News Category
From Date
To Date
Maximum Number of Result

ටිබෙටය හෙවත් ෂිසැන්ග් පළාතේ නව යුගය..

Jan 30, 2026 at 09:48 AM
|

ෂිසැන්ග් යැයි කිවූ විට සිංහල බස හසුරුවන පාඨකයාට නුහුරු නමුදු ටිබෙටය යනුවෙන් හැඳින්වූ විට අපට සමීපතාවයක් දැනෙන්නේ ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන්ගේ කවිවලින් අපට ජාත්‍යාලය ඔද වඩවා ගැනීමට හැකිවූ නිසාය. කෙසේ වුවද මහජන චීන ජනරජයේ ස්වයං පාලිත පළාතක් ලෙස ටිබෙටය හෙවත් ෂිසැන්ග් පළාත චීන විප්ලවය සිදුවූ දා පටන් අද දක්වා පවතී. 

චීන භාෂාවෙන් :西* හෙවත් ‘ෂි‘ (Xī) යනු දකුණ යන අර්ථය දෙන වචනයකි. ඓතිහාසික චීන මූලාශ්‍ර වලට අනුව ඉංග්‍රීසියෙන් Zang  හෙවත් සැන්ග් යන්න ලිවීමට චීන ”‍西”‍ අකුර  භාවිත කරයි. එමගින් ගබඩාව, නිධානය, ජලාශය වැනි අර්ථයන් හඟවයි. ඒ අනුව සියළුම චීන අධිරාජ්‍යයන්ගේ ඉතිහාසය පුරාම ෂිසැන්ග් පළාත වැදගත් ප්‍රදේශයක් ලෙස සලකා ඇත. වත්මන් මහජන චීන ජනරජය තුළ තිබෙන ස්වයං පාලිත පාළාත් පහෙන් එකක් වන්නේ ෂිසැන්ග් ස්වයං පාලිත ප්‍රදේශයයි. නවීන චීනය තුළ ෂිසැන්ග් පළාතේ තත්වය පිළිබඳව සැකෙවින් සලකා බැලීම මෙම ලිපියේ අරමුණයි.

ෂිසැන්ග්- කෙටි හැඳින්වීමක් 

ෂිසැන්ග් ස්වයං පාලිත පළාත පිහිටා ඇත්තේ නිරිත දිග චීනයේය. මුහුදු මට්ටමේ සිට මීටර 4000ක සාමාන්‍යය උසක පිහිටි වර්ග කිලෝ මීටර මිලියන 1.2ක වපසරියක් ෂිසැන්ග් ස්වයං පාලිත පළාතට අයත් වේ. 2023 වසරේ අවසානය වන විට ෂිසැන්ග් ස්වයං පලිත පලාත තුළ මිලියන 3.65 ක ජනතාවක් ස්ථිරව වාසය කරන බව සංඛ්‍යා දත්ත පෙන්වා දෙයි. චීනයේ ස්වයං පාලිත පළාත් වලින් අඩුම ජනගහනයක් සහිත පළාත ෂිසැන්ග් ස්වයං පලිත පළාත වේ. එලෙසම සමස්ත චීනයේම අඩුම ජන ඝනත්වය පෙන්වන පළාතද ෂිසැන්ග් ස්වයං පාලිත පළාත වන්නේය. ලොවම හඳුනන ටිබෙට් ජාතිකත්වයට අයත් ජන කණ්ඩායමට අමතරව ෂිසැන්ග් ස්වයං පාලිත පළාත තුළ හන්, හුයි, මෙන්බ, ල්හොබා, නක්සි, නු සහ ඩුලොන්ග් වැනි ජනවර්ග 50 කට අයත් ජන කොටස් ජීවත් වෙති. එලෙසම ටිබෙට් සානුව තුළ ඩෙන්ග් සහ ෂෙර්ප වැනි ඉතාම සුළු සාමාජිකයන් පිරිසක් සිටින ජන කොටස්ද ජීවත් වේ.

