බාල ගල්අඟුරු නිසා දිනකට රු. මිලියන 75ක පාඩුවක්.. නොරොච්චෝලෙ සහ ඉන්දියා සමාගම දුන් වාර්තා මැති සබයට දෙන්න - සංජීව ධම්මික
ආණ්ඩුව විසින් ගෙන ආ බාල ගල් අඟුරු හේතුවෙන් දිනකට රුපියල් මිලියන 75ක පමණ පාඩුවක් සිදුවන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා පැවසීය. කොළඹදී ඊයේ (26දා) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීවේය.
"ආන්දෝලනාත්මක ගල් අඟුරු නැව් තුනක් ආවා. ඒ අනුව, ජනවාරි 2 සිට 9 දක්වා කාලය තුළ පළමු ගල් අඟුරු නෞකාවෙන් ලබාගත් ගල් අඟුරු පරීක්ෂා කිරීමේදී, නොරොච්චෝලෙ ජනන යන්ත්‍ර එකකින් මෙගාවොට් 15ක නිෂ්පාදන ධාරිතාවක් අහිමි වී ඇති බව තහවුරු වුණා. ජනන යන්ත්‍ර තුනම එකතුවෙන් මෙගාවොට් 45ක බලශක්තිය ඒ අනුව අහිමි වෙනවා.
දෙවන ගල් අඟුරු නෞකාව සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පැහැදිලි තොරතුරක් නෑ. ඒ පිළිබඳව වගකිවයුතු පාර්ශ්ව කිසිවකු නිශ්චිතවම කතා කරන්නෙත් නෑ.
තෙවන නෞකාවෙ ගල් අඟුරු ගිය මස 20 වැනි දින රාත්‍රියේ සිට 22 වැනි දින උදෑසන දක්වා දින එකහමාරක් තුළ නොරොච්චෝලෙ බලාගාරය පාවිච්චි කළා. එමගින් ජනනය විය යුතු මෙගාවොට් ප්‍රමාණයට වඩා මෙගාවොට් 100කට ආසන්න අඩුවක් පෙන්නුම් කළා.
එම අඩුව පිරවීමට ඩීසල් භාවිතයෙන් විදුලිය ජනනය කිරීමට සිදුවීම හේතුවෙන් ඒ දවසේ රුපියල් මිලියන 75ක අමතර වියදමක් දරා තිබෙනවා. මෙය සෘජුවම විදුලි පාරිභෝගිකයා මත පටවන පාඩුවක්. මේ බාල ගල් අඟුරු වෙනුවෙන් වන්දි ලැබෙන බව ආණ්ඩුව කිව්වට, පාරිසරික හානියට වන්දි ගෙවන්නේ කවුරුන්ද. මේ වන පරිසර හානියට නොරොච්චෝලේ අවට ජනතාවට වහාම වන්දි ගෙවිය යුතුයි.
බොයිලේරුව හරහා පරිසරයට මුදාහැරෙන අළු ප්‍රමාණය හේතුවෙන්, ඉදිරියේදී වැසි සහිත කාලගුණ තත්ත්වයන් සමඟ ජනතාවට සෞඛ්‍ය ගැටලු මතුවිය හැකියි. ගහ කොළට ද දැඩි හානි සිදුවිය හැකියි.
නියමිත ලෙස ගල් අඟුරුවල අළු අන්තර්ගතය සියයට 11ක් විය යුතුයි. එය සියයට 16 ඉක්මවන්නේ නම් එම ගල් අඟුරු ප්‍රතික්ෂේප කළ යුතුයි. මේ ගෙනාපු ගල් අඟුරුවල අළු අන්තර්ගතය සීයයට විසිඑකකට ආසන්නයි. එහෙනම් මේවා ප්‍රතික්ෂේප නොකළේ ඇයි.
මෙම සිද්ධියෙන් පැහැදිලි වන්නේ ආණ්ඩුව ජනතාව හා විදුලි පාරිභෝගිකයා ආරක්ෂා කිරීම නොව, අදාළ සමාගම ආරක්ෂා කිරීම සඳහා ක්‍රියා කරමින් සිටින බවයි.
මේ ගල් අඟුරුවල ප්‍රමිතිය සොයා බැලූ නොරොච්චෝලෙ බලාගාරයේ වාර්තාවත්, ඉන්දියාවෙන් ලබාගත් පරීක්ෂණ වාර්තාවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජනතාවට ප්‍රසිද්ධ කළ යුතුයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම වහාම පරීක්ෂණයක් ආරම්භ කළ යුතුයි."
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..