පොලිසියේ ඉහළ පුටු 8කට මාරු.. DIG ලා දෙදෙනකුත් ඒ අතර..
නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 08 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යවා ඇත.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය කළ ඉල්ලීමකට අනුව ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය මත මෙම මාරුකිරීම් ක්‍රියාත්මක කර තිබේ.
මෙසේ මාරුකර ඇති උසස් නිලධාරීන් අතර ගම්පොළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා සහ පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල ද සිටින බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.
මාරුකර යැවූ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනා මෙසේය. ගාල්ල දිසාව භාරව සිටි ඊ. එම්. ජී. සේරම් මහතා බඳවා ගැනීම් පුහුණු දිසාව භාරවත්, සී. ඒ. පුෂ්පකුමාර මහතා ගාල්ල දිසාව භාරවත් පත්කර ඇත.
ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා කොළඹ උතුරු කොට්ඨාසය භාරවත්, එන්. කේ. ගුණවර්ධන මොනරාගල කොට්ඨාසයේ සිට පොලිස් මූලස්ථානයටත්, ඒ. ආර්. පුෂ්පකුමාර කොළඹ උතුර කොට්ඨාසයේ සිට විශේෂිත ගුවන්තොටුපළ කොට්ඨාසයටත් මාරුකර යවා ඇත.
වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂවරයාව සිටි පොලිස් අධිකාරි කේ. ඒ. උදය කුමාර කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙසත් මාරුකර යවා තිබේ.
වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නව අධ්‍යක්ෂවරයා ලෙස සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල පත්කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..