ෂිසැන්ග් ස්වයං පාලිත පළාතේ පරිපාලන දිස්ත්‍රික්ක  ලහසා, ෂිගෙට්සෙ, නයින්ග්චි, ක්අම්ඩෝ, ලහෝකා, නගක්උ යන නගර අයත් ප්‍රාන්ත හයකින් සහ තනි ප්‍රාන්තයක් වන නාගරි ප්‍රාන්තයෙන් සමන්විත වේ. ඉතිහාසය පුරාම ෂිසැන්ග් යනු චීන භූමියට අයත් වූවකි. ෂිසැන්ග් ආශ්‍රිතව ජීවත් වූ සියළුම ජන කොටස් චීනය නම් වූ මහා පවුලේ සාමාජිකයෝ වූහ.

අතීත චීනය පාලනය කළ සියළු අධිරාජ්‍යයන්ගේ සෘජු පාලනය යටතේ ෂිසැන්ග් පාළාත පැවතුනි. 1949 ඔක්තෝබර් පළමුවනදා මහජන චීන ජනරජය පිහිටුවනු ලැබුණි. 1951 මැයි 23 වන දින මධ්‍යම රජය සහ ෂිසැන්ග් පළාත් පාලන ආයතනය බීජිං හිදී ෂිසැන්ග්හි සාමකාමී විමුක්තිය සඳහා වූ පියවර පිළිබඳ ගිවිසුමකට අත්සන් තැබූ අතර, එය ෂිසැන්ග්හි සාමකාමී විමුක්තිය සනිටුහන් කළේය.

1959 දි ෂිසැන්ග් පළාතේ ජනයා පූජකතන්ත්‍රය මත ක්‍රියාත්මක වූ වැඩවසම් වහල්භාවය පෙරලා දමා මහජන ප්‍රජාතන්ත්‍රවාදී රජයක් ගොඩ නගාගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඇති කරගනු ලැබුවේය. ෂිසැන්ග් ස්වයං පාලිත පළාත 1965 සැප්තැම්බර් මාසයේදී ගොඩ නංවනු ලැබුවේය. ඒ අනුව වාර්ගික සුළුතරයන් සඳහා කලාපීය ස්වයං පාලන ක්‍රමය ෂිසැන්ග් ස්වයං පාලිත පළාත තුල ක්‍රියාත්මක වන්නේය.

2012 වර්ෂයේ පැවැති චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වන ජාතික කොංග්‍රසයේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ෂී ජින් පිං සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුව ෂිසැන්ග් ස්වයං පාලිත පළාතේ සමාජ ස්ථාවරත්වය සහ දීර්ඝ කාලීන සංවර්ධනය උදෙසා ප්‍රගාමක උපාය උපක්‍රම එළි දක්වනු ලැබීය. කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ෂී ජින් පිං චීනයේ ජාතික පුනර්ජීවනය සාක්ෂාත් කරගැනීම අරමුණු කරගැනීමේ පදනම මත පිහිටා පිවිතුරු සහ තෘප්තිමත් ෂිසැන්ග් පළාතක් ගොඩ නැගීම වෙනුවෙන් ප්‍රතිපත්ති ඉදිරිපත් කර වැදගත් උපදෙස් මාලාවක් ඉදිරිපත් කරනු ලැබීය. නව යුගයේ නව ෂිසැන්ග් පළාත සමස්ත සමගියක් සහ ස්ථාවරත්වයක් මෙන්ම සීඝ්‍ර ආර්ථික වර්ධනයක් සහ යහපත් මානව ජීවිතයක් චීනයේ අනෙකුත් පළාත්වල ජනයා මෙන්ම භුක්ති විඳිති. ෂිසැන්ග් ස්වයං පාලිත පළාතේ ජනයා පාරිසරික ආරක්ෂාව වෙනුවෙන් බාධක ගොඩනඟමින්, වාර්ගික සමගිය තහවුරු කරමින්, ආගම සමාජවාදී සමාජයට අනුවර්තනය කරමින් සහ දේශසීමා ආරක්ෂාව තහවුරු කරමින්  ඵලදායී ලෙස කටයුතු කරමින් සිටියි. මෙම සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස ෂිසැන්ග් ප්‍රබල සමෘද්ධිමත් දර්ශනයක් ලෝකයට ඉදිරිපත් කරමින් සිටියි.


