නියෝජ්‍ය මහ ලේකම් ඉවත් කිරීම පාර්ලිමේන්තුවට හංගලා - ලක්ෂ්මන් කිරිඇල්ල
පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරියෙකුට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් වන අවස්ථාවේදී ඒ නිලධාරියාට විරුද්ධව ඇති සාක්ෂි සම්පිණ්ඩනය කර ඒ පිළිබඳ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු වුවත් කතානායකවරයා මෙතනදී එම නීති සම්ප්‍රදාය කඩ කර ඇතැයි හිටපු සභානායක සහ හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා චෝදනා කළේය.
ඔහු මෙසේ පැවසුවේ සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදීය
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද පැවසීය
‘‘ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පාලනය වන නීති කෙටුම්පත් දෙකක් තිබෙනවා. පළමු වැන්න ස්ථාවර නියෝග. දෙවැන්න පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පනත. ඒ වගේම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ නියෝජ්‍ය මහලේකම්වරයෙකු ඉවත් කරන්න ක්‍රමවේදයක් නැහැ. ඒ වගේම නියෝජ්‍ය මහලේකම්වරයා ඉවත් කරන්න කතානායකවරයාට බලයකුත් නැහැ. නමුත් පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පනත යටතේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නීතිරිති සම්ප්‍රදායන් සහ පූර්වාදර්ශ පිළිගන්න ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව බැඳි සිටිනවා.
ඒ වගේම පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙකු ඉවත් කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නීති රිති තිබෙනවා. ඒ පිළිබදව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව බයිබලය වන Erskine May ග්‍රන්ථයේ සඳහන් වෙනවා. පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරියෙකු ඉවත් කරන්න ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝජග යටතේ බලතල නොමැති වීම හේතුවෙන් Erskine May තිබෙන පුර්වාදර්ශ සහ සම්ප්‍රදායන් පිළිගන්න සිදුවෙනවා.
ඒ වගේම පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරියෙකුට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවානම් මුලින්ම ඒ නිලධාරියාට විරුද්ධව තිබෙන සාක්ෂි සම්පින්ඩනය කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. එය කතානායකවරයාගේ වගකිමක්. කෙසේ නමුත් එය සිද්ධවෙලා නැහැ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..