ආර්ථික ඝාතන නඩුවේ චූදිතයින්ගේ නීතිඥයින් කල්‍යානන්ද තිරාණගමගෙන් ටියුෂන් ගත යුතුද?
ජාතික සංවිධාන එකමුතුව විසින් දෙසැම්බර් 12 දින ජාතික පුස්තකාල හා ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී පවත්වනු ලැබූ 'අර්බුදයේ සැබෑ පීතෘවරු කවුද?' අධිකරණ තීන්දුවෙන් ඔබ්බට' විද්වත් කථිකාවේදී මතුවූ පැණයකට පිළිතුරු දෙමින් නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසා සිටියේ මහින්ද ඇතුලු චූදිතයින් ලැබූ තීන්දුවට එරෙහිව උපරිමාධිකරණයේ විනිසුරුවරුන් 16 දෙනෙක්ගෙන් සංයුක්ත මණ්ඩලයට එම විනිශ්චය විභාග කිරීම සඳහා ඉදිරිපත් කළ යුතු බවයි.
මේ බව රාජපක්ෂවරු හා කබ්‍රාල් ආදී චූදිතයින් වෙනුවෙන් ඉදිරිපත්වූ උගත් නීතිඥවරුන් නොදන්නේද? නොඑසේනම් හතරයි එකට බෙදුනු තීන්දුවේ එක විනිසුරුවරයා දුන් තීන්දුවෙන් චූදිතයින් සෑහීමට පත්වී මුසපත්ව සිටීද? නොඑසේනම් ඳඬුවම් බාරගැනීම වික්ටෝරියා නූලන්ඩ්ගේ කතාවේ තවත් පිටුවක්ද? නොඑසේනම් ගෙවීමට නියමිත වන්දි මුදල නැවත නඩුකීමට වැය වන නීතිඥ ගාස්තු සමග සැසඳීමේදී සොච්චමක්ද? එසේ සිතන්නේනම් රාජපක්ෂවරු හා කබ්‍රාල් ආදීන් ඔවුන්ගේ ආත්මාභිමානය හා ආත්මගරුත්වය පිළිබඳ සැළකිලිමත් නොවන්නේද? නොඑසේනම් නීතිඥ තිරාණගම යෝජනාකළ මණ්ඩලයෙනුත් මෙම තීන්දුවම ලැබෙන්නේ යැයි රාජපක්ෂවරුන් හා කබ්‍රාල් ආදීන් පුරෝකථනය කර ඇත්ද? නොඑසේනම්, IMF නොයා, වැට් ආදී බදු අඩුකළ අපහට ඳඬුවම් කරන තොප හා එයින් උද්දාම වන තොප සියළු දෙනා හට නොදුරේදීම IMF යෑමේ ප්‍රතිවිපාක සහ බදු වැඩිවීමේ විපාක විඳීමට සිදුවේ යන සිතුවිල්ලේ පසුවෙන බැවින්ද?
මෙම තීන්දුව මත පිහිටා නිශ්චිත කාල වකවානු සහිතව මෙවන් මූලික අයිතිවාසිකම් කඩවීමේ පෙත්සම් ඉදිරියේදී ඇතිවිය හැකි බව දැනගෙන කටයුතු කිරීම මැනවි. එසේනම් IMF යෑම නිසා අධික බදු බරක් පැනවීමේ හේතුවෙන් ජීවන බර දරාගැනීමට නොහැකි වීම යන කාරණය මත ලබන ජනවාරි මාසයේ සිට මාසයක කාලයක් තුලදී අදාල වගඋත්තර කරුවන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පවරන්නේද? මෙහිදීත් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ජනාධිපති මුක්තිය ලැබෙන බැවින් ඉන්ද ඔහුට ගැලවීගත හැකිවෙනු ඇත. කෙසේවුවද නඩු පැවරිම සඳහා නඩු කටයුතු බාරදිය යුත්තේ ඒ පිළිබඳව හසල දැනුමැති පසුගිය නඩුවේ පැමිණිලිකරුවන් වෙනුවෙන් ඉදිරිපත්වුන නීතිඥයින් හා එම සමාගම් වලට විය යුතුයි.
කෙසේ වුවද, නීතිය ක්‍රියාත්මක කිරීමේදී සමස්තය සළකා තීන්දු කිරීමට අසමත් නීති පද්ධතියක් වේනම් ඒ පිළිබඳව වහා අවධානය යොමුකළ යුතුවේ. නොඑසේනම් IMF ගොස් රටේ සම්පත් විකුණා බදු වැඩිකිරීමෙන් ජනතාවට සිදුවන්නාවූ හිරිහැර හේතුවෙන් දින කිහිපයක වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට නොහැකි වීමෙන් සහ සහනාධාර මිළට තෙල් ගෑස් ආදිය ලබා ගැනීමට නොහැකි වීමෙන් සුඛාපභෝගී පන්තියේ කිහිප දෙනෙකුට සිදුවූ අපහසුවට ගෙවූ පාඩුවට වඩා බොහෝ වැඩි පාඩුවක් IMF යෑමට සහ බදු වැඩිකිරීමට එකඟවූ සැමට ගෙවීමට සිදුවෙනු ඇත. අලුත් සොරොව්වක් ඇර ඇති බැවින් ඉන් ප්‍රයෝජන ගැනීමට සමස්ථ දුක්විඳින ජනතාව වෙනුවෙන් යමෙක් ඉදිරිපත් වේදැයි බලා හිඳිමු.
- යසස් ධර්මදාස -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්