සංවර්ධනය - සාමය ආරක්ෂා කරනු ලබයි

2023 වර්ෂයේදී ෂිසැන්ග් ස්වයං පාලිත පළාතේ දළ දේශීය නිෂ්පාදිතය යුවාන් බිලියන 239.27ක අගයකට ළඟා විය. එය 9.5% ක වාර්ෂික වර්ධනයකි.අධිවේගී මාර්ග මත පදනම් වූ පුළුල් ප්‍රවාහන පද්ධතියක් සහ ගුවන් සේවා, දුම්රිය සහ නල මාර්ග ප්‍රවාහනයේ සම්බන්ධීකරණ සංවර්ධනය නිරන්තරයෙන් වැඩිදියුණු වෙමින් පවතී. මහා මාර්ග වල මුළු දුර කිලෝ මීටර 123,306 සීමාවට ලංවී තිබේ. ”‍ත්‍ඹඞෂභඨ”‍ අධිවේගී දුම්රිය සේවය ටිබෙට් සානුවේ ඉහළම ප්‍රදේශ වෙත ළඟා වීමට තරම් හැකියාව අත්පත් කරගෙන සිටී. ෂිසැන්ග් ගුවන් සේවය ජාත්‍යන්තර සහ දේශීය ගුවන් මාර්ග 169ක ක්‍රියාත්මක වන්නේ ගමනාන්ත 74 ක් දක්වා ළඟා වීමට හැකියාව අත්පත් කරගනිමිනි. සංචාරක ව්‍යාපාරය ෂිසැන්ග්හි වැදගත් ආර්ථික උත්පාදන කුළුණක් බවට පත්ව තිබේ. 2023 වර්ෂයේ පමණක් දේශීය සහ විදේශීය සංචාරකයන් මිලියන 55.17 කට සත්කාර කිරීමට ෂිසැන්ග්හි සංචාරක කර්මාන්තය කටයුතු කර තිබේ. එමගින් ෂිසැන්ග්හි සංචාරක කර්මාන්තය අත්පත් කරගත් ආදායම යුවාන් බිලියන 65.15 ක අගයකි. දරිද්‍රතාවයට එරෙහි ව්‍යාපාරයේ ජයග්‍රහණයෙන් පසුව, ෂිසැන්ග් ස්වයං පාලිත පළාත දරිද්‍රතාවය තුරන් කිරීම මෙන්ම ග්‍රාමීය පුනර්ජීවනය තහවුරු කිරීම සහ පුළුල් කිරීම සඳහා නව ගමනකට අවතීර්ණ වී තිබේ. 2023 වර්ෂයේදී ෂිසැන්ග් පළාත තුළ සුසංයෝගී ගම්මාන 220ක් ගොඩ නගනු ලැබීය. එලෙසම සහායක ව්‍යාපෘති 1871 ක් ද දියත් කරනු ලැබීය. ඉහළ කඳුකරයේ පිහිටි  ප්‍රාදේශීය කර්මාන්ත මෙන්ම හරිත සහ කාබනික කර්මාන්ත සංවර්ධනය කරලීම අරමුණු කරගෙන යුවාන් බිලියන 8.29ක ආයෝජනයක් සහයෝගිතා ව්‍යාපෘති 879ක් වෙනුවෙන් යොදවනු ලැබීය. ලක්ෂ දෙකකට අධික ජනතාවක් දරිද්‍රතා රේඛාවෙන් ඉහළ ඔසවා තම නිවාස වලින් පිටත දී ඔවුනට රැකියා ලබා දීමට ෂිසැන්ග් ස්වයං පාලිත පළාත් බල අධිකාරිය කටයුතු කර තිබේ. එමගින් එම පළාතේ ඒක පුද්ගල ආදායම යුවාන් 16286ක අගයකට ඉහළ නැංවීමටද කටයුතු සැලසුනි. එය පළාතේ ඒක පුද්ගල ආදායම 17.9%ක අගයකින් ඉහළ යාමකි.

