රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ග ඉදිරියේදී තවත් තිව්‍ර කිරීමේ සූදානමක්..
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය මගින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් පහතින් දැක්වේ.
මාධ්‍ය නිවේදනය
නිදහස් සෞඛ්‍ය සහ රෝහල් පද්ධතිය රැකගැනීම වෙනුවෙන් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග ඉදිරියේදී තවත් තිව්‍ර කිරීමේ සූදානමක්.
මේ වන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවේ ඒකමතික තීරණය මත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවක් දීප ව්‍යාප්තව සිදු කෙරෙමින් පවති. මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තුලින් රටේ සමස්ත වෛද්‍ය ප්‍රජාව මේ වන විට මුහුණ පා ඇති වෘත්තීමය ගැටලු පිළිබිඹු කිරීම ද සිදුවේ. මෙහිදි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ලෙස අප විසින් සිදු කරනු ලබන්නේ මෙතෙක් පුද්ගලික වශයෙන් අවදානමක් ගනිමින් සහ නියමිත සේවාවට වඩා කිහිපගුණයක් වැඩිමනත් ලෙස සිදු කරන්නට යෙදුනු සහ ඒ සඳහා කිසිඳු අමතර පහසුකමක් හෝ මුල්‍යමය ප්‍රතිලාභයක් ලබා නොදුන් කාර්යයන්ගෙන් ඉවත් වීම වේ. මෙමගින් යම් අපහසුතාවයක් පොදු මහජනතාවට සිදු වන්නේ නම් එහි පූර්ණ වගකීම සෞඛ්‍ය අමාත්‍යවරයා සහ රජය භාරගත යුතු බවට අපි අවධාරණය කර සිටින්නෙමු.
එමෙන්ම විවිධ පාර්ශවයන් විසින් මේ වන විට මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ස්ථානමාරු ක්‍රියාවලිය මුලික කරගනිමින් සිදු කරන බවට අසත්‍ය ප්‍රචාරයක් සිදුකරමින් සිටියි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ස්ථාවරය වන්නේ නිසි ක්‍රමවේදයට අනුකූලව වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු නියමිත ක්‍රමවේදය තුල සිදු විය යුතුය යන්නයි. නමුත් අවාසනාවන්ත ලෙස සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් කිහිපදෙනෙකුගේ අකාර්යක්ෂමතාවය නිසා මේ වන විට වෛද්‍ය ස්ථානමාරු 8000 කට ආසන්න ප්‍රමාණයක් තවමත් නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැත.
නමුත් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මාධ්‍ය වෙත සිදු කරන යම් ප්‍රකාශ ඔස්සේ පෙනි යන්නේ එතුමාද සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහත කී සමහරක් නිලධාරීන් නොමග යවා වැරදි දත්ත ලබා දී ඇති බවයි. ඒ තුලින් සෞඛ්‍ය අමාත්‍යවරයාටද තම ප්‍රතිරූපයටද හානි කරගනිමින් පරස්පර විරෝධි ප්‍රකාශ මාධ්‍ය වෙත නිකුත් කිරීමට ඉතා අවාසනාවන්ත ලෙස සිදු වී ඇත.
වෛද්‍ය ස්ථානමාරු දේශපාලනිකරණය නොකරමින් පිළිගත් ක්‍රමවේදය තුලින් සිදු වනු දැකීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 23000 ක සාමාජිකත්වයේ අභිප්‍රාය වන අතර මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා පාදක වී ඇත්තේ වෙනත් කරුණු කාරණා සහ ඉල්ලීම් කිහිපයක් වේ. ඒවා නම්,
1. සියලු කාණ්ඩවල වෛද්‍යවරුන් ඇතුළත් කර ගනිමින් “ශ්‍රී ලංකා වෛද්‍ය සේවය” නමින් සුවිශේෂී සේවා කාණ්ඩයක් බිහිකිරීම සඳහා සියලු පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් සහ එකඟතාවයෙන් කෙටුම්පත් කර ඇති කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා ගෙන ඉදිරි කටයුතු සිදු කිරීම.
2. වෛද්‍යවරුන්ගේ DAT දීමනාව යාවත්කාලීන කිරීම
3. 22/99 චක්‍රලේඛයට අනුකූලව ප්‍රවාහන ගැටලු විසඳිම
4. අමතර රාජකාරි දීමනාව ස්ථාවර දීමනාවක් බවට පත් කිරීම
5. පර්යේෂණ දීමනාවේ ගැටලු විසඳිම
6. පශ්චාත් උපාධි අධ්‍යයනයේ යෙදෙන වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීම
7. සෞඛ්‍ය පද්ධතියේ අනුමත වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව යාවත්කාලීන කිරීම
8. ඉහත ගැටලු කාල රාමුවක් සහිතව විසඳිම සඳහා මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා ආරම්භ කිරීම
නමුත් තව දුරටත් මෙම ගැටලු සඳහා රජය සහ සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රතිචාර නොදක්වමින් උද්ධච්ච ආකාරයට කටයුතු කරන්නේ නම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තිව්‍ර කිරීම සඳහා ඒකමතිකව තීරණය කර ඇත.
එහි දිගුවක් ලෙස මහජන සෞඛ්‍ය සේවාවේදි මුහුණපාන ගැටලු සාකච්ඡා කිරීම සඳහා 2026 පෙබරවාරි මස 11 වැනි දින දිවයින පුරා රාජකාරි කරනු ලබන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මුලස්ථානයට කැඳවීමට කටයුතු සුදානම් කර තිබේ. එම සාකච්ඡාවෙන් පසු ලබා ගන්නා තීරණ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කරනු ඇත.
ස්තූතියි.
මීට විශ්වාසී,
වෛද්‍ය ප්‍රභාත් සුගතදාස,
ලේකම්.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..