පොල්තෙල් මිල ඉහළ යාමේ අවදානමක්..
පොල්තෙල් සහ පාම්ඔයිල් සඳහා පවතින විශේෂ බද්ද ඉවත් කිරීමට රජය ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාව හේතුවෙන් පොල්තෙල්වලට අහිතකර තෙල් වර්ග මිශ්‍ර කර වෙළෙඳපොළට පැමිණීමේ අවදානමක් ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
අද (29) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසා සිටියේ, දේශීය පොල්තෙල් මිල ඉහළ යාමේ අවදානමක් ද මින් මතුවන බවය.
ඔහු පෙන්වා දෙන්නේ එළෙඹෙන අප්‍රේල් 01 වැනිදා සිට වෙළෙඳපොළේ පොල්තෙල් මිල ඉහළ යා හැකි බවය.
එම තත්ත්වය හේතුවෙන් පාම්ඔයිල් සහ වෙනත් තෙල් වර්ග වෙළෙඳපොළේ වැඩි වශයෙන් සුලභ වීමේ අවදානමක් පවතින බවද ඔහු අනතුරු අඟවා සිටියේය.
වෛද්‍යවරුන්ගේ අදහස් අනුව ගැඹුරු තෙලේ ආහාර පිසීම සඳහා සුදුසු වන්නේ පොල්තෙල් පමණක් වන අතර, පාම්ඔයිල් සහ වෙනත් තෙල් වර්ග භාවිතය සෞඛ්‍ය අවදානම් වැඩි කරන බවද ඔහු පෙන්වා දුන්නේය.
තවද, පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනකරුවන් විසින් දේශීය වෙළෙඳපොළට අවශ්‍ය පොල්තෙල් නිෂ්පාදනය සඳහා තිබෙන පොල් විදේශ අපනයනයට යොමු කිරීම හේතුවෙන් මෙරට වෙළඳපොළේ පොල්තෙල් හිඟයක් ඇති වන බවත්, එමගින් පාරිභෝගිකයන් පාම්ඔයිල් සහ වෙනත් තෙල් වර්ග පරිභෝජනයට තල්ලු වීමක් සිදුවන බවත් රංජිත් විතානගේ මහතා වැඩිදුරටත් පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..