2025දී මත්තල ගුවන් තොටට වාර්තාගත ගුවන් මගීන් සංඛ්‍යාවක්..
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ 2025 වසර තුළ වාර්තාගත ගුවන් මගීන් සංඛ්‍යාවක් මෙහෙයවීමට සමත් වී ඇති බව ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම පවසයි.
2013 වසරේ ගුවන්තොටුපොළ ආරම්භයෙන් අනතුරුව වාර්තා වූ ඉහළම ගුවන් මගී සංචලන සංඛ්‍යාව මෙය වන අතර, 2025 වසර තුළ ගුවන් මගීන් 140,614 දෙනෙකු මෙහෙයවීමට හැකි වී ඇති බව එම සමාගම සඳහන් කරයි.
ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ දත්ත අනුව, 2025 වසර තුළ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්යානා 703ක් සාර්ථකව මෙහෙයවීමටද හැකි වී ඇත.
මේ අතර, මේ සම්බන්ධයෙන් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ද සමාජ මාධ්‍යයේ මේ සම්බන්ධයෙන් සටහනක් තබා තිබේ.
අදාළ සටහන පහළින්..
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ 2013 වසරේ ආරම්භ කිරීමෙන් අනතුරුව, 2025 වසරේදී ඉහළම වාර්තාගත ගුවන් මගී සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ගුවන් තොටුපළ සහ ගුවන් සේවා අධිකාරීන් තහවුරු කරයි. 2025 වසර තුළ මත්තල ගුවන් තොටුපළ හරහා ගුවන් මගීන් 140,614ක් සංචලනය වී ඇති අතර, එයින් 128,580ක් නොහොත් 91% ක් Red Wings Airlines, SkyUp Airlines, FlyOne Airlines සහ Vision Air යන ගුවන් සමාගම් මගින් මත්තල වෙත ක්‍රියාත්මක කළ ගුවන් ගමන් 398 හරහා රැගෙන එන ලදී.
මෙම සාර්ථකත්වයට මූලික හේතුවක් වන්නේ, මත්තල ගුවන් තොටුපළෙන් අයකරනු ලැබූ අපගමන බද්ද එවකට අගමැති වූ #MahindaRajapaksa මහතා විසින් ඉවත් කිරීමයි. ඒ අනුව, 2020 දෙසැම්බර් 28 දින සිට මාගේ සෘජු මැදිහත්වීම මත, Ukraine International Airlines, SkyUp Airlines, SCAT Airlines, Red Wings Airlines, Gullivair Airlines, FlyOne Airlines සහ Vision Air යන ගුවන් සේවා මත්තල ගුවන් තොටුපළ වෙත ආකර්ෂණය කිරීමට හැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස, සංචාරකයන් 210,000කට ආසන්න සංඛ්‍යාවක් මත්තල හරහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, ඇමරිකානු ඩොලර් මිලියන 315කට අධික විදේශ විනිමයක් රටට ලැබී ඇත.
තවද මත්තල ගුවන් තොටුපළ ආශ්‍රිත වනජීවී හෝ ආරක්ෂක අවදානම් හේතුවෙන් අපගේ ගුවන් යානාවකට කිසිදු හානියක් සිදුවී නොමැති බවද පැහැදිලිව සටහන් කරමි. මෙවන් වාතාවරණයක මාලිමා රජය “මත්තල පාඩුයි” යන කතාව ගොඩනඟා, ගුවන්තොටුපළ වසර ගණනාවකට බදුදීමට පාර කපන සැලැස්මක් ක්‍රියාත්මක වන්නේ එහි ඉහළ නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් බව කනගාටුවෙන් සටහන් කර තබමි.
— උදයංග වීරතුංග, හිටපු තානාපති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි