයෙන් සඳහන් කර ඇත. ගොඩනැගිල්ලක් ඇතුළත සහ පිටත අතර ඇති සීමාවන් මකා දමමින් ඔහු කරන "Tropical Modernism" කලාව එප්ස්ටීන්ගේ දූපතට ආදේශ කිරීමට ඔවුන් සාකච්ඡා කර ඇත. මෙම නිර්මාණ සැලසුම් ගැන කතා කිරීමට "LSJ" හෙවත් එප්ස්ටීන්ගේ දූපතට යා යුත්තේ කවදාද යන්නත් මෙම ඊමේල් හුවමාරුවේ සඳහන් වේ.

ලෝක ප්‍රකට ජෙෆ්රි බාවා යනු ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සිට ප්‍රමුඛ පෙළේ හෝටල් රැසක් නිර්මාණය කළ, පරිසරයට ලැදි ගෘහ නිර්මාණ ශිල්පියෙකි. ඔහුගේ අරමුණ වූයේ මිනිසා සහ සොබාදහම එකට යා කිරීමයි. නමුත් අවාසනාවකට මෙන්, ලෝකයම පිළිකුල් කළ අපරාධකරුවෙකු වූ එප්ස්ටීන්, තම දූෂිත ක්‍රියාවන් සැඟවීමට පාවිච්චි කළ දූපතේ "ලස්සන" වැඩි කර ගැනීමට බාවාගේ මෙම අති විශිෂ්ට නිර්මාණ කලාව ආදර්ශයට ගැනීමට උත්සාහ කර තිබේ. 

මෙමගින් අදහස් වන්නේ ජෙෆ්රි බාවා හෝ ලංකාව එප්ස්ටීන්ගේ අපරාධ වලට සම්බන්ධ බව නොවේ. එයින් පැහැදිලි වන්නේ එප්ස්ටීන් වැනි පුද්ගලයන් ලෝකයේ තිබෙන වටිනාම සහ සුන්දරම දේවල් පවා, තමන්ගේ අඳුරු ලෝකය හැඩගැන්වීමට යොදා ගැනීමට මාන බැලූ ආකාරයයි.

"ජූලියන් ලීස්ගේ කතාව?"

මේ තවත් ඉතා ගැඹුරු සහ කුතුහලය දනවන අභිරහසකි. ජෙෆ්රි එප්ස්ටීන්ගේ සම්බන්ධතා ජාලය දෙස බලන විට, එහි නිකම්ම "නමක් සඳහන් වීමකට" වඩා එහා ගිය ඉතා සංකීර්ණ දේශපාලන සහ ව්‍යාපාරික සබඳතා ඇති බව පෙනී යයි. විශේෂයෙන්ම ජූලියන් ලීස් පිළිබඳ තොරතුරු එප්ස්ටීන්ගේ ලේඛන අතර හමුවීම ශ්‍රී ලංකාවට අදාළ තවත් අඳුරු පැතිකඩක් විවර කරයි. ජූලියන් යනු බ්‍රිතාන්‍ය ජාතික ප්‍රබල ආයුධ වෙළෙන්දෙකු සහ රහස් ඔත්තුකරුවෙකු ලෙස සැලකෙන ඩග්ලස් ලීස්ගේ  පුත්‍රයාය. ඩග්ලස් ලීස් යනු ලෝක දේශපාලනයේ තිරය පිටුපස සිටි දැවැන්තයෙකි. විශේෂයෙන් 1980 සහ 90 දශකවල බ්‍රිතාන්‍යය සහ වෙනත් රටවල් අතර සිදු වූ රහසිගත ආයුධ ගනුදෙනු වලදී ඔහු ප්‍රධාන භූමිකාවක් ඉටු කළ අයෙකි. 

ජූලියන් ලීස්ගේ නම එප්ස්ටීන්ගේ කළු ලේඛනවල සටහන් වී ඇත්තේ හුදු මිතුරෙකු ලෙස පමණක් නොවේ. ඔහු එප්ස්ටීන් සමඟ "ව්‍යාපාරික අවස්ථාවන්" ගැන සාකච්ඡා කළ අයෙකු ලෙස එහි සඳහන් වේ. මෙම කතාවේ වඩාත්ම කුතුහලය දනවන කොටස වන්නේ, ජූලියන් ලීස් දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව සිය වාසස්ථානය කරගෙන සිටීමයි. ඔහු ගැන අන්තර්ජාලයේ හෝ පොදු මාධ්‍යවල තොරතුරු ඇත්තේ ඉතාම අල්ප වශයෙනි. මෙය රහස් ඔත්තු සේවා හෝ ඉහළ පෙළේ ආයුධ ගනුදෙනුකරුවන්ගේ සාමාන්‍ය ස්වභාවයයි. ඔහු ලංකාවේ රැඳී සිටිමින් කුමන ආකාරයේ වැඩ කටයුතු වල නිරත වූවාද යන්න අදටත් අභිරහසකි. ඇතැම් මූලාශ්‍ර පවසන්නේ ඔහු මෙරට දේශපාලන සහ ව්‍යාපාරික ප්‍රභූන් සමඟ ඉතා සමීප සබඳතා පැවැත්වූ බවය. 