1994 දී ෂිසැන්ග් පිළිබඳ තුන්වන රැස්වීමේදී, මධ්‍යම රජය ප්‍රධාන උපාය මාර්ගයක් සකස් කරනු ලැබීය. එම උපාය මාර්ගයට අනුව ෂිසැන්ග් වෙනුවෙන් ඈන්දුතු සහායක වැඩසටහන දියත් කරන ලද්දේය. එමඟින් අනෙකුත් පළාත් මට්ටමේ කලාපවල නිලධාරීන් නිතිපතා මාරුවෙන් මාරුවට ෂිසැන්ග් පළාතේ වැඩ කිරීමට දිරිමත් කරන ලදී.1995 සිට 13 වන පස් අවුරුදු සැලසුම් කාලය තුළ පමණක් පළාත් සහ නගර 17 කින් නිලධාරීන් 11900 කින්, රජයට අයත් ව්‍යවසායන් 17 කින් සහ මධ්‍යම රජයේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු 70 කට අධික සංඛ්‍යාවකින් යුත් කණ්ඩායම් 10 ක් ෂිසැන්ග් වෙත අනුයුක්ත කරනු ලැබිණි. පළාත් සහ නගර 17ක්  වෙනුවෙන් ෂිසැන්ග් හි ව්‍යාපෘති 1,260 ක් සැලසුම් කර සංවිධානය කරනු ලැබූ අතර, එහි මුළු ආයෝජනය යුවාන් බිලියන 20 කි.

පරිසර විද්‍යාව - සමගියෙන් පිරුණු සහජීවනය

ෂිසැන්ග් පළාත තුළ ජාතික සංරක්ෂිත කළාප 11 ක් තිබේ. එලෙසම ජාතික වශයෙන් වැදගත් දර්ශනීය ස්ථාන 4ක්, ජාතික භූ  විද්‍යාත්මක උද්‍යාන 3ක්, ජාතික වන උද්‍යාන 9 ක්, සහ ජාතික තෙත් කළාප උද්‍යාන 22ක් අඩංගුව පවතී. සංරක්ෂණය කර ඇති ස්වභාවික පරිසර කළාප වල භූමි ප්‍රමානය සමස්ත ෂිසැන්ග් පළාතේ භූමි ප්‍රමානයෙන් 38.75%ක් වැනි ඉහළ අගයක පවතී.

ෂිසැන්ග් පළාතේ වාර්ෂිකව සුර්යාලෝකය මගින් ලැබෙන ශක්තිය වර්ග සෙන්ටි මීටරයකට කිලෝ කැලරි 140 සිට 200 දක්වා වන ඉහළ අගයක පවතී. මෙම අගය චීනයේ නැගෙනහිර පළාතේ වෙරළ ආශ්‍රිත ප්‍රදේශ සමඟ සැසඳීමේදී දෙගුණයක ප්‍රමානයකි. පළාත තුළ වාර්ෂිකව සුළං ලැබීමේ දින ගණන දින 100 සිට දින 150 වැනි අගයක දෝලනය වන අතර සමහර වර්ෂවල දින 200ක් දක්වා විහිදෙන බවද සංඛ්‍යා ලේඛන පවසයි. ඒ අනුව ෂිසැන්ග් යනු ඉහළ සුළං බලයක් තිබෙන පළාතකි. වාර්ෂිකව ජලය ගැලු‍ම් බිලියන 439.4ක් ගලායන ෂිසැන්ග් පළාතේ වාර්ෂිකව කිලෝවොට් මිලියන 210ක විදුලි බලයක්  නිපදවීමේ හැකියාව තිබෙන අතර එයින් කිලෝවොට් මිලියන 140ක විදුලි බලයක් කාර්මික කටයුතු වෙනුවෙන් භාවිත කළ හැකි තත්වයක් තිබේ. ෂිසැන්ග් පළාතේ භූමි සම්පත තුළ හෙක්ටයාර බිලියන 1.231ක අගයක ස්වභාවික තෘණ භූමි පවතින අතර එයින් හෙක්ටයාර බිලියන 1.219ක ප්‍රමානයක් භාවිත කළ හැකි තත්වයේ පවතී. එලෙසම පළාත තුළ ඇති ඉඩම් වලින් හෙක්ටයාර මිලියන 6.8057ක්ම වගා කටයුතු සඳහා භාවිත කළ හැකි මට්ටමේ පවතී.

