බාල ගල් අඟුරු කලිනුත් ගෙනැත් තියෙනවා.. - ඇමති නලින්ද
ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ගෙන්වීම හේතුවෙන් රජයට පාඩුවක් සිදුව ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින්, ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු සම්බන්ධයෙන් දඩ මුදල් අයකිරීමේ ස්ථාපිත ක්‍රමවේදයක් පවතින බවත් එම ක්‍රියාවලිය දැනටමත් ක්‍රියාත්මක වන බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
මෑතකදී ආනයනය කරන ලද ගල්අඟුරු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා එල්ල කළ චෝදනාවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
ගල්අඟුරු සමාගමෙන් අය කර ගන්නා වන්දි මුදලට වඩා වැඩි පාඩුවක් රජයට සිදුව ඇති බවත්, මේ හේතුවෙන් දිනකට ගිගාවොට් පැය 2.6ක විදුලි ප්‍රමාණයක් අහිමි වන බවටත් රණවක මහතා චෝදනා කර තිබුණි.
ගල්අඟුරු ප්‍රමිතිය පරීක්ෂා කිරීමේදී අනුගමනය කරන ක්‍රමවේදය පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය. සාමාන්‍යයෙන් සම්මත ප්‍රමිතිය කිලෝ කැලරි 6150කට වඩා වැඩි විය යුතු අතර, ගල්අඟුරු පටවන වරායේදී සිදුකරන පරීක්ෂණ වාර්තාව එම ප්‍රමිතියට වඩා අඩු නම් එම ගල්අඟුරු කිසිසේත්ම භාර නොගන්නා බව ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, ලංකාවට ගොඩබෑ පසු සිදුකරන පරීක්ෂණවලදී ප්‍රමිතිය අඩුවුවහොත් කිලෝ කැලරි 5900ට වඩා අඩු නම් දඩය දෙගුණයක් කිලෝ කැලරි 5900ත් 6150ත් අතර නම් එක් වතාවක දඩයක් කිලෝ කැලරි 6150ට වඩා වැඩි නම් එය ප්‍රමිතියට අනුකූල සේ සලකා භාර ගන්නා බවත් ඔහු පැවසීය.
මෑතකදී ආනයනය කළ ගල්අඟුරු පළමු තොගය (මෙට්‍රික් ටොන් 60,000)කිලෝ කැලරි ප්‍රමාණය 5520ක් වූ බැවින් දෙගුණයක දඩයක් අය කිරීමට පියවර ගෙන ඇති බවත් දෙවන තොගය කිලෝ කැලරි ප්‍රමාණය 6017ක් වූ අතර එය අදාළ පරාසය තුළ පවතින බැවින් භාරගෙන ඇති බවත් තෙවන සහ සිව්වන තොග සාම්පල පරීක්ෂණ සඳහා යවා ඇති අතර ඒවායේ වාර්තා මත පදනම්ව තීරණ ගනු ලබන බවත් ඒ මහතා සදහන් කලේය.
මෙය අලුත් තත්ත්වයක් නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මීට පෙර වසරවලදීද ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු වෙනුවෙන් විශාල වශයෙන් දඩ මුදල් අය කර ඇති බව පෙන්වා දුන්නේය.
යම් හෙයකින් අදාළ ගල්අඟුරු භාවිතයට නුසුදුසු මට්ටමේ පවතී නම් ඒවා ඉවත් කිරීමට පියවර ගන්නා බවත්, වත්මන් දඩ මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවට යමෙකු තර්ක කරන්නේ නම් ඒ පිළිබඳව වෙනම සාකච්ඡා කළ හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..