ලංකාවේ සිටිමින් ඔහු එප්ස්ටීන් වැනි ජාත්‍යන්තර "බ්‍රෝකර්වරයෙකු" සමඟ ව්‍යාපාරික අවස්ථා සොයා බැලීම පිටුපස ඇත්තේ කුමන අරමුණක්ද? එය ආයෝජනයක්ද, නැතිනම් ජාත්‍යන්තර මට්ටමේ තවත් රහසිගත මෙහෙයුමක්ද? එප්ස්ටීන්ගේ ලෝකය යනු හුදෙක් ලිංගික අපරාධ පමණක් නොවේ. එය ලෝකයේ ප්‍රබල ආයුධ වෙළෙන්දන්, රහස් ඔත්තුකරුවන් සහ මූල්‍ය වංචාකරුවන්ගේ එකතුවකි. ඩග්ලස් ලීස් වැනි අයෙකුගේ පුත්‍රයෙකු එප්ස්ටීන්ගේ සමීපතම ලැයිස්තුවේ සිටීමෙන් පෙනී යන්නේ මේ ජාලය ලංකාව වැනි රටවල් පවා, තම අතකොළු ලෙස භාවිතා කර ඇති ආකාරය නේද? 

ජූලියන් ලීස් ගැන තොරතුරු සොයා ගැනීමට අපහසු වීමෙන්ම වැටහෙන්නේ ඔහු කෙතරම් "වැදගත්" සහ "ආරක්ෂිත" පුද්ගලයෙකු ලෙස ලංකාව තුළ ජීවත් වූවාද යන්නය. ලෝකයේ සිටින භයානකම අපරාධකරුවෙකුගේ සමීප මිතුරන් සහ ව්‍යාපාරික හවුල්කරුවන් ලංකාව ඔවුන්ගේ "ආරක්ෂිත මධ්‍යස්ථානයක්" ලෙස තෝරාගත්තේ ඇයි? සහ තව කොපමණ මෙවැනි රහස් චරිත, අප අතරම ජීවත් වෙනවා විය හැකිද? 

"සාන්තුවරියකගේ" අඳුරු සෙවනැලි?

පැතිර යන ඇතැම් වාර්තා පවසන්නේ, තෙරේසා මවුතුමියගේ මෙහෙවර පිටුපසත් "ළමා ජාවාරමක්" ක්‍රියාත්මක වූ බවයි. ඇය අසරණ දරුවන් දරුකමට හදාවඩා ගැනීමට ලබා දීමේ මුවාවෙන් අති විශාල මුදලකට අලෙවි කළ බවට චෝදනා එල්ල වේ. මෙලෙස දරුවන් විකිණීමෙන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 50 සිට 100 දක්වා ප්‍රමාණයක් වතිකානුව වෙත ගලා ගිය බව මෙම මතවාද ඉදිරිපත් කරන්නන් පවසති. එප්ස්ටීන් කළේ දරුවන් ලිංගිකව භාවිතා කිරීම නම්, තෙරේසා මවුතුමිය කළේ දරුවන්ව "භාණ්ඩ" ලෙස විකිණීම බවට විවේචකයෝ පවසති.

තෙරේසා මවුතුමියගේ සමීපතමයන්ගේ ලැයිස්තුව දෙස බලන විට ඇය සහ එප්ස්ටීන්ගේ ජාලය අතර ඇති සබඳතා පුදුම සහගතය. බේබි ඩොක් ඩුවාලියර් නම් හයිටි දේශයේ කුරිරු ඒකාධිපතියා සමඟ ඇයට තිබූ සබඳතාව, චාල්ස් කීටිං නම් මූල්‍ය වංචා සම්බන්ධයෙන් හිරේ ගිය අපරාධකරුවෙකුගෙන් ඇය විශාල වශයෙන් පරිත්‍යාග ලබාගෙන ඇති බව,  රොබට් මැක්ස්වෙල්...මෙන්න වැදගත්ම සම්බන්ධය! 

