රෝගී සත්කාර බිඳවැටීමට හේතුව සෞඛ්‍ය අමාත්‍යංශය සිය රාජකාරිය නිසිලෙස ඉටු නොකිරීමයි - GMOA චෝදනා කරයි..
සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පෙර පැවති සාකච්ඡාවලදී සිය යෝජනා සමග ඔහු ලිඛිතව එකඟ වූ බවත් නමුත් පොරොන්දු වූ පරිදි එය ක්‍රියාත්මක කිරීමට අපොසත්වීම නිසා මෙසේ වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹීමට සිදු වූ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් රෝගී සත්කාර සේවා බිඳ වැටෙන්නේ නම් ඊට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යවරයා වන බවය.
ඔවුන් සිය රාජකාරී නිසි ලෙස ඉටු කළේ නම් තමාට මෙසේ වෘත්තීය ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද ඒ මහතා මෙහිදී කියා සිටියේය.
වෛද්‍ය වෘත්තිය, සුවිශේෂී වූ සේවා කාණ්ඩයක් ලෙස විශේෂඥ වෛද්‍යවරු, ශ්‍රේණි වෛද්‍යවරු, පරිපාලන ක්ෂේත්‍රයේ වෛද්‍යවරු හඳුනා ගැනීමට සහ ඔවුන්ට සුවිශේෂී වූ වැටුප් ව්‍යුහයක් හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පොරොන්දු වූ බවත් එය පාර්ලිමේන්තුවේ අයවැය කතාවේදී සඳහන් කරමින් හැන්සාඩ් ගත කර තිබුණද මේ වන තෙක් ඊට කැබිනට් අනුමැතිය ලබා දී නොමැති බවත් එහිදී ඔහු වැඩිදුරටත් පැවසීය.
වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ ඩැට් දීමනාව යාවත්කාලීන කිරීම, අමතර රාජකාරී දීමනාව ස්ථාවර දීමනාවක් බවට පත් කර එය වැටුපට එකතු කිරීම යනා දී යෝජනා සම්බන්ධයෙන් ජනවාරි 5වනදාට පෙර භාණ්ඩාගාර නිලධාරීන් සමග සාකච්ඡාවක් ලබා දීමට පොරොන්දු වුවද එයට ද මේ වන තෙක් සාධනීය පිළිතුරු ලැබී නොමැති බවය.
දින දෙකක් පුරා පැවති සංකේත වැඩ වර්ජනය සඳහා ද නිසි ප්‍රතිචාරයක් නොලැබීම නිසා මෙසේ සිය සංගමය ක්‍රියාමාර්ග 05ක් ඔස්සේ වෘත්තීය ක්‍රියාමාර්ගයට යාමට තීරණය කළ බවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේය.
කෙසේ වෙතත් වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ග හරහා හදිසි රෝගීන්ට ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇති නොවන අතර සිය සංගමය රෝගී ජීවිත අනතුරේ හෙළීමක් සිදු නොකරන බවය.
අදාළ ක්‍රියාමාර්ග 05 පහතින්,
01.සායන හා බාහිර රෝගී ප්‍රතිකාර ඒකක තුළ නොමැති ඖෂධ පිටත ඔසුසැල්වලින් මිලදී ගැනීමට තුන්ඩු නිකුත් නොකිරීම.
02. රෝහල් පද්ධතිය තුළ නැති රසායනාගාර පරීක්ෂණ, පිටත රසායනාගාරවලින් හා පිටත පෞද්ගලික රෝහල්වලින් සිදු කර ගැනීමට තුණ්ඩු නැත්නම් නිර්දේශ නිකුත් නොකිරීම.
03. දැනට අනුමත වෛද්‍යවරු සංඛ්‍යාව සැපයීමට නොහැකි නම් සහ අනුමත වෛද්‍යවරු සංඛ්‍යාවක් අනුමත කරගෙන නොමැති නම් රෝහල් පද්ධතිය තුළ නව ඒකක ආරම්භ කිරීමට අවස්ථාව ලබා නොදීම.
04. සමහර අවස්ථාවන්වල දේශපාලනික වුවමනාවට හා දේශපාලනික අවශ්‍යතාවයන් මත පවත්වන යම් යම් සායන සහ සෞඛ්‍ය කඳවුරුවලට සහයෝගය නොදැක්වීම.
05. යම් රෝහලක, සායනයක සහ බාහිර ප්‍රතිකාර ඒකකවල රෝගියා පරීක්ෂා කිරීමේදී වෛද්‍යවරයාට සහයට, සහයක නිලධාරියෙක් ලබා නොදෙන්නේ නම් වෛද්‍යවරු ඒ ස්ථානවල රාජකාරීවලින් ඉවත් වීම.
- අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..