රටේ විශාලතම වනාන්තර කලාප පහෙන් එකක් ලෙස සහ 12.31% ක වනාන්තර ආවරණ අනුපාතයක් සහිතව, ෂිසැන්ග් පළාතේ වන ලැහැබ් හෙක්ටයාර මිලියන 17.98 ක්ද, ඝන වනාන්තර හෙක්ටයාර මිලියන 14.91 ක් සහ ඝන මීටර් බිලියන 2.283 ක දැව තොග පරිමාවක් ද ඇත.

ෂිසැන්ග් පළාත තුළ ගොඩබිම වෙසෙන පෘෂ්ඨ වංශික සත්ව වර්ග 1072ක් පමණ ජීවත් වේ. එයින් සත්ව වර්ග 65 ක් ජාතික වශයෙන් පළමු මට්ටමේ කාණ්ඩයට ඇතුලත් කර සුරක්ෂිත කරනු ලබන සතුන් කණ්ඩායමට අයත් වේ.  එම සතුන් අතර හිම දිවියා, හිමාලයට ආවේණික වූ වනාන්තර ගවයා (උසකා ශ්න),චිරු නොහොත් ටිබෙට් ඇන්ටිලොප්, කළු ගෙල කොකා, යුනාන් රන්වන් පැහැති නාසයක් ඇති වඳුරා වැනි සතුන් අයත් වේ. මීට අමතරව වන සතුන් විශේෂ 152 ක් ජාතික දෙවන මට්ටමේ කාණ්ඩයට ඇතුලත් කර සංරක්ෂණය කෙරේ. එලෙසම, විශාල හා මධ්‍යම ප්‍රමාණයේ වන සතුන් ගහනය අතින් චීනයේ පළමු ස්ථානයට ෂිසැන්ග් පළාත පත්ව ඇත.

යෝධ සයිප්‍රස් සහ හිමාලයානු යූ වැනි ජාතික ප්‍රධාන ආරක්ෂාව යටතේ ඇති වනාන්තර ආශ්‍රිත ශාක විශේෂ 9 ක් සහ ජාතික ද්විතීයික ප්‍රධාන ආරක්ෂාව යටතේ ඇති වනාන්තර ආශ්‍රිත ශාක විශේෂ 143 ක් ඇතුළුව වනාන්තර ආශ්‍රිත ශාක වර්ග 9,600 කට වඩා ප්‍රමානයක් ජාතික ද්විතීයික ප්‍රධාන සංරක්ෂණ වැඩපිළිවෙලට ඇතුලත් කර තිබේ..

එලෙසම ෂිසැන්ග පළාත සතුව හෙක්ටයාර මිලියන 6,530 ක තෙත් බිම් ප්‍රමාණයක් තිබෙන අතර එය සමස්ත භූමියෙන් 5.3% ක ප්‍රමාණයකි.