'රොබට් මැක්ස්වෙල්' යනු ජෙෆ්රි එප්ස්ටීන්ගේ ප්‍රධාන හවුල්කාරිය වූ ගිස්ලේන් මැක්ස්වෙල්ගේ පියාය. ලෝකයේ ප්‍රබල මාධ්‍ය දැවැන්තයෙකු වූ මොහු තෙරේසා මවුතුමියගේ සමීපතමයෙකු ලෙස සැලකේ. තවත් ආන්දෝලනාත්මක කරුණක් වන්නේ 1995 වසරේදී වොෂින්ටන් ඩී.සී. හි තෙරේසා මවුතුමිය සහ හිලරි ක්ලින්ටන් එක්ව ආරම්භ කළ කුඩා දරුවන්ගේ නිවාසයයි. මේ හරහා දරුවන්ව නීති විරෝධී ලෙස හුවමාරු වූ බවට චෝදනා නැඟුණු අතර, 2012 වසරේදී කිසිදු ප්‍රසිද්ධියකින් තොරව මෙම නිවාසය වසා දමන ලදී. 

මෙය ද එප්ස්ටීන්ගේ ජාලය සහ දේශපාලන ප්‍රභූන් අතර පවතින ගැඹුරු සබඳතාවල තවත් එක් පුරුකක් බව බොහෝ දෙනාගේ මතයයි. මෙම තොරතුරු බොහොමයක් "The White Rabbit" වැනි ටෙලිග්‍රෑම් නාලිකා සහ විකල්ප මාධ්‍ය හරහා පැමිණෙන අතර, ප්‍රධාන ධාරාවේ මාධ්‍ය බොහෝ විට මේවා වාර්තා කිරීමට මැලි වේ. නමුත් එප්ස්ටීන්ගේ ලේඛන එකින් එක දිගහැරෙද්දී, ලෝකයේ "සුදු චරිත" ලෙස පෙනී සිටි බොහෝ දෙනෙකුගේ රෙදි ගැලවෙමින් පවතී.

"හිලරි ක්ලින්ටන් සෙවූ රහස කුමක්ද?"

අපි බොහෝ දෙනෙක් සිතා සිටින්නේ 2003 දී ඇමරිකාව ඉරාකය ආක්‍රමණය කළේ "සමූලඝාතක ආයුධ" සෙවීමට කියාය. නමුත්, දැන් කරළියට එන තොරතුරු අනුව පෙනී යන්නේ, එහි සැබෑ අරමුණ අද්භූත සහ ගුප්ත එකක් බවයි. 2018 දෙසැම්බර් 13 වන දින ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද FOIA හෙවත් තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ නිකුත් කළ ලේඛන අතර ඉතාම අමුතු විද්‍යුත් ලිපියක් හමු විය. එහි සඳහන් වූයේ හිලරි ක්ලින්ටන් විසින් "ගිල්ගමේෂ් රජුගේ නැවත නැඟිටීමේ කුටිය, ඔහුගේ සිරුර පවතින ස්ථානය සහ මිහිදන් කර ඇති නෙෆිලිම්වරුන් පිළිබඳ ලේඛන" ඉල්ලා සිටි බවය. 

"හිලරි වැනි ලෝක දේශපාලනය මෙහෙයවන කාන්තාවකට, මෙතරම් පෞරාණික සහ මිත්‍යා යැයි සැලකෙන දේ ගැන, මෙතරම් උනන්දුවක් තිබුණේ ඇයි?"

2003 වසරේදී යෝග් ෆාස්බින්ඩර් නම් පුරාවිද්‍යාඥයා ප්‍රමුඛ කණ්ඩායමක් 'Lidar' තාක්ෂණය භාවිතා කරමින් ඉරාකයේ කාන්තාරය යට තිබී සොහොන් ගැබක් සොයා ගත්හ. ඔවුන් විශ්වාස කළේ එය වසර 5000ක් පැරණි, සුමේරියානු ඉතිහාසයේ එන අර්ධ දේව-අර්ධ මනුෂ්‍ය රජෙකු වූ ගිල්ගමේෂ්ගේ සොහොන් ගැබ බවයි. එම කාලයේ මාධ්‍ය හරහා මේ ගැන විශාල ප්‍රචාරයක් ලබා දුන් අතර, මෙය සජීවීව විවෘත කිරීමටත්, එම සිරුරෙන් DNA සාම්පල ලබාගෙන මිනිස් ඉතිහාසයේ අබිරහස් විසඳීමටත් සැලසුම් කර තිබුණි. 

