මනස හදන පනතත් මනෝවිකාරයක් වෙයි.. මානසික රෝගීන්ගෙන් බන්ධනාගාර පිරීයාමේ අවදානමක්..
වසර විස්සක කාලයක සිට මානසික සෞඛ්‍ය පනත වෙනස් කිරීමට උත්සාහ කරමින් සිටින බව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම මහතා පවසයි.
ලබන තිස් වැනිදාට මානසික සෞඛ්‍ය විද්‍යායතනයට වසර 100ක් පිරීමට සමගාමීව ඊයේ(26) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
මානසික රෝගීන්ගේ මුලික අයිතිවාසිකම් සහ මානව අයිතිවාසිකම් පිළිබඳව කටයුතු කිරීමේදී පවතින නිති යල් පැන ගොස් තිබීම සහ ඇතැම් මානසික රෝගීන් සමන්ධව කටයුතු කිරීමේදී පවතින නීති මේ වන විට ප්‍රමාණවත් නොමැති බව අනාවරණය වෙයි.
එසේම මානසික රෝගීන් සම්බන්ධව කටයුතු කිරීමේදී අපරාධ සහ මානසික රෝග සම්බන්ධව සහ මත්ද්‍රව්‍ය සහ මානසික රෝග සම්බන්ධව සබඳතා ඇති බවත් එවැනි ආකාරයේ ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී නව නීතිවල අවශ්‍යතාවක් ඇති බවත් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂවරයා මෙහිදී සඳහන් කළේය.
මෙම තත්ත්වයන් මගහරවා ගැනීම සඳහා ජාතික මානසික සෞඛ්‍ය පනත සංශෝධනය විය යුතු බවත් එ නිසා නුදුරේදීම මානසික සෞඛ්‍ය පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද ඔහු මෙහිදී සඳහන් කළේය.
ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට සිදු කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.
එසේම මනෝවිශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බවත් ඔවුන් රට හැර ගොස් සිටීම මෙයට හේතුවක් වී ඇති බවත් මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය විය.
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අධිකරණ මනෝ විශේෂඥ වෛද්‍ය තාරක ප්‍රනාන්දු මහතා කියා සිටියේ පසුගිය වසර දහයක කාලයක් තුළ නව යොවුන් තරුණයන් අපරාධ කිරීමට පෙළඹීමේ සම්භාවිතාව ඉහළ ගොස් ඇති බවය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..