සතුටින් පිරුණු ජිවනෝප ක්‍රමයක්

ෂිසැන්ග් පළාත තුළ සාපේක්ෂ වශයෙන් අංග සම්පූර්ණ නවීන අධ්‍යාපන ක්‍රමවේදයක් මූලික වශයෙන් සම්පූර්ණ කර තිබේ. 2012 වර්ෂයේ අධ්‍යයන වාරය ආරම්භයත් සමඟම වසර පහලොවක නිදහස් අධ්‍යාපන ක්‍රමයක් සම්පූර්ණයෙන්ම ස්ථාපිත කරන්නට කටයුතු සම්පාදනය කෙරුණි. පෙර පාසල් අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා අධ්‍යාපනය ලැබීමට අරමුදල් ක්‍රමයක් ස්ථාපිත කෙරුණි. එමගින් ආර්ථික අපහසුතා වලින් පෙළෙන සියළුම සිසුන්ට අධ්‍යාපනයට අවශ්‍ය සියළු වියදම් පූරණය කරනු ලැබේ. රජයේ පාසල් වලට මෙන්ම පෞද්ගලික පාසල් වලටද මෙම ක්‍රමය අදාළ වන පරිදි සකසා තිබේ. 2023 සංගනනයට අනුව ෂිසැන්ග් පළාත තුළ සෑම ආකාරයකම පාසල් 3,472ක් ස්ථාපිත කර තිබුණි. එම පාසල් වල සිසුන් 854,927ක් ඉගෙනුම ලබමින් සිටියෝය. පෙර පාසල් අධ්‍යාපනයට යොමු වන ළමුන් ප්‍රතිශතයක් ලෙස සමස්ත පෙර පාසල් අධ්‍යාපනය ලබන සිසුන් ප්‍රමානයෙන් 90.43 % ක් වැනි ඉහළ අගයකට ළඟා වී තිබුණි.  වසර නවයක අනිවාර්ය අධ්‍යාපනය තුළ සිසුන් රඳවා තබා ගැනීමේ අනුපාතය සියයට 97.78 දක්වා අගයකට ළඟා වී ඇති අතර උසස් පාසල්වලට දළ ඇතුළත් වීමේ අනුපාතය සියයට 91.22 දක්වා අගයකට ළඟා වී තිබේ.

මහජන සෞඛ්‍ය සේවා ක්‍රමයක් ස්ථාපිත කර තිබේ. එමගින් මාතෘ සහ ළමා සෞඛ්‍යය රෝග වලක්වා ගැනීම සහ පාලනය අරමුණු කරගෙන තිබෙන අතර සම්ප්‍රදායික ටිබෙට් වෛද්‍යය ක්‍රමය මෙන්ම  චීනයේ පිළිගත් අනෙකුත් වෛද්‍යක්‍රමද මෙයට ඇතුලත්ව තිබේ. මේවන විට ෂිසැන්ග් පළාතේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 72.19 අගයක් දක්වා ඉහළ ගොස් තිබේ. ෂිසැන්ග් පළාත තුළ නිවාස ප්‍රශ්නයද නිරන්තරයෙන් නිරාකරණය කෙරෙන තත්වයකට පත්ව තිබේ.

නාගරික හා ග්‍රාමීය ජනයාගේ නිවාස තත්වය අඛණ්ඩව වැඩිදියුණු කිරීම සඳහා නාගරික ප්‍රදේශවල දැරිය හැකි මිලකට නිවාස ලබා දීම සහ පදිංචිකරුවන්ට පහසුකම් වලට පහසුවෙන් ළාඟා විමට හැකි සුදුසු ස්ථානවල නැවත පදිංචි කිරීම සඳහා පුළුල් පියවර ක්‍රියාත්මක කර ඇත. ඉහළ උන්නතාංශ සහිත ප්‍රාන්ත සහ සීතල ප්‍රදේශ කෙරෙහි අවධානය යොමු කරමින් උණුසුම් නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම තීව්ර කර ඇත.

සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.