එහෙත් මෙම සොයා ගැනීමෙන් ඉතා කෙටි කලකට පසු ඇමරිකාව ඉරාකය ආක්‍රමණය කළේය. ඉන්පසු සිදු වූ දේ පුදුම සහගතය.  ඇමරිකානු හමුදාව වහාම පුරාවිද්‍යාඥයන් එම ස්ථානයෙන් ඉවත් කර, අදාළ ප්‍රදේශය සිය හමුදා පාලනයට නතු කර ගත්තේය. රාත්‍රී කාලයේ විශාල ට්‍රක් රථ යොදාගනිමින් එහි තිබූ සියල්ල රහසිගතව රැගෙන ගිය බවටත්, එම ස්ථානයේ හමුදා කඳවුරක් ඉදි කළ බවටත් තොරතුරු පවතී. 

ඉන්පසු ගිල්ගමේෂ් ගැන පළ වූ සියලුම ප්‍රවෘත්ති මාධ්‍ය ලෝකයෙන් එකවරම අතුරුදන් වූ අතර, ඉන්පසු ඒ ගැන කිසිදු කතාවක් අසන්නට ලැබුණේ නැත!

දැන් ප්‍රශ්නය ඇයි ඔවුන් "නෙෆිලිම්" පසුපස යන්නේ? ඊශ්‍රායල් ශුද්ධ ලියවිලි සහ පුරාණ ලේඛන වලට අනුව 'නෙෆිලිම්' යනු ස්වර්ගයෙන් ඇද වැටුණු දේවදූතයන් (සමහරුන්ට අනුව පිටසක්වළ ජීවින්) සහ මනුෂ්‍ය කාන්තාවන් අතර ඇති වූ සබඳතා වලින් බිහි වූ "අද්භූත" පරම්පරාවකි. ඔවුන්ට අසාමාන්‍ය ශක්තියක් සහ දැනුමක් තිබූ බව පැවසේ. එසේ නම් ලෝක බලවතුන්, විශේෂයෙන්ම එප්ස්ටීන් සමඟ සබඳතා පැවැත්වූ ප්‍රභූන්, මේවා පසුපස යන්නේ ඇයි? 

ඔවුන් එම පුරාණ DNA භාවිතා කරමින් අමරණීයත්වය හෝ අසාමාන්‍ය ජානමය වෙනස්කම් සිදු කිරීමට උත්සාහ කරනවාද? පුරාණ ශිෂ්ටාචාර සතුව තිබූ දියුණු තාක්ෂණයන්  අත්පත් කර ගැනීම හෝ ලෝකයේ සැබෑ ඉතිහාසය වසන් කර, මිනිසුන්ව මායාවක තබා ගැනීමට උත්සහ කරනවාද? මේ සියල්ල තවම උපකල්පන පමණි.

ගිල්ගමේෂ්ගේ සොහොන, හිලරි ක්ලින්ටන්ගේ ඊමේල් පණිවුඩ, ඉරාක යුද්ධය, ජූලියන් ලීස් දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව සිය වාසස්ථානය කරගෙන සිටීම අතර ඇති අහඹු සම්බන්ධය කුමක්ද? ඔවුන් සෙව්වේ කුමක්ද? එප්ස්ටීන්ගේ ක්‍රියාකාරීත්වය දෙස බලන විට අපට වැටහෙන්නේ, මේ පුද්ගලයන් අප සිතනවාට වඩා හාත්පසින්ම වෙනස් "ඇදහිලි" සහ "අරමුණු" වෙනුවෙන් වැඩ කරන පිරිසක් බවයි.

අවසන් වශයෙන් මේ අනාවරණය ඉතා දීර්ඝය. ඔබ මේ ගැන කලින් අසා තිබුණාද? නැත්නම් මෙහි ඉතිරි කොටස් දැනගැනීමට කැමතිද? අපි මෙතෙක් කලක් "සාන්තුවරයන්" ලෙස ඇදහූ චරිත මෙවැනි බිහිසුණු අපරාධ ජාලයක කොටස්කරුවන් විය හැකිද, නොහැකිද? එප්ස්ටීන් කියන්නේ හුදෙක් එක් මිනිසෙක් නොව, සියවස් ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වන මහා ජාවාරමක එක් මුහුණුවරක් පමණද? මේ සියල්ලේ අරමුණ කුමක්ද? මේ ගැන ඔබේ අදහස කුමක්ද?

= සාගර දියගම

(උපුටාගැනීමකී)




සම්බන්ධිත පුවත් | Related News

දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වාට ජනාධිපති අනුර කුමාර දිසානායකව රවට්ටන්නට හැකි නම් ජනාධිපතිවරයාගේ මොළයේ තරම හිතාගත හැකි බවත්, ඉන්දියාවෙන් නැතිනම් ජාත්‍යන්තරයෙන් ජනාධිපතිවරයාව කෙසේ රවට්ටනවා ඇත්දැයි දේශපාලන විචාරකයන් ප්‍රශ්න කරති.

ප්‍රධාන පුවත්

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.